අභිමාන් බෑග් දෙක බිමට අතෑරලා ආදිත්‍ය දිහාවට ගියේ දොර ලොක් කරගෙන...
"ඇයි...."
"මං ගාවින් ඉන්න........"
"මම වොශ් එකක් දාගෙන එන්නම්....."
අභිමාන් කිව්වෙ ශර්ට් එකෙ උඩ බටන් හතර පහ ගලවන ගමන්....
ඒ අස්සෙන් පේන ඇග දිහා ආදිත්‍ය බලන් ඉදියේ පලවෙනි වතාවට දැක්කා වගේ..."මොකෝ......"
ආදිත්‍ය කොට්ටෙට කරලා මූන හංග ගත්තෙ අභිමාන් එයා බලන් හිටියා කියලා දැක්ක නිසයි.....
ආදිත්‍ය මූන හංගගත්ත අතරෙ අභිමාන් ඇදේ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන ආදිත්‍ය ඔලුව උස්සනකම් හිටියා....අභිමාන්ගෙ උනුසුම් වෙච්ච හුස්ම ආදිත්‍යගෙ ඔලුවෙ වදිද්දි ආදිත්‍ය හිමින් ඔලුව උස්සලා හොරෙන් බැලුවෙ අභිමාන් කොතනද බලන්න...
අභිමාන් ඇද ළඟ බිම ඉදගෙන මූනට අතක් තියාගෙන ආදිත්‍ය දිහා බලන් හිටියා...
ආදිත්‍ය කොට්ටෙ අස්සෙන් හොරෙන් බලද්දි දැක්කෙ අභිමාන් ඇස් පිල්ලමක් වත් ගගන්නෙ නැතුව බලන් ඉන්නවා..."ඔහොම බලන්න එපා....කම්මුල් දෙක මිරිකලා දාන්න හිතෙනවා.... "
අභිමාන්ගෙ කට හඩ ආයෙම වෙනස් වෙලා ආදිත්‍ය දිහා බලාගෙනම කතා කරන්න ගත්තා...
ආදිත්‍ය ඔලුව උස්සලා කම්මුල් දෙක අතින් වහගත්තේ හා දත් දෙකත් එලියට දාන ගමන්....
අභිමාන් ආදිත්‍ය හිනා වෙනවා දැක්ක නිසා හිමින් ලං වෙලා ඇද උඩින් නිකට තියාගෙන එ ලස්සන හිනාව දිහා බලන් හිටියා....ආදිත්‍ය එක ඇගිල්ලකින් අභිමාන්ගෙ මූන පුරා ඉරි අදින්න වුනා....
කොච්චර වෙලා ගියාද කියලා දන්නෙම නැතුව සෙල්වා අන්කල් දොරට ගහනකම්ම දෙන්නම එහෙම ඉදියා"චූටි බේබී...... "
"අහ්හ්හ්...."
"අන්න සෙල්වා අන්කල් ඇවිල්ලා. ..""හරි මං බලන්නම්..."
අභිමාන් ශර්ට් එකත් එහෙම්මම උඩින් දාගෙන දොර ඇරියේ සෙල්වා අන්කල්ට ඇතුලට එන්න...
"මං පුංචි මාතියලට කිරි ගෙනාවා...
කොන්ජම් සූඩාග ... අවසරපඩාද... "
YOU ARE READING
රතු නූල (The Red Thread)
FantasyI'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story