" eun hye pov "
Ga eunට නෙවෙයිනෙ වතුර ගහලා තියෙන්නේ.. ටේ ඔප්පටනේ... ආශ්... ඊයෙ බීලා දැගලුවා.. අද වතුර ගැහුවා.. කරදරපිට කරදරනේ... මගෙ අතේ තිබුන වතුර බෝතලේ පැත්තකට විසිකරපු මං අත් දෙකෙන්ම දොර අල්ලගත්තා..
" ඔයා ගෙදරට එන අය මෙහෙමද පිළිගන්නෙ.." තාමත් ඇස් දෙකත් වහගෙන මගෙ ඉස්සරහ හිටගෙන ඉන්න ටේ ඔප්පා ඇහුවා.. ගහපු වතුර පාර සැරටම වැදිලද කොහෙද.. තවත් එයාගෙ කෙස් අග වතුර බිංදු බේරෙනවා..
" s..sorry ඔප්පා මං හිතුවෙ ga eun කියලා really sorry "
" හම්... ඒකට කමක් නෑ... "
" ඔප්පා ඇයි මෙහෙ ආවෙ.. " වෙනදට කවදාවත් apartment එකට ඔප්පා ඇවිත් නැති නිසයි මං එහෙම ඇහුවෙ... අනික මං කොහොමද මෙයාට මූණ දෙන්නෙ.. ඊයෙ බීලා මොනා කිව්වද දන්නෙ නෑ...
" මුලින්ම මං ඇතුලට එන්නද.."
" ආ.... ඇතුලට එ... එන්න..." බාගෙට ඇරලා තිබුන දොර තවත් ටිකක් එහාට කරන ගමන් මං ඔප්පට ඇතුලට එන්න දුන්නා.. අයියෝ... දැන් මොනවා කියයිද.. මට බනීද.. ga eunවත් හිටියනම්.. දොර වහන්න කලින් එළියට ඔලුව දාලා බැලුවෙ අඩුම ගානෙ ga eunගෙ හෙවනැල්ලක් වත් පේන්න තියනවද කියලා.. වැඩක් නෑ.. ඕන වෙලාවට තමයි මෙයත් නැත්තෙ.. එහෙන්ම දොරත් වහලා ඇතුලට යනකොට ඔප්පා සෝපා එකේ ඉදගෙන මූණෙයි කොණ්ඩෙයි තිබුන වතුර අතින් පිහදානවා.. පව් එයා.. මටත් පොඩ්ඩක් හොයලා බලලා ඉන්න තිබුනනෙ වතුර ගහන්න කලින්... ඉක්මනටම කාමරේට දුවලා ගිය මං towel එකක් ගෙනත් ඔප්පට දුන්නා.. එයත් මං දිහා බලලා හිනාවෙලා towel එක අතට අරගෙන මූණ පිහදාන්න ගත්තෙ හරියට පොඩි බබෙක් වගෙ.. මෙයා හැමවෙලාවකම මෙහෙම නම් කොච්චර ෂෝයි ද....
" මං දිහා බලන් ඉන්නෙ මං එච්චරටම handsome ද..."
" අහ්... නෑ නෑ.. මං මේ... towel එක දෙනකල් බලන් හිටියෙ.." මං එහෙම කිව්වට පස්සෙ මෙච්චර වෙලා සෝපාවෙ ඉදගෙන හිටපු ඔප්පා towel එකෙන් කොණ්ඩෙ පිහදාන ගමන් මං හිටපු තැනට ආවා..
" ඔප්පා.. ඇයි ආ..වෙ." මං අඩියක් විතර පිටිපස්සට ගිහින් අහනකොට ඔප්පා එයාගෙ අතේ තිබුන towel එක මගෙ ඔලුවට දැම්මා...
" ඔයාව බලන්න ආවෙ.. ගිහින් ලෑස්ති වෙලා එන්න ගමනක් යන්න තියනවා.."
YOU ARE READING
💜️My Precious Love💜️ (COMPLETED)
FanfictionMy Precious Love Covered by :- @Jungmi_11