Next day morning (at Jimin’s හෝම්)
Jimin's mom: ඒ කිව්වේ Yoongi පුතා මගේ බෑණ වෙනව කියල නේ...
Jimin: අම්මේ...ඔය ඉතිං....මං කිව්වා නේ කෑගහන්න එපා කියල
"දෙයියනේ...ඇති යාන්තං ඔය මොලේ ට ඇත්ත තේරුම් ගියා..."
" ඒ කිව්වේ අම්මේ...මට තෙරුන් නෑ..."
"ඔයාගෙ මුරණ්ඩු කම නිසා අපිට ගෙවල් මාරු කරන්නත් වුණා Jimin...මතක ඇති නේ කරපු දේවල්..."
"මට සමාවෙන්න අම්මේ...මං ආයේ අම්මලා ගේ හිත් රිද්දන්නෙ නෑ..."
"ඔයාගෙ සතුට තමයි අපිටත් ඕනේ Jimin...යුන්ගි ඔයාව හොඳට බලා ගනී...මට ඒක විශ්වාස යි."
"ඔව්..මටත් ඒක විශ්වාසයි...හ්ම්...අම්මේ...මං අද හවස යුන්ගි එක්ක ගමනක් යනවා "
"මං දන්නවා....yoongi පුතා මට call කරලා කිව්වා..."
"එහෙමද?..."
"පරිස්සමින් ගිහින් එන්න mochii....ඔයා කාටත් වඩා සතුටින් ඉන්න ඕන දරුවෙක් "
"ආදරෙයි අම්මේ..."
"I love you too jiminaa"
.
.
.
Jimin's pov
අම්මා එක්ක කතා කරල මම කෙලින්ම ආවේ මගේ කාමරේ ට
මට මගේ ජීවිතේ මග ඇරුණ ගොඩක් දේවල් තිබුණා.Concert එකෙන් පස්සෙ මොනවද වුණේ කියලා මම yoongi ට කිව්වේ නෑ...මට ඕනෙ ඒ දේවල් අමතක කරල දාන්න.
ඇත්තටම කිව්වොත් එදා වෙච්ච සිද්ධියෙන් පස්සෙ මම Taehyung, Jungkook දෙන්නව ආයේ දැක්කේ නැහැ
මම suicide කර ගන්නව කියල බල කරපු නිසා අම්මටයි, තාත්තටයි සිද්ධ වුණා මාව college එකෙන් අයින් කර ගන්න.
Tae මාව හොයාගෙන ගෙදරට එන්න පටන් ගත්ත නිසා මම අයියට බල කරල Seoul වල college එකකට applied කරල busan වලින් සදහටම සමු දීල ආවා.
මගේ පවුලේ අය කව්රුත් මං ගත්ත තීරණ ගෙන මුකුත් අහන්න අදටත් උත්සහ කරන්නෙ නෑ.
Jk මගේ contact එක හොයාගෙන මට call කරන්න try කරා. ඒත් මං ඒ කිසිම call එකකට answer කරේ නෑ.
ඇත්තටම එයාල මට වැරද්දක් කරේ නෑ...
මට ඕන වුණේ හැම දෙකින්ම නිදහස් වෙලා හිත හදා ගන්න
YOU ARE READING
නොතේරුනේ ඇයිද ආදරේ (yoonmin සිංහල ff)
Fanfictionසැබෑ ආදරය යනු හිමි කර ගැනීම නොව...පරිත්‍යාගයයි.