❤ Episode 24 ❤

1.6K 342 85
                                    

" Taehyung POV "

කැබින් එකට වෙලා ඉන්නකොට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දොර ඇරගෙන ආවෙ හෙයිජි.. ඇත්තටම මං එයාව දැකලා පුදුම වුනේ නෑ.. මොකද මේක මෙයාගෙ පුරුද්ද වෙලා.. මේ විදිහට office room එකට ඇතුල් වෙන්න එපා කිව්වට කනකටවත් ගන්නෙ නෑ.. හෙයිජි කියන්නෙ අප්පගෙ යාලුවෙක්ගෙ දුවෙක්.. දැනට මාසෙකට කලින් මෙයාව මට propose කලා.. මට කටක් ඇරලා මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න බෑ.. මොකද මං අප්පා කියන හැමදෙයක්ම කරන්න පොරොන්දු වුනා.. එහෙම නොවුනොත් හ්යොන්ග්ටයි hee jinටයි එකට ඉන්නත් බැරිවෙනවා.. මට මගෙ angelවත් නැතිවෙයි.. හෙයිජි ඇවිත් මගෙ බෙල්ල වටේ අත් යවලා ඇගේ එල්ලුනේ පොඩි එකෙක් වගේ.. මෙයාව මට මීට කලිනුත් meet වුනා chan mi නූනගෙ birthday party එක දවසෙ.. අප්පගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් ආයෙත් පැටලිලා කොහොම මගෙ ඉස්සරහට ආවද මංදා..එයාගෙ අත් මගෙ බෙල්ලෙන් අයින් කරන ගමන් මං නොරිස්සුම් මූණක් හදා ගත්තා..

" මං කියලා තියනවා නේද කඩාගෙන බිදගෙන office room එකට එන්න එපා කියලා.. මං මෙතන වැදගත් වැඩක එහෙම හිටියනම්.. "

" මගෙ fianceව හම්බවෙන්න දොරට තට්ටු කර කර ඉන්න ඕනෙ නෑනෙ.. " කටත් උල්කරගෙන මගෙ පුටුව එයාගෙ පැත්තට හරව ගන්න ගමන් හෙයිජි කිව්වා.. එක අතකින් නළල පිරිමදින ගමන් මං ආයෙත් කතා කලේ ඔලුව පුරා දැනෙන්න ගත්ත වේදනාව නිසා.. මේ හැම දෙයක්ම දැන් එපා වෙලා තියෙන්නෙ.. ටිකක් හරි මං ඉවසන් ඉන්නෙ eun hye නිසයි

" මොකටද මෙහෙ ආවෙ.. "

" ඔයා එක්ක dinner එකකට යන්න ඕනෙ කියලා හිතුනා.. ඒකයි ඔයාව එක්කගෙන යන්න ආවෙ.. "

" මට එන්න වෙන්නෙ නෑ.. වැඩ තියනවා.." table එකේ තිබුන file එකක් පෙරලන ගමන් මං කිව්වා..

" අයියෝ.. මොකද්ද ඔප්පා.. "

" මං කිව්වනේ.. "

" මං uncleගෙනුත් permission අරගෙන ආවෙ.. එයත් කිව්වා දෙන්නා එක්ක enjoy කරලා එන්න කියලා.. ඔන්න ඔයා ආවෙ නැතොත් එයාට තරහා යයි.." හෙයිජි එහෙම කියනකොට මගෙ අතේ තිබුන file එකෙන් ඇස් අහකට ගියා.. මං මෙයත් එක්ක නොගියොත් ඇත්තටම අප්පට තරහා යයිද.. එහෙම වුනොත්... නෑ.. නෑ.. මං මෙයත් එක්ක යන්න ඕනෙ..

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now