පුංචි ඇපල් මත රැදුනු තාවකාලික අසුනකි. දිනෙන් දින ඉහළ යන වෙයිගෙ කොන්දෙ අමාරුව හේතුකොටගෙන , දාර්යා ග්රාමයට යන ගමනේදී ඔහුට පහසු වනු පිණිස එම අසුන වංජි විසින් නිකායේ කිහිපදෙනෙකුගේද උදව් ඇතිව සාදන ලද්දේ ... පිට තබාගෙන යාම සදහා ආධාරකයක්ද සහිත වන ලෙස ය.
අවසන මාස තුනක් සම්පූර්ණ වීමත් සමග වැන්ග්ශියෑන් යුවළට යළි තම නිවස බලා යාමට කාලය උදාවී තිබුනි.
ගිම්හානය ඇරඹී ඇත. පරිසරයේ උණුසුම ඉහළ යමින් පවතී . දහවල වෙනදාට වඩා දිගු වී ඇත . වසන්තයෙ පිපි මල් ගොමු ... හිරු කිරණ හමුවෙ වඩා සරුව වැඩෙන්නට ගෙන ය. ඵල දරන රුක් ... තම පුශ්පයන් ඵල බවට පත් කරමින් හිදී.
වෙයි කාල වර්ණ වස්ත්රයෙන් සැරසි ... අව්වෙන් ආවරණය වනු පිනිස විශාල බටපතුරු හිස්වැස්මක් පැළද උන්නේ ය. වංජි සුපිරුදු ලෙස ළානිල් පැහැ වස්ත්රයකින් සැරසී ය.
චෙන්ග් ගේ සහ වංජිගෙ උදව් ඇතිව වෙයි පුංචි ඇපල් මතට නැග ගත්තේ ... තම උදරය මත අත තබාගෙන එහි ආරක්ෂාව තහවුරු කරමිනි.
" විශ්වාසයයි නේද ගැටළුවක් නොවේවි කියා "
චෙන්ග් අවසන් තත්පරයේ පවා කනස්සලු හඩින් ඇසුවේ ය.
" බිය වන්න එපා චෙන්ග් ... දන්නවනේ මං කවුද කියලා "
වෙයි සැහැල්ලුවෙන් සිනාසෙමි ම පවසද්දී ,
" ඒකම තමයි මට තියන බිය "
යැයි මිමිණූ චෙන්ග් ,
" හරි එහෙනම් ... තවත් පමා නොවේ පිටත්වෙන්න ... සුබ ගමන් "
යැයි පවසා ... වෙයිට සහ වංජිට ආචාර කළේ ය.
වැන්ග්ශියෑන් දෙපළ ද පෙරළා චෙන්ග්ට ආචාර කර ... තම ගමන ආරම්භ කළහ.
.
.
.
" ලන් චාන් ඔබට හිතෙන්න නැද්ද ... මා යුන්මෙන් වලදී ම ගැබ් ගත්ත එක සුබ ලකුණක් කියලා "
යන අතරමග වෙයි තම උද්යෝගිමත් හඩ විවර කර තිබුනි.
" අනිවාර්යයෙන් ම "
වංජි හිස වනා ඔහුට එකග විය.
" අපේ දරුවා වාසනාවන්තයි !"
YOU ARE READING
Gorgeous Days ( Completed )
Fanfictionආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...
