" Eun Hye POV "
" හරි අපි යනවා.. ඒත් ඊට කලින් කෙනෙක් ඉන්නවා බලලා යන්න... ඔයත් එන්න.. " Car එකෙන් බැහැලා ඇවිත් young soo-shi එහෙම කිව්වා..
" ඔයා යන්න.. මං මෙතනට වෙලා ඉන්නම්.." මට කොහෙවත් යන්න උවමනා වුනේ නෑ.. මොකද ගෙවන ඊළග විනාඩිය පවා මං එයාගෙන් ඈත්වෙන එකයි කරන්න ඕනෙ.. මේ හැමදේකින්ම ඈත්වෙලා යන්නයි ඕනෙ..
" අපි බලන්න යන කෙනා ඔයත් හොදට අදුරන කෙනෙක්.. අපි එයාව බලලා ඉක්මනට එමු.. " මම මුකුත්ම නොකියා young soo-shi දිහා බලන් හිටියා..
" හම්.. හරි එහෙනම් ඔයා ඉන්න මං ගිහින් එයාව බලලා එන්නම්.. "
" ඔහොම ඉන්න.. " මොන හේතුවකට මට යන්න හිතුනද මංදා මං car එකෙන් බැහැලා එයා එක්ක ගියෙ එකපාරටම හම්බවෙන්න ඕනෙ කිව්ව කෙනා කවුද කියලා බලන්න.. young soo-shi පිටිපස්සෙන්ම ඇවිදගෙන ගිය මං එයා නතර වුන තැනදි මමත් නතර වෙලා ඔලුව උස්සලා වටපිට බලන්න ගත්තා..
" ඔන්නි... " room එකක් ළගට වෙලා හිටපු ඔන්නි දැක්කහම මට ඉබේටම කියවුනා.. එයා මොකද hospital එකේ කරන්නෙ.. එතන ඔන්නි විතරක් නෙවෙයි හැමෝම වගේ හිටියා.. ga eun, kookie, hoseok oppa.. කිසිදෙයක් තේරුම් ගන්න බැරුව මං young soo-shi දිහා බැලුවෙ එයාගෙන් හරි, උත්තරයක් බලාපොරොත්තුවෙන්...
" eun hye.. " ga eun මාව දැකලා දුවගෙන ඇවිත් බදා ගන්නකොට ඔන්නිත් දුවගෙන ආවිත් මාව බදාගත්තා.. මං මුකුත්ම නොකියා හිටියා මට මේ වෙලාවෙ කිසිදෙයක් කියන්න බැහැ මොකද මං කලේ වැරැද්දක්.. එයාලට නොකියම යන්න හදපු එක..ඒත් ඇයි මේ හැමෝම මෙතන කරන්නෙ කියල මට දැනගන්න ඕන වුනා...
" කොහෙද ගිහින් හිටියෙ.. අපි කොච්චර බය වුනාද කියලා දන්නවද.. ඇත්තමයි මං .. " ඔන්නි මට බනින්න පටන් ගත්තා.. එයාලා බනින එක සාදාරනයි.. මං මූණ බිමට හරවගෙන හිටියා මිසක් කටක් ඇරලා වචනයක් වත් කිව්වෙ නෑ.. ඒ වෙලාවෙම අපි ළග තිබුන room එකෙන් tae geun වගේම Mr. Kim එළියට ආවා.. tae geun මාව දැකලා ළගට ආවත් Mr. Kim මං දිහා බලන් හිටපු විදිහට එයා මං ගැන මොනවා හිතනවද කියලා තේරුම් ගන්න බැරිවුනා..
" eun hye... ඔයා හොදින් නේද.. " tae geun, young soo-shi දිහා හිස් බැල්මක් දාලා ඇහුවා..
YOU ARE READING
💜️My Precious Love💜️ (COMPLETED)
FanfictionMy Precious Love Covered by :- @Jungmi_11