Chapter 13

738 111 34
                                        

වෙයි අවධි වූයෙ ඔවුන්ගේ කුටියේ දොරටුව මත වූ මෘදු තට්ටු කිරීමකිනි.

" හන් ගුආ ජුන් , මාස්ටර් වෙයි ... ජියැන්ග් ප්‍රධානීතුමා ඔබ දෙපළව ප්‍රධාන ශාලාවේ පණිවිඩයක් සහිතව බලාපොරොත්තුවෙන් පසුවන බව දන්වන්න යැයි දැන්වූවා "

තට්ටු කිරීමට ප්‍රතිචාරයක් ලෙස වංජි විසින් දොර හැරි පසු , පිටතට සිටි යුන්මෙන් සිසුවෙක් ගරු බුහුමන් සහිතව අදාළ පණිවිඩය පවසා පිටව ගියේ ... වංජි සහ වෙයි මොහොතකට එකිනෙකා දෙස බලාගනිද්දියි .

ඉක්මණින් ස්නානය කර ඇද පැළදගත් වැන්ග්ශියෑන් දෙපළ ප්‍රධාන ශාලාවට යන විටත් , එහි ජියැන්ග් චෙන්ග් ගේ හඩට අමතරව තවත් හුරුපුරුදු හඩක් ශ්‍රවණය වූයේ , දෙදෙනාගේ දෙපා ශාලාව වෙත ඉක්මන් කරවමිනි.

" අයියණඩි "

කුතුහලයත් විස්මයත් එකට කැටි වූ හඩින් වංජී විමසද්දි ... මෙතෙක් ජියැන්ග් චෙන්ග් සමග අසුන්ගෙන  සාකච්ඡාවේ යෙදී උන් ලන් සිචෙන් ... වහා තම අසුනින් නැගිට වංජි වෙත ඇවිද එන අතරම  ...

" මා දාර්‍යා ග්‍රාමයටත් ගියා ... ඔබේ නිවස බලා ගැනීමට තබා ආ දැරිය තමයි මට පැවසුවේ ඔබලා යුන්මෙන් ආ බව ... "

යැයි පවසද්දී ... වංජි සහ වෙයි දෙදෙනම එක්වරම නැවී ගුසු ලාන් නිකායේ වත්මන් නායකයාට හිස නවා ආචාර කළෙ ඔහුව පිළිගනිමින් ...

ඉක්මණින් පෙරළා ආචාර දැක් වූ සිචෙන් ... වහා වංජි අසලට ළං ව...

" මද බැරෑරුම් කරුණක් ... මාමාණ්ඩි අසනීපෙන් ... ඔහු ඔබව සොයනවා ... මා හැකිතරම් උත්සාහ කළේ ඔබට බාධා නොකර මාමාණ්ඩිව සුව කරගන්න ... මොකද ඔබ විවාහ වෙලා තවම සතියක් නිසා ... නමුත් වංජි , එන්න එන්න ම මාමාණ්ඩිගෙ තත්ත්වය නරක අතට හැරෙනවා ...

ඉතින් ඔබව සොයා එනවා හැරෙන්න මට වෙනත් විකල්පයක් නොමැති වුණා ... "

ලන් සිචෙන් ගේ පණිවිඩය ...ලන් වංජිව බොහෝ අසරණ කර ඇති බව ... ඔහුගේ දෑස්වල ලියවූ භාවයන් අර්ථ දැක්වුවද ... තවමත් ඔහු මුහුණින් කිසිදු හැගීමක් ප්‍රකාශ නොකරමින් ම බලා සිටියේ ය .

නමුත් එක්වරම ඔහුගෙ අතෙ වැලමිට අසලින් දැනුනු උණුහුම් සංවේදනය ... වංජි ව  මදක් තිගස්සවා ... ඒ හස්තයේ හිමිකරු වෙත තම හිස හැරවීමට ඔහුව පෙළඹීය.     

Gorgeous Days ( Completed )Where stories live. Discover now