" Eun hye pov "
" chang ඔයා මෙතන...." ඔව් ඒ වෙලාවෙ room එක ඇතුලේ හිටියෙ chang.
" මං ආවෙ ඔයාව බලන්න " එයා දොර ළග ඉදන් මං ඉන්න පැත්තට එන ගමන් කිව්වා.
" හරි මන් clean කරගෙන ඉවරයි... අපි යමු.." මං දොර පැත්තට යන්න හැදුවත් chang මගේ මග හරස් කරලා හිටගත්තා.
" ඇයි මෙච්චර හදිස්සි.... අපි ටිකක් වෙලා මෙතන ඉදලා යමු.. මං හිතන්නෙ ඔයත් ඒකට ගොඩක් කැමති වෙයි eun hye "
" ඒත් chang මට මෙතන ඉන්න ඕනෙ නෑ. අපි යමුකො " chang මගෙ bf වුනත් එයා මේ හැසිරෙන විදිහට මං කැමති නෑ වගේම මට ගොඩක් බය හිතෙනවා. මං එයාවත් පහුකරගෙන දොර පැත්තට යන්න හැදුවත් මගේ අතින් ඇදලා ආයෙත් මාව හිටපු තැනටම තල්ලුකරලා මගෙ අත තදින් අල්ල ගත්තා.
" නෑ ඔයා කොහෙවත් යන්නෙ නෑ...Eun hye ඔයාට කෙහෙවත් යන්න දෙන්නෙත් නෑ මං. ඔයා ඉන්න ඕනේ මාත් එක්ක තේරුණා නේද? " ටිකෙන් ටික changගෙන් ඈත් වෙන්න හැදුවත් එයාගෙ ග්රහනය වැඩිවුනා. අඩියෙන් අඩිය පිටිපස්සට ගිහින් මාව නතර වුනේ බිත්තිය ළග. හිතේ ඇතිවුන බය ඉකි ගැහීමක් වෙලා මගේ කටින් පිටවුනා. ඒ ඇස්වල තිබ්බෙ උමතුවක් විතරයි කිසි ආදරයක් නෑ.
" Please chang මට යන්න දෙන්න ..."
මම එහෙම කිව්වත් එයා කලේ හිනාවුන එක විතරයි. මෙච්චර වෙලා එයාගෙ අත්වලට හිරවෙල තිබුන මගේ අත තුවාලයක් වගේ රිදෙන්න ගත්තා. කොච්චර එයාගෙන් ඈත්වෙන්න උත්සහ කලත් මාව තවත් එයාගෙ අත්වලට හිරවුන එක විතරයි වුනේ. ඉකිගැහීමක් වෙලා තිබ්බ මගේ කටහඩින් දැන් පිටවෙන්නෙ ඇඩිල්ලක් එක්ක වචන ටිකක් විතරයි." මගෙන් ඈත් වෙන්න...."
හුස්ම වදින නොවදින තරමට මගෙ මූනට ලංවුන chang මගේ කන ලගට කරලා කතා කලා.
" ඈත් වෙන්නම්, මට ඕන දේ ගත්තහම..."
ටිකෙන් ටික ඒ හුස්ම මගේ බෙල්ලට වදින්න ගත්තා. ඒ තොල් මගේ බෙල්ලට වදින තරමට ලංවුනා. මට දැනුනේ පුදුම අප්පිරියාවක් chang මෙහෙම හැසිරෙයි කියලා හිතුවෙවත් නෑ. මගේ හැඩුම් මැද තවත් එක පාරක් මගේ උපරිම ශක්තිය දාලා changව තල්ලුකරලා දැම්මා. ඒ එක්කම වගේ chang ටිකක් එහා පැත්තට වෙන්න තිබුන පොඩි table එකක හැප්පුනා. ඉඩලැබුන වෙලාවෙ දොර ලගට දුවගෙන ගිය මම ඉක්මනින්ම ලොක් එක ඇරගත්තා. Chang නැගිටලා මගේ පැත්තට එන්න හදන කොටම මම ඉක්මනටම ඒ room එකෙන් එළියට දුවගෙන ආවා. මට දැනුන බය තනිකම නිසාම මගෙ ඇඩිල්ලත් වැඩිවුනා. පිටිපස්සවත් බලන්නෙ නැතුව කොරිඩෝව දිගේ ඉස්සරහට දුවගෙන යනකොට මං කගෙ හරි කෙනෙක්ගෙ ඇගේ හැප්පිලා බිමට වැටුනා.
YOU ARE READING
💜️My Precious Love💜️ (COMPLETED)
FanfictionMy Precious Love Covered by :- @Jungmi_11