සංකෝචිත හදවත්වලට,

37 10 35
                                    

තුන තුන් සිය හැට පහක එහෙමත් නැත්තම් දින තුන්සිය හැට හයක අවසානයන් කීයක් නම් මේ වෙද්දි තමාව අභිබවා ගිහින් ඇත්ද.

නිකමට හිතලා තියෙනවද,තමන් පළවෙනියට හුස්ම ගත්ත දවසයි අද දවසයි අතරෙ කොච්චර දුරස්කමක් තියෙන්නවද කියලා.ඒ දවස පහු වෙලා වැඩි ඈතක නෙවේ මෝඩ ළමයෝ.හිතින් ආපස්සට හැරෙන්න කොයි තරම් ලේසි වුනත් ගතින් ඉදිරියට යන ගමනක හිත ආපස්සට දුවවන එක කොයි තරම් වේදනාකාරිී හැඟීමක්ද.

සමහර අය දෙමාපිය තුරුලෙ ඉන්න වෙලාවක තවත් සමහර අය ජීවිතයත් මරණයත් අතර දොරටුව ළඟ පසු තැවෙනවා වෙන්න පුළුවන්.සමහර කිලිටි හිත් ඇහැට නොපෙනෙන,ගතට නොදැනෙන, හිත විතරක් විශ්වාස කරන, අදෘශ්‍යමාන දෙවි දේවතාවන්ගෙ පිහිට ඉල්ලද්දි කරදරේකදි පිහිටට ඉන්නෙ දෙවියන්ම විතරයි කියන රාමුවකට හිර වෙලා විඳින වේදනාවල් කොහෙන් කෙළවර වේවිද.

අවුරුද්දක් ගෙවිලා යන මේ මොහොතෙදි අතට අහු වුන වැලි අහුරක වැලිකැට තරමට බලාපොරොත්තු පොදියක් පොදි බැඳන් තවමත් මේ බලාගෙන ඉන්නෙ මේ දවස් කීපයක් කොහොම ගෙවල දාන්නද කියලා හිත හිතද.

ඉතින් ළමයෝ..

ඔයා දැන් කොතනද? ඇවිදලා මහන්සිද? ඇයි  ඔයා ඔයාගෙන්ම අහන්නැත්තෙ එහෙම.මෙච්චර දුර ඇවිද්ද නම් මහන්සියක් නැතුවම නෙවෙයි.ඒත් මෙතනින් නතර වෙනවද? නතර වෙන්න පුළුවන් ද?

සැහැල්ලු වායුවක් වගේ පෙනුනත් විශ පිරුණු කාබන් මොනොක්සයිඩ් තමන් වටේ ඉන්න විශඝෝර මිනිස්සු තරම් විශ නෑ ළමයෝ.

තමන්ගෙ ඇස් දෙක තමන් වෙනුවෙන් දවසකට පැය දහයකටත් වඩා අවිවේකී රාජකාරියක ඉන්න වෙලාවක තවත් ඇස් දාහක් තමන් දිහා බලන් ඉන්නවා කියන එක අමතක නොකර මතක තියාගන්න.ඉතින් තමන් මේ ඇවිදින්නෙ කවුරු වෙනුවෙන්ද.කවුරු හරි තමන්ව පන්නගෙන එන නිසාද.නැත්තම් කරන්න වෙන දෙයක් නැති නිසාද.

කවදාහරි හිතලා තියෙනවද තමන්ට තියෙන අඩුපාඩු ගැන.තමුන් නොදන්නවා වුනාට මිනිස් ආත්ම හැම එකක්ම සර්ව සම්පූර්ණ නැහැ.ඒත් තමන් වෙනුවෙන් නොනවත්වා එකදිගට ගැහෙන ලේ පිරුණු හදවතක් තියෙන එකම මදිද.තමන්ව අවතක්සේරු කරන එක නවත්තගන්න මෝඩ ළමයෝ.තමන් නොදැනුවත්ව තමන් ඒ රිද්දවන්නෙ ඒ හදවතට කියන එක මතක තියාගන්න.පැය විසි හතරක්ද? මිනිත්තු එක්දාස් හාරසිය හතළිහක්ද? තත්පර අසූහය දහස් හාරසීයක්ද?

දුවන හිත් | Motivation | ☘️Where stories live. Discover now