Chapter 16

762 109 39
                                        

දෙවෙන මාසයද අවසන් ව තිබුනි. විශේෂිත සිදුවීම් කිසිවක් සිදු නොවී කාලය සාමකාමී ව ගලා ගියේ ය.

වෙයි ගේ උදරය පෙරට වඩා මදක් ඉදිරියට නෙරා තිබුනු නමුදු ශරීරයෙන් ඔහු මදක් කෘශ වී උන්නේ ... තවමත් ඔහුගේ ආහාර රුචිය එතරම් දුරට වැඩී නොතිබුනු බැවිනි .

මේ අතර වගාලෝකයේ ( ධ්‍යානවේදීලොව ) කටකතා පැතිර යන්නට උනේ යීලීන් කුලදෙටුවාත් හන්ගුආ ජුනුත් යුන්මෙන් වල වාසයට පැමිණ ඇති බවයි. නමුදු කිසිවෙකු තවමත් විවාහය ගැනවත් ගැබ් ගැනීම ගැනවත් නොදැන උන්හ.

" යීලීන් කුලදෙටුවාට දරුණු රෝගයක් වැළදී ... හන් ගුආ ජුන් යුන්මෙන් ගොස් තිබෙන්නෙ තම පැරණි මිත්‍රයාගේ රෝගයට ප්‍රතිකාර කිරීමටයි !!!"

අවසානයේ ඕපදූප අතරින් වඩාත් විශ්වාසවන්ත ව සහ ප්‍රබලවම පැතිර ගිය කටකතාව වූයේ එය ය.

මේ පුවත චෙන්ග් විසින් වැන්ග්ශියෑන් යුවළ වෙත පවසද්දී ... වෙයි හෝරාභාගයක් පමණ වංජිගේ පිටට ගසමින් හිනාවෙන්නට උනේ ...

" ඕහ්හ් ඕහ්හ් දෙවියනේ ලන් චාන් ... මේ මිනිස්සුන් කොච්චර විනෝදජනකද "

යැයි බෙරිහන් දෙමිනි.

වංජි වෙයිගේ සිනාව මදහසකින් දරාගෙන ම ඔහුට දගලන්නට නොදී ඔහුගේ බාහුවලින් ඔහුව මෘදුව රදවාගෙන උන්නේ ... වෙයි සිනාසෙමින් දගලන්නට ගොස් උදරය කොහේ හෝ වද්දාගනීවියැයි බියවෙමිනි.

ඍතු මාරුවීමට ආසන්නව තිබින. පරිසරය එන්න එන්නම උණුහුම් වන්නට වීය. ගැබිණිවියේ තෙවෙනි මාසයද වේගයෙන් ගලා යමින් තිබුනි.

වෙයි සහ වංජි යළිත් දාර්‍යා ග්‍රාමයට යාමට ලක ලෑස්ති වීය.

චෙන්ග් විසින් වෙයිට දෝලාවක් සහ වංජිට අශ්වයෙකු ද තවත් පරිවාර පිරිසක් යනමගට වෙයිට ආවතේව සදහාද සූදානම් කරද ... ඒ සියල්ලම නිහතමානීව ප්‍රතිකේෂ්ප කළ වෙයි ,

" බූරුවෙකු පිට යාමට තරම් මා ශක්තිමත් ... හැරත් මා ගැබ් ගත්තා පමණයිනේ ... මට රෝගයක් වැළදී නොමැති නේ ...

අනික මා සිටින තැන තවකාලයක් රහසක්ව පැවතීම යෝග්‍යයි. මොකද විශේෂයෙන් ම දැන් මා මගේ ආරක්ශාවටත් වඩා අපේ දරුවගේ ආරක්ෂාව ගැන සිතිය යුතු ය.

Gorgeous Days ( Completed )Where stories live. Discover now