අභිමාන් කුළු හරකෙක් වගේ පිබ පිබ එන විදිහ දැකලා ආදිත්‍ය වෙව්ලන්න ගත්තේ මෙතන ඇවිල්ල මොනා කරයිද කියලා කල්පනා කරකර...
අභිමාන් ඒ තප්පර ගානට ආදිත්‍යගෙ කාමරේට ඇවිල්ලත් ඉවරයි
කොටටම කපපු කොන්ඩෙන් වතුර බිංදු බිංදු බේරිලා ඒ ඝනකම් ඇහිබැම උඩ රැදිලා ඒ මූනට තවත් නපුරු පෙනුමක් එකතු කරලා තිබ්බා....
ඇගෙ පිම්බිලා තියෙන මස්පිඩු අතරින් වතුර බිංදු බිංදු ගලාගෙන ගිහින් එකම රේඛාවකින් ඒ වතුර බිංදු බඩ මැදින් නූලක් වගේ ඇදිලා තියෙන රෝම එක්ක එකතු වෙලා පලහට ගලාගෙන ගියේ නිමක් නැති කොනක් සොයාගෙන..
ආදිත්‍ය ටික වෙලාවකට ඒ රූපෙ අතරමං වුනත් කේන්තියෙන් උඩ පහල හුස්ම අල්ලන අභිමාන්ගෙ උනුසුම් සුසුම් ආදිත්‍යගෙ නලලත් කොන්ඩෙත් රෑ තිබුනු සීතල මකන්නට තරම් උණුසුම් වෙලා තිබුනා...
"මං....... කිව්වෙ....... මොකක්ද ........තමුන්ට......"
අභිමාන් වචනෙන් වචනේ ගානෙ එක අතකින් ආදිත්‍යගෙ උරහිසකින් තල්ලු කරන ගමන් කේන්තියෙන් වෙව්ලන හඬින් ආදිත්‍යගෙ මූණ්ට පාත් වුනා..."මට....... ඩිසරෙස්පෙක්ට්......... කරන්න........එපා කිව්වා නේද...... තමුන්ට............"
අභිමාන් අන්තිම වචනෙ හය්යෙන් කෑගහල කිව්වෙ ආදිත්‍ය පොත් රාක්කෙට හේත්තු වෙද්දී.....
අභිමාන් ආදිත්‍යව පොත් රාක්කෙට තියලා තද කරගත්ට්ගේ ආදිත්‍ය කොහෙටවත් යන්න බැරි වෙන්න.... අභිමාන් ගෙ මූන දිගේ බේරිලා එන වතුර බිංදු රැවුලෙන් බේරිලා ආදිත්‍යගෙ මූනට වැටුනෙ බිංදු බිංදු... වැටෙන වතුර බින්දුවක් ගානෙම ආදිත්‍ය ගැස්සිලා ගියේ ඒ වතුර පහලට දාපු වතුර තරම් සීතල නොවී අභිමාන්ගෙ උනුසුමින් රත් වෙලා තිබ්බ නිසයි ...
"තමුන්..... තමුන්ගෙ.......සීමාවෙ.........ඉන්නවා...."
"ඇයි ඉදියෙ නැත්තම් ????"
"හහ්.... ඉදියෙ නැත්තම්ද?????...??"
"වෙන්නෙ මෙන්න මේකයි..."අභිමාන් ආදිත්‍යගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ගියේ බාත්රූම් එකට....
YOU ARE READING
රතු නූල (The Red Thread)
FantasyI'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story