හරියටම දැන් ගෙවෙන්නෙ දහය පහුවෙලා දෙවෙනි විනාඩිය. රෑ උනත් කොළඹ කියන්නෙ නින්දත් නොනින්දත් අතර තියෙන නගරයක්. ඒත් මේ පරිසරය හරි නිස්සකලංකයි. පාරෙ දෙපැත්තෙ තිබුන විදුලි ලාම්පු වලිනුයි ගෙවල්වල ලයිට් එලියෙනුයි ආලෝකමත් වෙලා තියෙන මේ අතුරු පාරෙ මේ වගෙ වෙලාවක මිනිස්සු ගැවසෙන්නෙ හරි කලාතුරකින්.
තට්ටු දෙකේ ලොකු ගෙදරක ගේට් එක ඇරෙනවත් එක්කම කලුයි සුදුයි බයික් දෙකක් එකම වෙලාවෙ එලියට දාලා දකුනට හරවලා එක ලග නතර කරා.
කලුයි සුදුයි බයික් දෙකේ හිටපු තරුණයෝ දෙන්නා ටික වෙලාවක් ඉස්සරහින් තියෙන මාර්ගය දිහා බලන් ඉදලා දෙන්නා මූනෙන් මූන බලාගෙන ඔලුව එක පාරක් උඩට පහලට වනලා ආයෙත් පාර දිහාට ඇස් ගෙනියව්වා. තමන්ගෙ ඉස්සරහින් පෙනෙන පැහැදිලි පාර දිහා බලන් බයික් එකේ break එකත් අල්ලන් බයික් එක රේස් කරේ ඒ පැත්තම බයික් රේස් සද්දෙන් වැහිලා යද්දි. එතනින් එහාට තත්පරයක් ගෙවෙන්න ඇති දෙන්නම break එක අතඇරියෙ බයික් දෙක වේගෙන් ඉස්සරහට යද්දි. බයික් දෙක සමාන්තරව එකම වේගයකින් ඉස්සරහට ගියෙ පොඩ්ඩක්වත් වේගෙ අඩුවක් වෙන්නෙ නැතුව. ෆුල් ෆේස් හෙල්මට් දගෙන හිටපු කොල්ලො දෙන්නාගෙ බයික් මාරුවෙන් මාරුවට ඉස්සරහට ගියා.
කලු බයික් එකෙ හිටපු කොල්ලා අනිත් කොල්ලා දිහා බලලා වේගෙ වැඩි කරේ ඒ බයික් එක පහුකරන් බයික් දෙක අතරෙ ලොකු පරතරයක් ඇතිවන විදිහට. ඒත් සුදු බයික් එකෙ හිටපු කොල්ලත් බයික් එක රේස් කරාම ආයෙත් බයික් දෙක සමාන්තර වුනා. අතුරු පාරක් නිසා වැඩිය වාහන නැති උනාට නොහිතුපු විදිහට ඉස්සහින් ලොරියක් ආවත් බයික් දෙකේ වේගෙ අඩු උනෙ නෑ. ඒ වෙනුවට ලොරිය ලගට එනකම් හිටපු කොල්ලො දෙන්නා එකම වෙලාවෙදි බයික් දෙක දෙපැත්තට ගත්තා ම ලොරි පහු උනාම ආයෙත් එකට බයික් දෙක හම්බඋනා.
ඉස්සරහින් තිබුන වංගුවෙන් කලු බයික් එක හැරෙව්වෙ බිම ගෑවෙන නොගෑවෙන තරමට. ඒ විදිහට වංගු දෙක තුනක්ම පහුකරන් ආව කලු බයික් එක එයාලගෙ ගමන අවසානයි කියලා කියන්න පුලුවන් තැනින් break කරේ ඒ එක්කම තත්පර දෙකක් විතර පහුවෙලා අනෙක් සුදු බයික් එක නතර වෙද්දි. ඊටපස්සෙ බයික් දෙක අයිනට කරලා නතර කරලා කොල්ලො දෙන්නා හෙල්මට් ගලවන ගමන් බයික් දෙකින් බැස්සා.

YOU ARE READING
මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
Phi Hư Cấuසෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! "සමහරවිට මම හොදම කෙනා නෙමෙයි වෙන්නැති🥀" _SDW_ . . හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක...