"මොනාද කරන්නේ.....
සෙල්වා ආවොත් ඇතුලට......"අභිමාන් බාගෙට ගැලවුන කලිසම උස්සගන්න ගමන් දොර දිහා බැලුවෙ බැරි වෙලාවක් වත් සෙල්වා ඇතුලට එයි කියලා හිතලා...
"දැන් යන්න....කමක් නෑ... බලන්න ඕනි දෙයක් බලාගත්තනේ.."
"පස්සෙ බලාගමු ආ..."
අභිමාන් එක අතේ වෙදැගිල්ලයි මැදගිල්ලයි ඇස් දෙක ගාවට ලන් කරලා ආයෙම ආදිත්‍ය දිහාවට දික් කලා....
"ඔව් ඔව් අනිවාරෙන් ආයෙත් බලන්න ඕනි වෙලාවක.. "
ආදිත්‍ය ඇදේ අනිත් පැත්තට පෙරලිලා බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරෝගත්තා...
"ඔහොම ඉන්න මං ඉක්මනින් එනවා....."
අභිමාන් එහෙම්ම ගිහින් ලැහැස්ති වෙලා ආවෙ අද එන ගෙස්ලා වෙනුවෙන් වගේම එයාගෙ අන්තිම පැය කිහිපය වෙනුවෙන්..... අභිමාන් සුදු අත් කොට ශර්ට් එකකට ක්‍රීම්පාට දිග ට්‍රවුසර් එකක් ඇදගෙන ගියේ ආදිත්‍යව නැගිට්ටවන්න
"ඒ පුංචි කුමාරයා දැන් නැගිටින්න..."
අභිමාන් බෙඩ්ශීට් එක අයින් කලේ
ආදිත්‍යට නැගිටින්න කියාගෙන ....
ඒත් එ වෙනකොටත් ඇද හිස් වෙලා තිබ්බා..."ආදිත්‍ය.........."
"ආදිත්‍ය................................."
ආදිත්‍යගෙ පෝන් එකත් මේසෙ උඩ එහෙම්මම තිබ්බා....
අභිමාන් බංගලාවෙ උඩ තට්ටුවේ ඉදන් හැම කාමරයකම බැලුවෙ අභිමාන් ඉන්නවද කිය්ලා...සෙල්වාත් බංගලාවෙ පේන්න ඉදියෙ නැති නිසා අභිමාන් සෑහෙන්න කලබලෙන් ආදිත්‍යව හෙව්වා...
අන්තිමට එලියට ගියෙ එලියෙ වත් ඉන්නවද බලන්න...."ආදිත්‍ය ..........."
අභිමාන් පඩිපෙළ බැහැගෙන ආවෙ ආදිත්‍ය ගාඩන් එකේ වත් ඉන්නවද බලන්න....
අභිමාන් ආයෙමත් ආදිත්‍ය කියලා කතා කරද්දි මල් පදුරු වගයක් ළඟින් ආදිත්‍ය නැගිටලා අභිමාන්ට කතා කලා ..
එවෙලෙ තමා අභිමාන් එයාගෙ මූඩ් එක චේන්ජ් කරගත්තේ...කලබල වෙලා තිබ්බ මූඩ් එක එහෙම්පිටින්ම තරහ ගිය මූඩ් එකකට හැරුනා....
YOU ARE READING
රතු නූල (The Red Thread)
FantasyI'm just a bodyguard වෛරයේ අවිහීන සෙනෙහස රතු නූලකින් මරණයේ කෙලවරකදී එක් වූ ආදරය. උ...උබ මට කරපු දේවල් වලට මම උබට යහතින් ඉන්න දෙන්නෙ නැ.... ආදිත්‍ය ගිගුරුවේ කාමරේ කෙළවරේ හිටිපිලිමයක් වගෙ ඉන්න එයාගෙම බොඩිගාර්ඩ් ට.. An unusual story