"Ga eun pov"
මමයි chan mi ඔන්නී කතා කර කර ඉන්නකොට අපි ළගට Eun hye ආවා. කෙල්ලගෙ මූඩ් එකනම් හොදටම අවුල් වෙලා වගේ . කොහෙද ඉතින් මේ කෙල්ල ප්රශ්නයක් තිබ්බත් කියන එකියක් නෙවෙයි නේ.. මං නම් හිතුවෙම අර chang කියන කොල්ලා මේ දවස් ටිකේ කතා කරපු නැති හින්දා වෙන්න ඇති කියලා. Eun Hye මගෙ හොදම යාලුවා. එයාගෙ ජීවිතේ ගොඩක් දුක හිතෙන දේවල්වලට මූණ දුන්නා. ඒත් ඒවා ආයෙ සිද්ධවෙනවට මං කැමති නෑ. මට ඕනෙ නෑ මගෙ යාලුවා දුකින් ඉන්නවා බලන්න. මට ඕනෙ පුලුවන් තරම් එයා එක්ක ඉදලා එයාව සතුටින් තියන්න. ඒ වගේම අනිවාර්යෙන් කවදා හරි දවසක ඔයාගෙ ජීවිතේට සතුට ලැබෙයි කියලා මට හිතනවා eun hye.
"එහෙම කිසි ප්රශ්නයක් නෑ ඔන්නී... මගෙ shift එකත් ඉවර නිසා මං ඔම්මයි අප්පයි බලන්න ගිහින් එන්නම් ...."
"ඔම්මයි අප්පයි .." මට එකපාරටම කියවුනා. ඔව්...... eun hye හැමදාම වගේ නැතත් cemetery එකට යනවා එයාගෙ ඔම්මයි අප්පයි බලන්න. මං හිතන්නේ එයාට ගොඩක් ඒ දෙන්නව මතක් වෙනවා ඇති. මමත් මේ මොනවා හිතනවද මන්දා මොන ළමයටද තමන්ගේ දෙමව්පියෝ මතක් නොවී තියෙන්නෙ .
"එහෙනම් eun hye පොඩ්ඩක් ඉන්නකෝ මගෙ shift එකත් ඉවර නිසා මමත් එන්නම් ඔයත් එක්ක යන්න...." මම එහෙම කිව්වෙ eun hyeව තනියම යවන්න හිත දුන්නෙ නැති නිසා
"ඒකට කමක් නෑ ga eun මට ඕනෙ පොඩ්ඩක් තනියම ඔම්මයි අප්පයි එක්ක ඉන්න.."
"ඒත්......"
"ඒත් කියන්න ඕනේ නෑ... මං ගිහින් එන්නම් ... ඔයා apartment එකට යන්නකෝ හරිද....ඔන්නී එහෙනම් මං යනවා.... bye දෙන්නටම"
Eun hye මටයි ඔන්නීටයි යනවා කියලා ගියා.
ජීවිතේ සමහර තැන්වලදි අපිට අපේ දුක නැති කරගන්න තනි වෙන්න වෙන අවස්තාවනුත් තියනවා. සමහර විට ඒක හින්දම වෙන්න ඇති eun hye එයාගෙ දෙමව්පියන්ගෙ සොහොන ලගට යන්න හිතුවෙ....
••••••••••••••••••••••••••••••••••••••••••••••
"J hope pov"
USවල ඉදන් ආපු ගමන්ම මං ගෙදරටයි ආවෙ. ඇගට දැනුනු මහන්සිය නිසාම room එකට යන්නෙ නැතුව living room එකේ සෝපාවට වෙලා ටිකක් ඇලවෙලා හිටියෙ තව ටිකකින්ම room එකට යන්න. හෙට office යන්නෙ නැතුව නිවාඩුවක් දාලා හවසට අරයවත් බලන්න යන්න හිතේ පොඩි ප්ලෑන් එකකුත් තිබ්බා ඒ අස්සෙන් ටිකෙන් ටික මගේ ඇස් දෙක පියවුනේ එයයි මායි මගේ හීන ලෝකෙ තනිවෙද්දි