❤Episode 3❤

2K 423 71
                                    


"Taehyung pov"

"Excuse me ඔයාට මේ මල එපාද? "

එයා සුදු රෝස මල මගෙ පැත්තට දික්කරලා ආයෙත් ඇහුවා. අයියෝ .. මං මෙච්චර වෙලා එයා දිහා බලන් ඉදලද. එයා මොනවා හිතුවද දන්නෙ නෑ...

"ඔයත් කාවහරි බලන්නනේ cemetery එක ඇතුලට යන්නේ..මේ රෝස මල ඔයා ගන්න. මට මල් දෙකක් තිබ්බහම ඇති .."

" ඕ... Th..Thanks.. " මං එහෙම කියලා එයාගෙ අතේ තිබුන රෝස මල අරගත්තා.

"Your welcome " හරිම අහිංසක හිනාවකින් මං දිහා බලලා එයා මාවත් පහුකරගෙන cemetery එකේ පටු පාර දිගේ ඉස්සරහටම ගියා..

"Your welcome " හරිම අහිංසක හිනාවකින් මං දිහා බලලා එයා මාවත් පහුකරගෙන cemetery එකේ පටු පාර දිගේ ඉස්සරහටම ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔම්මගෙ සොහොන ළගට ගිහින් සුදු රෝස මල තියලා මං මතක් කලේ අතීතෙ තිබුණු සුන්දර මතකයන්, ඔම්මගෙ ආදරේ... ඒ ආදරේට අපි හැමෝම පොරකාපු හැටි, ඒ ආදරේ කිසිම ලෝබකමක් නැතුව ඔම්මා අපිට දීපු හැටි හරි අපූරුවට එකින් එක මගේ මතකෙට ආවා. ඔම්මා දන්නවද? ඔම්මා දීපු තරම් නම් වෙන කිසිම කෙනෙක්ට ඒ ආදරේ දෙන්න නම් බැරිවෙයි. I really miss you omma..

ඔම්මගෙ සොහොනට ආචාර කරලා ආයෙත් car එකට යන්න හැරිලා ආපු මට ටික දුරක් යනකොට මතක් වුනේ අර girlව . එයා තාමත් ඉන්නවා ඇතිද, සමහර විට එයා ගිහින් ඇති. ඒත් මොන හේතුවකටද මංදා මට එයා තාම ඉන්නවද කියලා බලන්නමයි හිතුනේ. එයා cemetery එක ඇතුලට ගිය පටු පාර දිහා මං පොඩ්ඩක් බලන් හිටියා ඊට පස්සෙ මමත් ඒ පාර දිගේ ඉස්සරහටම ගියා. වටපිට හැමතැනම ඇස් යවලා බැලුවේ එයා ඉන්නවද බලන්න ඊට පස්සෙයි මං දැක්කෙ සොහොන් දෙකක් මැද්දෙ බිම වාඩි වෙලා ඔලුවත් බිමට හරවගෙන හිටිය ඒ ගෑනුළමයව. එයා අඩනවා හොදටම අඩනවා. මං හිටියෙ එයාට ටිකක් දුරින් වුනත් එයාගෙ උස් පහත් වෙන උරහිස් වලින් හොයාගන්න පුලුවන් එයා හොදටම අඩනවා කියලා.

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now