හිරු එළිය පතිතවීමටත් පෙර අවධි වූ වෙයි , ඉක්මනින් ඇදුම් ඇගලාගෙන පින්නෙන් ආරක්ෂා වීම සදහා සලුවකින් හිස පොරවගෙන ම තම කුඩා ගෙවත්තට ගොස් හොදින් ඉදුනු ඇපල් ගෙඩි කිහිපයක් කඩාගෙන කූඩයක දමා එය නිවසේ කඩුල්ල අසලින් තැබී ය.
යළි ඔහු නිවස වෙත යනවිට වංජිද අවධිව තිබුනි. ඔහු වෙයිගෙන් කිසිවක් නොවිමසූ නමුදු ඔහුගේ දෑස්වල රැදුනු ප්රශ්නකාරීභාවය හදුනාගත් වෙයි ,
" යුන්මෙන් යන බඩු ගෙනියන්න අපිට බූරුවෙක් හිටියොත් හොදයි කියල හිතුනා. ඔබට මතකද මගේ පුංචි ඇපලේ ... මා දාර්යා ග්‍රාමයට ආ වහා ම ඌ කළේ ඉක්මනින් පැනගොස් කැලේට වැදීම ... නමුත් මට උගේ උපකාර අවශ්‍ය වූ විට මා කරනුයේ ඇපල් කූඩයක් පැල්පතේ කඩුල්ල අසල තැබීමයි . එවිට ඌ කොහේ හිටියත් අනිවාර්යයෙන් ම මා හොයාගෙන එනවා . "
සිනාසෙමින් ම මේ විස්තර තෙපළූ වෙයි ... ඒහාම වංජිගේ ඔඩොක්කුවට පැන්නේ , සයනට මත වාඩීවී හුන් වංජීගේ කම්මුල්වලට හාදු කිහිපයක් නිර්ලෝභී ව පුද කරමිනි.
වංජිද මද වෙලාවක් වෙයිව සුරතල් කරමින් එසේම උන්හ. ඉන්පසු අකමැත්තෙන් වෙයිව තමන්ගෙන් ඈත් කළ ඔහු ...
" ප්‍රමාද වේවී ..." යැයි සන්සුන් ස්වරයකින් ම පැවසීය.
" දෙයියනේ ...ඒකත් ඇත්ත ... ලන්චාන් එහෙනම් අපි ඉක්මනින් සූදානම් වෙමු. ඔබට පුළුවන් ද පුංචි ඇපල් ඇවිත් නම් එයාගේ පිට උඩ බඩු බදින වැඩේ පටන්ගන්න . එතකන් මං අපට ස්නානය වතුර හැලියක් ළිප තබන්නම්. "
වංජි කැමැත්තෙන් ම හිස සලා කඩුල්ල වෙත ඇවිද යද්දී ... වෙයි කඩිනම් මුළුතැන්ගෙය දෙසට දිව ගියේ ය.
වෙයි නිවැරැදි විය. වංජි එහි යන විටත් පුංචි ඇපල් පැමිණ කූඩයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇපල් කා අවසන් කර තිබිනි.
.
.
.
.
යුන්මෙන් ගෙන යාමට ඔවුන් සූදානම් කළ සියලුම බඩු බාහිරාදිය පුංචි ඇපල් මත මනාව අසුරා තිබින . වෙයි සහ වංජි පිරිසිදු ඇදුම් වලින් සැරසී ගමන සදහා සූදානම් ව උන්හ. ඔවුන් නොමැති අතරේ නිවස බලාකියා ගැනීමේ කටයුතු ආ චින් ට පැවරූ වෙයි ... තම බද පටියේ චන් චින ය රදවාගෙන උන්නේ ... ඊට ම සරිලන ලෙස වංජි ගුචිනය සහ බිචෙන් ඔහුගේ පිටෙහි එල්ලාගනිද්දීය.
YOU ARE READING
Gorgeous Days ( Completed )
Fanficආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...
