❤ Episode 11 ❤

1.6K 360 62
                                    

Two days after

" Jk pov "

නිවාඩු දවස් දෙකකට පස්සෙ ආයෙත් දවස් පහක් university බඩගාන්නයි යන්නේ...  වෙලාවකට university යන්නත් එපා වෙන්නෙ සමහර ලෙක්චර්ස් අහන් ඉන්න බැරිතරමට එපා වෙන නිසා.. එතකොට තමයි හිතෙන්නෙ company එකේ clerk කෙනෙක් විදිහටවත් වැඩට ගියා නම් හොදයි කියලා.. කොහොමත් බාගෙට ඉගෙන ගෙන ගියොත් තමන්ගෙ company එක කියලා නෑ හියුන්ග්ලා මාව දාන්නෙ ඔයවගේ වැඩකට තමා.. උදේම wash එකකුත් දාගෙන කන්ණාඩිය ඉස්සරහට ඇවිත් හිට ගත්තා...
" මොනා නැතත් හැන්ඩ්සම් clerk කෙනෙක්...." කන්ණාඩියටත් ඇහැක් ගහලා මං කිව්වා.. තවත් ටික වෙලාවක් කන්ණාඩිය ඉස්සරහ මගේ අඩුපාඩු හදාගෙන dinning room එකට ගියේ breakfast ගන්න... ඒ යනකොටත් ටේ හියුන්ග් හොබී හියුන්ග් දෙන්නත් ඇවිත් breakfast එක ගන්න ගමන් හිටියෙ.. ඉස්සර නම් අපි හතර දෙනෙක් මෙතන ඉදගෙන එකට කෑම කෑවා.. මම හොබී හියුන්ග් ටේ හියුන්ග් එතකොට අපේ අනිත් හියුන්ග්.. මමයි හොබී හියුන්ග්නුයි එක කුස උපන් සහෝදරයො වෙනකොට අනිත් දෙන්නා අපේ cousinලා වුනා... පොඩි කාලෙ ඉදන්ම අපි එකටමයි හිටියෙ.. හැදුනෙ වැඩුනේ හරියට එකම පවුලක් වගේ.. ගොඩක් සතුටින්.. ඒත් ටික කාලෙකට මං ඔම්මලත් එක්ක නවතින්න ගිහින් එනකොට හැමදෙයක්ම වෙනස් වෙලා..  සෙල්ලක්කාර ජීවිතයක් ගතකරපු,  අඩුගානෙ company එක පැත්තවත් බලපු නැති ටේ හියුන්ග් දැන් ඊට හාත්පසින්ම වෙනස් වගකීම් දරන පුද්ගලයෙක් වෙලා හැමදේ ගැනම හොයලා බලන කෙනෙක් වෙලා.. අනිත් හියුන්ග් us ගිහින් මොනාද වුනේ කියලා ඇහුවත් හැමෝම කටවල් වහගෙන ඉන්නවා.. මට මොනවා හරි ලොකු දෙයක් මගෑරිලා තියනවා.. අපි හතර දෙනාම සතුටින් හිටපු කාලෙ ආයෙත් ඉක්මනටම එනවනම් මං ගොඩක් කැමතියි

" යා... කුකියා මොනවද ඔතනට වෙලා බලන් ඉන්නේ... කෑම ළගට එයි කියලා හිතුවද... මෙතනින් ඇවිත් ඉදගන්නවා..." මං පියවි සිහියට ආවෙ හොබී හියුන්ගෙ කට නිසා..

" Good morning දෙන්නටම...." 

" Good morning...."හියුන්ග්ලා දෙන්නම එකටම කිව්වෙ මට එයාලගෙ ආදරණීය හිනාව දානගමන්.. උදේට කොහොමත් මේ දෙන්න මේ වගේ තමා දවල් වෙනකොට පොඩ්ඩක් මොන්ගල් වගේ හිටියට

" ආහ්.... ඇත්තමයි හියුන්ග් දැන්නම් මට university යන්නත් එපා වෙනවා අනේ..." මං කෑමත් ප්ලේට් එකට බෙදා ගන්න ගමන් කිව්වා..

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now