Chapter 20

1.2K 135 80
                                        

Chapter 20 ( Last chapter ✨ )

කොන්ද දෙසින් එන වේදනාව යටිබඩ දක්වා පැතිර ගියේ ගින්නටත් වඩා වේගයෙනි. කෑගසා ඵලක් නැත. කෑගැසීමෙන් සිදුවන්නේ දුම පෙණහලු දක්වා ඉක්මණින් ගමන් කොට ඉතිරිව ඇති  පිරිසිදු වාතය පවා අපතේ යාමකි. හඩාදොඩා වැළපෙමින් දුර්වල වීමට කල් නොමැත. තමා වෙනුවෙන් වංජි වෙනුවෙන් සහ ඔවුන් දෙපළගෙ දරුවා වෙනුවෙන් වෙයි සටන් කළ යුතුය.

මෙවන් දේවල් සිතමින් වෙර යොදා සයනයෙන් නැගී උන් ඔහු , සයනයේ තිබූ පොරෝනාවෙන් කැබැල්ලක් කඩාගෙන ගුලියක් සාදා එය තම දත් අතර රදවාගත්තේ වේදනාව දරාගනු පිණිස ය. ඉන්පසු ප්‍රවේසමෙන් අඩි තබා ගිනිදැල් මග හරිමින් ... වේදනාදෙන දෙපා කෙසේහෝ හසුරුවාගෙන ඔහු ගිනිගන්නා පැල්පතෙන් පිටවීමට මාර්ගයක් සෙවී ය. ඉදිරියට තබන අඩියක් පාසා ඔහුගේ ධෛර්යය වැඩුනි. හැකි පමණින් තම වේදනාව අමතක කළ ඔහු , ඉක්මණ් අඩි තබමින් පැල්පතේ අඩක් දැවෙමින් පවතින දොරටුව දෙසට යන්නට වුවද ... එක්වරම ඇසුනු හඩක් ඔහුව මොහොතකට නතර කළේ ය.

"අ හ් ර් ර් ම් ..."

එය තරුණියකගේ කෙදිරුම් හඩකි. හඩ පැමිණියේ උදුන තිබූ දෙසිනි. වෙයි මොහොතක් තීරණයක් ගනු නොහී එහෙමෙහෙ බලමින් උනි.

' හදිස්සියේවත් එහි කවුරුන් හෝ අනතුරට ලක් ව සිටියොත් ... මා බේරුනටත් කිසිදා ඒ තැනැත්තාව බේරානොගැනීම පිළිබද මා මට ම සමාව නොදේවි '

මනස තුළින් යුද්ධයක පැටළුනු වෙයි ... එක්වරම තීරණයක් ගෙන ... යාමට ගිය ගමන් නවතා මුළුතැන්ගෙය දෙසට දුවන්නට උනේ ... තම ගත පුරා දැනෙන වේදනාව ද අමතක කරමිනි.

ඔහු සිතුවා නිවැරැදිය. උදුන අසල වැටී සිටියේ තරුණියකි. ඒ වෙන කිසිවෙක් නොව ශියාඕ ලෙයි විය .

" වෙ වෙයි ගො ගො ගො න්ස ... උදව් "

දුර්වල ව බිම වැටී උන් ඕ වෙයි දුටු හාම ඔහු වෙතට තම සුරත දිගු කරමින් උදව් ඉල්ලන්නට උනි.

වහා ඇය වෙත දිවගිය වෙයි ...

" බියවෙන්න එපා මං ඉන්නව ... අපි කොහොමහරි බේරෙමු "

යැයි පවසමින් තරුණියවද වත්තම් කරගෙන අපහසුවෙන් දොර දෙසට ඇවිද යන්නට උනි .

Gorgeous Days ( Completed )Where stories live. Discover now