" Eun Hye pov "
" Angel....." මගෙ එහා පැත්තෙ හිටපු කෙනා එකපාරටම කිව්ව නිසා මං ඒ කවුද කියලා බැලුවා. මෙයා.... මෙයා නේද ඊයෙ cemetery එකේ දි හම්බවුන කෙනා. ඕ....... ඒ කියන්නෙ මෙයා මිස්ටර් සන්ශයින්ගෙ යාලුවෙක්. ඒත් ඇයි මෙයා angel කියලා කිව්වෙ. සමහර විට වැරදිලා වෙන්න ඇති. මං එයාගෙ දිහාට හැරිලා පොඩි හිනාවක් දැම්මත් එයා නම් මාත් එක්ක හිනාවුනේ නෑ.. හරියට මාව දැකලා බය වෙලා වගේ බලන් හිටියා. මං කෑම ටික serve කරලා ඉක්මනටම කිචන් එක පැත්තට ගියා. එතකොටම වගේ මගේ ඉස්සරහට ආවෙ chan mi ඔන්නී.
" ඔන්නි කොහෙද අනේ ගියෙ.... මං හැමතැනම හෙව්වා"
"මං store එක පැත්තට ගියා eun hye... ඇයි මොකක් හරි හදිස්සියක් ද? "
" හදිස්සියක් නම් තමා.. අන්න මිස්ටර් සන්ශයින් ඇවිත් ඔයාව බලන්න "
" සන්ශයින්..... මොන සන්ශයින් ද? "
" මෙයාට කියලා වැඩක් නෑ.. මං යනවා ඔයාම ගිහින් බලන්නකො.. table number 5වල ඉන්නෙ... " එහෙම කියලා ආයෙත් මං මගේ වැඩටික කරන්න ගත්තා.
••••••••••••••••••••••••••••••••••••••••••••••••
" Taehyung pov "
කුකියා අර girlට කියපු දේ අහලා මට හිනාව නවත්ත ගන්න බැරුව හිටියෙ . පුලුවන් තරම් අතිනුත් කට වහගත්තත් හිනවෙන එක නතරකර ගන්න බැරිවුනා. හොබී හියුන්ග්ට නම් හොදටම කේන්ති ගිහින් වගේ. කුකියත් බයවෙලා වගේ ඒ girl දිහා බලන් හිටිය නිසා මං ඉක්මනටම කෑම ටික ඕඩර් කලා. ඒ girl අපි හිටිය තැනින් ගියා විතරයි හොබී හියුන්ග් අපි දෙන්නට බනින්න ගත්තා. ඒ බනින අතරේ කෑම serve කරන්න ආපු girl කතා කරපු නිසා අපි තුන්දෙනාම කටවල් වහගත්තා. ඒත් ඒ කටහඩ අහලා පුරුදුයි තත්පරයක්වත් පරක්කු කරන්නෙ නැතුව මම අපි හිටපු table එකට කෑම serve කරන්න ආපු girl දිහා බැලුවා. මේ එයානේ..
"Angel....."
ඔව් ඒ එයා... ඔයා මෙහෙ... එතකොට ඔයා මෙහෙද වැඩ කරන්නෙ... මේ වගෙ ප්‍රශ්න මගේ හිතේ මතුවෙද්දි එයා මාත් එක්ක හිනා වෙලා යන්න ගියා.. මගෙ මූණට පොඩි හිනාවක් ආවෙ එයා ගියාට පස්සෙ එහෙම්ම කෑම එකපැත්තට හැරිලා කන්න හැදුවත් කුකියා මන් දිහා බලන් ඉන්නවා.
YOU ARE READING
💜️My Precious Love💜️ (COMPLETED)
FanfictionMy Precious Love Covered by :- @Jungmi_11