Chapter 18

748 99 37
                                        

" ලන් චාන් ලන් චාන් ... ඉක්මණින් එන්නකෝ "

වංජි උන්නේ නිවස ඇමදීමේ යෙදීය . එය දැන් පැල්පත ලෙස නොව නිවස ලෙස ඔවුන්  හදුන්වන්නට පටන්ගෙන ඇත්තේ ,  එය දැන් නිවසක් වීමට ආසන්න බැවිනි.

ගත වනුයේ සිව්වැනි මාසයයි. සයනය මත දිගැදී තම උදරය මත දෑත් තබා උන් වෙයි එක්වරම කෑසන්නට වූයේ ... නිවස අතුගාමින් උන් වංජි , කොස්සද බිම දමා වේගයෙන් වෙයි වෙත දිව යද්දී ය.

" කුමක්ද ඔබට අපහසුද ?"

වංජි බියෙන් අසයි . නමුදු ඔහු දෙස බලා සිනාසුනු වෙයි , සීරුවෙන් නැවී වංජිගේ අතක් තම අතින් ගෙන , එය තම උදරය මත තැබී ය .

" වෙයි !!! "

වංජිගේ දෑස් විස්මයෙන් විසල් උනේ ය. වෙයිගේ විසල් ව ඇති උදරය තුළින් ඔහුට දැනුනේ සෙලවීමකි.

" අපේ දරුවා ... පියාණන් හදුනගෙන "

වෙයි සතුට නිසා ඉනූ කදුළු පිරී දිලිසෙන දෑසින් වංජි දෙස බලා පවසන්නට උනේ ය.

වංජි ගේ මුහුණ විස්මයේ සිට  දරාගත නොහැකි ප්‍රීතිමත් හැගීම් ගොන්නකින් පිරී යන්නට උනේ වෙයි බලා සිටිද්දීම ය.

" අපේ දරුවා ... !"

වංජිගේ හඩ වෙව්ලන්නට වුනි.

එහෙම්මම වෙයි අසලින් දණ ගසාගත් ඔහු , සෙමින් නැවී වෙයි ගේ උදරය මත ආදරය පිරී ඉතිරුනු සිපුමක් පතිත කළේ ... ඔහුගේ දෑස්වලින් වෑහුනු උණු කදුළු වැල් වෙයිගේ උදරය මත පතිත වෙද්දීම ය.

" ලන් චාන් ... දරුවට කතා කරන්න ... එයා අහගෙනයි ඇත්තේ "

වෙයි වංජිගේ හිස ආදරයෙන් පිරිමදිමින් ම සතුටු කදුළු අතරින් තෙපළයි .

වංජි මොහොතකට හිස ඔසවා වෙයිගේ දෑස් දෙස බැලී ය. පසුව සෙමින් ඔහුගේ හිස නැවතත් වෙයි ගේ උදරය වෙත හැරවූ ඔහු ,

" දරුවෝ ... ඔබේ පියාණන් ඔබේ පපා හා එක්ව ඔබ එනතුරු දින ගනිමින් රැදී සිටිනව ... ඔබ වෙනුවෙන් ආරක්ෂිත ලොවක් තැනීමට මම වගේම පපාත් අපට හැකි පමණින් වෙහෙසෙනවා ...

මගේ දරුවෝ ... ඔබ වාසනාවන්ත බව අමතක කරන්න එපා ... මොකද ඔබට හිමි වන්නට යන්නේ මේ ලෝකයේ කෙනෙකුට ලැබෙන්න පුළුවන් හොදම දෙමව්පියන් යුවළ බවට මා ඔබට පොරොන්දු වෙන්නම් ...

Gorgeous Days ( Completed )Where stories live. Discover now