Next day (Jimin's pov)
Yoongi ගියාට පස්සේ මගේ හිතේ ඇතිවුන
කුණාටුව තාමත් එ විදිහටම තියෙනවා.
මට පරණ දේවල් ගොඩක් මතක් වුණා.මගේ හොඳම යාලුව Taehyung, අපි දෙන්නා පිස්සු නටපු විදිහ,මගේ හැම දුකක්ම එයාගෙ කර ගත්ත විදිහ, මොන දේ උනත් මට support කරපු එක, මේ හැම දෙයක්ම මට ආයේ මතක් උනා.
ඒත් ඒ හැම දෙයක්ම, tae ගෙ ආදරේ ලඟදි නිකන්ම නිකන් හැගීම් විතරක් වුණා.
මට දුක tae එයාගෙ හිතේ තිබ්බ දේවල් මට කියන්නේ නැතුව හංග ගෙන හිටපු එක.
එයා jk ගෙන කලින්ම කිව්ව නම් මම මැරුණත් ඒවගේ දෙයක් කරන්නේ නැහැ.ඒත් දැන් පරක්කු වැඩියි, අපි කව්රුත් මිනිස්සු වැරදි කා අතිනුත් සිද්ධ වෙනවා. ඒවා හරි ගස්සන්න මට ඕනේ නෑ.
මට jk ගෙන් move වෙන්න ඕන. ඒක කරන්න Yoongi උදවු කරයි කියල මම හිතනව.
ලේසි නැති වුණත් ,මගේ පවුල වෙනුවෙන්,මං වෙනුවෙන්,මේ දේ කරන්න ඕන.මං යුන්ගිට කතා කරනවා....
අලුත් විදිහට හැම දෙයක්ම ආයෙ පටන් ගන්නව.....
.
.
Yoongi's pov (at office)
මම meeting එකේදි කිව්ව කිසි දෙයක් අහගෙන හිටියේ නැහැ.
Jimin බයෙන් distracted වෙලා හිටපු විදිහ මට මැවිල පේනවා. මීට අවුරුදු තුනකට කලින් හිනා වෙලා හිටපු,මගේ හිත හොරකම් කරපු එ ඒන්ජල්ට මොකක් හරි දෙයක් වෙලා තියෙනව කියල මට හිතෙනව.
ඒත් මාව,එයාගෙ යාලුවෙක් විදිහට වත් Jimin බලන්න කැමති නැත්තං මං මොකද කරන්නේ?
කොහොමද මම එයට ලං වෙන්නේ?
මට තේරෙන්නේ නැහැ. අම්මත් wedding එක තීන්දු කරන්න අහනවා.Jimin මොනවාද කිව්වේ කියල අහනවා,එ කිසිම දේකට මං ළඟ උත්තර නැහැ.
Jimin ව මට හම්බ වෙන්න ඕන.
අන්තිම වතාවට හරි....එයා ගෙ හිතේ තියෙන දුක මට නැති කරන්න ඕන.
Jimin ව ලැබුණේ නැතත් එයාගේ මූණට ලස්සන හිනාවක් අරන් එන්න මට ඕනෙ
Please be OK my angel....
YOU ARE READING
නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)
Fanfictionසැබෑ ආදරය යනු හිමි කර ගැනීම නොව...පරිත්‍යාගයයි.