❤Episode 1❤

5.1K 517 48
                                    

"Eun Hye pov"

"Eun Hye pov"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Eun hye)

"ඒයි Park Eun Hye මං දැන් තමුන්ට කීයෙ ඉදන් ද ඇහැර වන්නෙ, නැගිටිනවද? නැද්ද?"


"අනේ.... තව විනාඩි පහයි..."මාව මේ උදේ පාන්දර ඇහැර වන්නෙ මගේ බෙස්ටියා Ga eun. ඇත්තටම කිව්වොත් එයා මගේ alarm එක වගේ තමා. හැමදාම ඉතින් මගේ ඇද ළගට ඇවිත් එයාගෙ සුමිහිරි voice එකෙන් මාව ආමන්ත්‍රණය කරනවා..

"විනාඩි පහක්? මං දැන් පැය භාගෙකවෙලේ ඉදන් කතා කරන්නෙ... ඒයි මෝඩි..."

"ආව්..... අනේ මගේ පස්ස.." තව ටිකක් හරිබරි ගැහිලා නිදාගන්න කියලා bedsheet එකත් පොරව ගත්ත මාව ඇදේ ඉන්ද වුනා..

"ඇයි යකූ.... මගේ සූටි පස්සට ගැහුවේ? ඔයා නම් හරි නරකයි Ga eun මාව නිකන් රත්වෙලා ගියා වගේ" ඇයි දෙයියනේ මේ හැම දේකටම මගෙ සූටි පස්ස පලි නෑනෙ..

" ඕකට ඉතින් ඉර එළියත් වැටිලනෙ තිබුණේ මම තව පොඩ්ඩක් රත් කලා..හරි දැන් යනවා... යනවා... ගිහින් wash එකක් දාගෙන එනවා.. වැඩට යන්න පරක්කු වෙනවා.."

ඇදෙන් නැගිට්ට පාරට Ga eunටත් දිව දික්කරගෙනම washroom එකට දිව්වෙ තවත් මෙතන හිටියොත් හොදවගෙන් අහගන්න වෙන නිසා.

මම Park Eun Hye. එතකොට මගෙ බෙස්ටි Ga eun. අපි දෙන්න්ම Seoul National University එකේ final year studentsaලා. අපි දෙන්නා ජීවත් වෙන්නෙ apartment එකක. Ga eun කලින් හිටියෙ busanවල. studiesවලට ලේසි නිසා එයා මෙහෙ මාත් එක්ක නතර වෙලා ඉන්නෙ.මට ඉන්නෙ මගෙ අක්කයි, Ga eun විතරයි. එතකොට මගේ ඔම්මා අප්පා මාත් එක්ක නෑ. එයාලා මාව දාලා ආයෙ එන්න බැරි තරම් දුරකටගිහින්. දෛවය මගේ ජීවිතේ වෙනස් කළේ මේ විදියට. ඔම්මා අප්පා මගේ ජීවිතෙන් ගියාට මගේ හදවතේ එයාලා ඉන්නවා කවදාවත් මගෙ හිතින් නම් එයාලා මැකිලා යන්නෙ නෑ. ඒ කාලෙ මට දැනුන පාලුව, තනිකම, හැම දුකක්ම මැකුවෙ මගෙ අක්කා. සතුටෙදි, දුකේදි මගෙ ලගින්ම ඉදලා මාව බලාගත්තා.මට ආදරය රැකවරණය දුන්නා

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now