" taehyung pov "
" එතකොට ඔයාද මේ හැමදේකටම මුල.. ඔන්නිව රැවැට්ටුවෙ ඔයාද.. " eun hyeගෙ කටහඩ මගෙ කන් ඇතුලෙ දෝංකාර දෙන්න පටන් ගත්තා.. මෙච්චර වෙලා ලස්සනට පේන්න තිබුන හැම දෙයක්ම මට ගෙනාවෙ මූසල හැගීමක්.. මගෙ පපුවෙ උණුහුමට මූණ හොවන් ඉදලා තත්ත්පරේට මගෙන් ඈත්වුන eun hyeගෙ මූණෙනුත් මං දැක්කෙ බලාපොරොත්තු සුන්වෙලා ගිය පෙනුමක්.. මට දැනුනෙ හරියට පොඩි වෙලාවකට මුලු ලෝකයම නතරවුනා වගේ.. මගෙන් වුනු වැරැද්දක් මේ විදිහට මගෙ ආදරේටත් බලපායි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නැති තරම්.. eun hye කියන්නෙ hee jinගෙ නංගි.. මං... මං මෙච්චර කාලයක් ආදරේ කරලා තියෙන්නෙ මාව හොය හොය වෛරකරන කෙනෙක්ට..
" ඔයා මගෙ ඔන්නිව රැවැට්ටුවා... " මගෙන් ඈත්වුන eun hye සෝපවෙනුත් අඩියක් විතර එහාට ගියෙ මාව ඒ තරමට පිළිකුල් කියලා හගවන්නද කොහෙද.. ඒත් eun hye මං.. මං hee jinව රැවැට්ටුවෙ වැරදි වැටහීමක් හිංදා.. මං ඒ ගැන දැනටමත් පසුතැවිලි වෙනවා.. මේ ටික මට කියන්න ඕන වුනත් මට දැනුනෙ මගෙ මුලු උගුරම වේලිලා ගිහින්වගේ.. මගෙ කටින් එක වචනයක් වත් පිටවෙන්න දෙන්නෙ නැත්තෙ මං වැරදිකාරයා කියලා මටම දෝශාරෝපනය නැගෙද්දි..
" ඔයා.. ද..දන්නවද ඔන්නි කොච්චර දුක් වින්දද කියලා ඔයාගෙ ඔය බොරු.. ආදරයක් නිසා.. මොකද.... ඔයා එයාව රැවැට්ටුවෙ.... මං නම් හිතුවෙ නෑ ඔප්පා ඔයා මේ.... වගේ කෙනෙක් කියලා... " eun hye ගොතගගහා මගෙ මූණට මේ වචන වලින් කෑ ගැහුවෙ ඉකිබිදුම් එකතු කරමින්.... please angel... මං කියන දේ අහන්න.... please.... ඇයි මට මේ එක වචනයක්වත් කියා ගන්න බැරි..
" ඔයා මාවත් රැවැට්ටුවා... කොහොමද කෙනෙක්ට දුකක් දීලා ත....තව කෙනෙක්ට.... ආදරේ කරන්නෙ.. මං ඔයාව විශ්වාස කලා.. ඔප්පා.. ඒත්... ඒත් ඔයා බොරුකාරයෙක්... " මං eun hyeගෙ අතින් ඇල්ලුවත් එයා මගෙ අත අහකට කලා... මේ හැම දෙයක්ම වැරදි වැටහීමක් මං hee jinට ආදරේ කලේ නෑ.. eun hye මං ඔයාට විතරමයි ආදරේ කලේ.. මට මේ ටික එයාව ආයෙත් මගෙ පපුවට තුරුලු කර ගන්න ගමන් කියන්න ඕන වුනත් එයා දැන මට ඒ අයිතියවත් දෙන්න ලෑස්ති නෑ..
" eu...n hye..... මං...." මගෙන් පිටවුනේ මේ වචන දෙක තුන විතරයි.. මගෙ ඇස් කදුලින් පිරෙන්න වැඩිවෙලාවක් ගියෙ නැත්තෙ ඒ තරමට මගෙ පපුව ඇතුලෙන් වේදනාවක් උඩුදුවද්දි..
YOU ARE READING
💜️My Precious Love💜️ (COMPLETED)
FanfictionMy Precious Love Covered by :- @Jungmi_11