❤ Episode 9 ❤

1.7K 372 63
                                    

" Eun Hye pov "

" Eun Hye....."

" ඔයා....." මගේ කටින් එකපාරටම කියවුනේ ආපුකෙනා දැකලා ඇති වුන පුදුමයත් තරහවත් එක්කමයි.....

" මං ඔයාව හම්බවෙන්න හිටිය.... ඒත් හිතුවෙ නෑ මෙතනදිනම හම්බවෙයි කියලා.... ඒකත් හොදයි... මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද....."

" තවත් මොනාද ඔයාට කතා කරන්න තියෙන්නෙ chang......"

" මං දන්නවා ඔයා මගේ මූණවත් බලන්න කැමති නෑ කියලා.... ඒත් eun hye please.... මං කරපු වැරැද්දට සමාව දෙන්න.. "

" සමාව, සමාව ඉල්ලන එක නම් හරි ලේසි.... ඒත් ඔයා ඒ වෙලාවෙ හැසිරුන විදිහට මෙහෙම ඇවිත් කතා කරන එකත් පුදුමයි...."

" මං කරන්න ගිය වැරැද්ද දැන් මට හොදට තේරෙනවා.... please ඔයා මට සමාව දෙනවා නේද...." chang හිමින් මං ළගට කිට්ටු වෙන ගමන් කිව්වා.. එයා එහෙනම් කරපු දේ ගැන පසු තැවෙනවද ඇත්තටම...

" තමුසේ...... තමුසෙ මොනාද මෙතන කරන්නේ....." ඒ ටේ ඔප්පගෙ කටහඩ... මං පිටිපස්ස බලද්දිත් එයා මමයි changනුයි ඉන්න තැනට ආවා.. එයාගෙ අතින් මාව එයාගෙ පැත්තට ඇදලා ගන්නකොට මාව ඇදිලා ගියේ හරියට පරඩැලක් වගේ... ඊට පස්සෙ changගෙ කොලර් වලින් අල්ලගෙන ආයෙත් කතාකලේ ලොකු කේන්තියකින්..

" ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තටම නැද්ද.... ආයෙ eun hyeගෙ ඉස්සරහට එන්න තරම්....."

" ඔප්පා...." පුලුවන් ඉක්මනින්ම මං ටේ ඔප්පගෙ අතින් අල්ලගෙන එයාව changගෙන් ඈත් කරන්න හැදුවේ ආයෙ පාරක් රණ්ඩුවෙයි කියලා බයට...

" ඔප්පා මේ අහන්නකෝ... එයා ඇවිත් තියෙන්නෙ සමාව ගන්න...."

" සමාව දෙන්නෙ නෑ... යනවා මෙතනින් මගෙන් මැරුම්නොකා.... " මොනවද මෙයා මේ කියවන්නේ....මමනෙ සමාව දෙනවද නැද්ද කියලා තීරණේ කරන්න ඕනෙ... මොකද මේ.... changගෙ කොලර් වලින් අල්ලන් ඉදලා තල්ලු කරපු පාරට අඩි දෙක තුනක්ම පිටිපස්සට ගිහින් chang නොවැටී බේරුනා....

" ඒත් eun hye...." chang ආයෙත් කතා කලා..

" තවත් මොනාද කියවන්න එන්නේ..." ආයෙ පාරක් ටේ ඔප්පා ගහන්න අත උස්සද්දිම මං ඔප්පව නවත්ත ගත්තා..

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now