Part 1

1.7K 98 4
                                    

Taehee's pov

දවස ආරම්භයේ නෑගී සිටි හිරැ සමුගන්නට සැරසුනේ තවත් දවසක නිමාවක් සනිටුහන් කරමින්...
රළ නැගෙමින් , බිදෙමින් තිබු මුහුදට , සමුගන්නට සැරසෙන සුර්යයාගේ රත් පැහැයත් එක්වීම නිසා එයින් කියා පෑවේ අමුතුම සුන්දරත්වයක්..

මදකට ජීවිතයේ හැමදේම අමතක කරලා , වෙරලේ කොනකට බර වෙලා හිටිය මම බලාගෙන හිටියේ මුහුදු රැල්ල එක්ක සෙල්ලම් කරන jung mi දිහා... මේ ලෝකේ මට කියලා හිටපු එකම කෙනා... දන්න කාලෙක ඉදන් අපි දෙන්නට හිටියේ අපි දෙන්නා විතරයි... පොඩි එකෙක් වගේ සෙල්ලම් කරන jung mi ගෙන් කවදාවත් නැති තරම් සතුටක් පෙනුනා...

ඒත් එක්කම මගේ ඇස් ගියේ jung mi ට එහායින් රැල්ල එක්ක සෙල්ලම් කර කර හිටපු පොඩි පවුලකට... ඒ අම්මයි , තාත්තයි ඒ චුටි දුව එක්ක හරි හරියට සෙල්ලම... චුටි කෙල්ලත් කෑ ගගහා අම්මගේ තුරැලේ හිටියේ.. ඔව් එයාලා සතුටින්... ගොඩාක්...
මුහුදෙන් ආ සීතල සුලඟකින් මගේ ඇඟම සීතල වෙද්දී , හිතට දැනුනේ කියාගන්න බැරි තරම් දුකක්...

අම්මා , තාත්තා , පවුල මේ වචන 3 මිනිස්සු වෙච්ච අපිට කොයිතරම් නම් වටිනවද ?

ඔව් ,මට හිතෙන විදිහට පවුලක් නැත්නම් මනුස්සයෙක් අසම්පුර්ණයි...
මොකද පවුලකින් ආදරය , කරැණාව , රැකවරණය , ආරක්ෂාව මේ හැමදේම ලැබෙන නිසා...

මමත් වැටෙන්නේ ඒ අසම්පුර්ණ මිනිස්සුන්ගේ ගොඩටම තමයි..
මම නමින් Song taehee .... මං ඉපදුනේ Seoul වල...

මගේ ජීවිතේ හැමදේම මම බෙදාගත්තේ Jung mi එක්ක.. අපි දෙන්නා එකට school ගියේ.. හැමදාම එකම class එකට වැටුනේ ... අපි දෙන්නම ඉගෙනගන්න ගොඩාක් දක්ෂයි... එ වගේම උපතින්ම අපි දෙන්නම ගොඩාක් ලස්සනයි...
Jung mi නම් කියන්නේ මම එයාට වැඩිය ගොඩාක් ලස්සනයි කියලා...
අපි දෙන්නම ගොඩාක් උස නොවුනට , අපි දෙන්නටම උසට හරියන මහතක් තිබ්බා.. විශේෂම දේ තමයි මගේ කොණ්ඩේ.... කලාතුරකින් කෙනෙක්ට ලැබෙන ,ගොඩාක් මහත, Straight hair
එකක් මට තිබුනේ...

ඒත් ඒ කිසිම දේකට අපේ ජීවිතවල අසම්පූර්ණ බව නැතිකරන්න බැරිවුනා..

අපි දෙන්නා තනියම ජීවත් වෙන්න පටන් ගෙන මුලින් නවතින්න තැනක් හොයාගත්තා... University එක කිට්ටුවම තැනක් හොයාගත්තේ අපේ ලේසියට... ඇඳවල් දෙකක් එක්ක පොඩි කාමරයක් , චූටි kitchen එකක් , cupboard එකක් එක්ක පාඩම් කරන්න පොඩි මේසයක් තිබ්බා.... ඒක ගොඩාක් පොඩි තැනක් වුනත් අපි දෙන්නට ඒක මහමෙරක් වුනේ ගොඩක් අඩු කුලියක් ගෙවන්න තිබුන නිසා....

එදා ඉදන් part time job වලට ගියේ university යන්න සල්ලි හොයාගන්න... කෑම බීම , ඇදුම් පැලදුම් , ඉගෙනීම මේ හැමදේම balance කරගෙන degree එක ගන්න ගොඩාක් දුක් විදින්න උනා.... දවසට part time job 4 , 5 ගිය කාලවල් ඕනතරම් තිබ්බා....

මේ අතර එක දෙයක් තිබ්බා අපි දෙන්නව හිනස්සපු , සතුටින් තියපු
ඒ තමා

BTS ❤🌍

ඒ වෙද්දිත් world wide famous band එකක් වෙච්ච ඒ හත්දෙනා මගෙයි , jung mi ගෙයි ,ජීවිතේ වුනා... BTS JIMIN ❤🙈 මගේ Bias වුනේ එයාගේ angel smile🧚‍♂️ එකට... සමහර වෙලාවට එයාගේ ගතිගුනත් angle කෙනෙක් වගේ කියලා මට හිතුනා....🧚‍♂️
ඒත් අපේ jung miya ගේ Bias වුනේ Jungkook.... ඒ නම ඇහුනත් තැනක් ,නොතැනක් නැතිව කෑ ගහන තරමට කෙල්ල පිස්සු වැටිලා හිටියේ.😂

ඒ වගේම එයාලාගේ පිස්සු වැඩ අපිව හිනැස්සුවා... එයාලාගේ සිංදු අපිව සැනසුවා.. ඒක වෙන්නැති මගෙයි , jung mi හීන පවා එයාලා එක්ක බැදුනේ...

මේ ගෙවෙන්නේ මගේ වගේම jung mi ගේ ජීවීතේ තීරණාත්මකම කාලයක්... ඒත් එහෙම පහසුවෙන් අපිට අපේ හීන හැබෑ කරගන්න පුලුවන් වෙයිද ??


To be continued.....

Special thanks to Thushara1990 ❤😭
Thank you akki for your help.. 🙇‍♀️

Dreams Came True ❤Where stories live. Discover now