Chapter 19

800 109 55
                                        

Chapter 19

එතැන් සිට පැල්පතේ වූ නිදහස පළා ගියාක් මෙන් උනි. ශියාඕ  ලෙයි ආචින් සමගද සන්නාලි තරුණිය සමගද ඔවුන් කිසිවෙකුත් නොමැති නම් තනිවම ද හෝ වෙයි සහ වංජිගේ නිවසට දිනපතා රිංගාගනුයේ ... වෙයිගේ නොරිස්සුම් සහ වංජිගේ නොසැලකීම් ගණනකට හෝ නොගනිමිනි.

එතැනින් නොනැවතෙන ඇය ආචින් සහ සන්නාලි තරුණිය මෙන් ඔවුනට උදව් කිරීම කෙසේ වෙතත් නිවස සැමතැනකම ඇවිද යයි.

" මහ පුදුමයක් නේද ඉතින් පිරිමි කෙනෙක්ත් ගැබ් ගන්න පුළුවන් කියන්නෙ ... පියාණන් කියන විටත් මා පුදුම වූවා ...

පියාණන් තමයි කිව්වෙ දාඕචන්ලගේ මොකක් හරි මායාකර්මයක් වෙන්න ඇති කියලා "

යැයි පවසමින් ... කටේ දිවේ නොගෑවෙන ලෙස වැන්ග්ශියෑන් යුවළගේ පුද්ගලික ජීවිතයට ඇගිලි ගසයි .

මාස හය පමණ සම්පූර්ණ වන විට , වෙයිට සහ වංජිට ඔවුන්ගේ පැල්පත තුළ නිදහසේ ඔවුන් දෙදෙනාටමට අයත් මොහොතක් හෝ ගත කිරීමට ඉඩ නොදෙමින් ... ලෙයි තරුණිය කුමක් හෝ ආහාරයක් පිළියෙළ කරගෙන ම උදෑසනම වැන්ග්ශියෑන් යුවළගේ නිවාසට පැමිණෙයි . පසුව කූඩැල්ලියක මෙන් මුළු දවසම ඔවුන්ගේ නිවසේ ඇලී ගැලී වාසය කරන ඇය ... රාත්‍රීයේ පිටව යනුයේ ද වෙයි නින්දට ගිය පසුව ය.

ආචින් සහ සන්නාලි තරුණිය ඔවුනට හැකි උපරිමෙන් ලෙයි ට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ දැරුවද ,

" පිරිමි දෙන්නෙක් මොනවා කියලා දන්නවද දරු උපත් ගැන  ... අපි කාන්තාවො තමයි මේ වෙලාවෙදී ඒ දෙපළට උදව් උපකාර කරන්නට ඕන "

යැයි අහිංසකව තෙපළන ඇය ... ඇයගේ ක්‍රියාවලිය නම් කිසිලෙසකින් හෝ වෙනස් කිරීමට නම් බිදකුදු උත්සාහ නොකරයි.

ආචින් සහ සන්නාලි තරුණියට ඔවුන්ගේ ම පුද්ගලික වැඩ රාජකාරී ද බොහොමයක් තිබූ බැවින් ... ඔවුන්ට මේ ගැටලුව පිළිබද එතරම් අවධානය යොමු කිරීම සදහා ද කාලයක් නොලැබුනි. අනික් අතට ලෙයි තරුණියට නම් තම නිවසේ අතට පයට වැඩකාරියන් සිටි බැවින්, ඇය විසින් කිරීමට විශේෂිත පුද්ගලික රාජකාරි නොතිබූ නිසා ... වැන්ග්ශියෑන් යුවළට ඇණයක් වීමට ඇයට නම් කිසිදු බාධාවක් නොතිබුනි .

Gorgeous Days ( Completed )Where stories live. Discover now