Chapter 01

3.9K 327 9
                                    

කලබලකාරි නගරයක තව දිනක් උදා විය. බූසාන් කියන ගමෙන් සෝල් නගරයට පැමිණ කලබලකාරි ක්‍රමයට හැඩ ගැසීම එතරම් පහසු නොවන බව මට තේරුම් ගියේ මෙහි රාත්‍රිය ගත කල පලමු දිනයේදිමයි.

මං ජන්ග්-ගුක්. ජිවිතේ තිබුන ලස්සන හීනයක් ඇත්ත ලෝකෙ දකින්න හිතාගෙනයි සෝල්වලට ආවෙ.. ඒ ගායෙකු වෙන හීනය හැබෑ කරගන්න.. පුංචි ආයතනයක පුංචි බෝයි බෑන්ඩ් එකක සමාජිකයෙකු ලෙස බැදෙන්න මසකට කලින් ඒ පැවැත් වුන ඔඩිශන් එක හරහා මට අවස්තාව උදා වුනා..

සොක්-ජින්, නම්-ජුන්, යුන්-ගි, හෝ-සොක්, ටේ-යුං, ජිමින් මේ පවුලෙ අනික් සාමාජිකයන් වුනා..
ඒත් මගේ මුලු ජීවිතේම වෙනස් කරපු මගේ ආත්ම සහකරුත් මෙතනදිම හම්බවෙයි කියල නම් මං කවදාවත් හිතුවෙ නෑ..

______________________________________

අම්ම තාත්තා නැති අඩුව අවු 15ක් වුනත් මට දැනෙන්න ගත්තෙ ඩෝම් ජීවිතේට හුරු වෙන්න වුනාම.. ඒත් ඒ අඩුව දැනෙද්දි ඇඩෙන එක නවත්ත ගන්න නම් මට පුරුදු වෙන්න බැරි වුනා..
හැමෝම ඩෝම් එකෙන් එලියට ගියාම අඬන එක අන්තිමට මට පුරුද්දක් වුනා..

"ජන්ග්ගුගා ප්‍රශ්නයක් ද? ඇයි අඬන්නෙ මෙහෙම"

කලුවරේම මගේ මූන අතගලා එහෙම අහද්දි මං බය වුනා..

"ගුකී මං ටේ හියුං..බය වෙන්න එපා.."

මට ඕනි වුනේ තවත් අඬන්න. හයියෙන් අඬන්න ඒත් ඊට කලින් ටේ හියුං මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා..

"දැන් ඇති වෙනකම් අඬන්න.ඒත් හැමදාම මෙහෙම අඬන්න එපා..ඔයාගේ හීන වෙනුවෙන්නෙ ඔයා අද මෙහෙම මහන්සි වෙන්නෙ.."

මං වචනයක් නොකිව්වත් මගෙ හිත හදන්න ඒ උණුහුම ඕනිවටත් වැඩියි කියල දැනුනා.. ඒ දිග ඇඟිලි තුඩු මගෙ කොන්ඩෙ එහෙට මෙහෙට කරනකොට දැනෙන සනීපෙටම මං තව ටිකක් ඒ පපුවට තුරුල් වුනා..

"චූටි බබෙක් වගේනෙ මෙයා.. දැන් අඬලා ඉවරද ඉතිං"

කලුවරට හුරු වුන මගේ ඇස් ඒ වචන එක්කම තුරුලෙන් එහාට වෙලා ඒ මූන දිහාවට යොමු වුනා..

"හියුං කොහොමද දැන ගත්තෙ මං ඩෝම් එකේ කියල.."

"මට දැනුනා"

"හියුං මට හරි පාලුයි. මට තනි වෙලා වගේ දැනෙනවා මට තිබුනෙ කියාගන්න බැරි දුකක්. යාලුවො නෑ .. අම්මා නෑ ... අයියා නෑ .."

මට කියාගන්න කෙනෙක් හිටියෙ නැති නිසාම මං ටේ හියුංට ඔහේ කියාගෙන කියාගෙන ගියා..

"තාමත් එහෙමද?"

මගෙ ඔලුව අතගාන ගමන් ලඟට වෙලා හියුං එහෙම ඇහුව ම නම් මට දැනුනා මං තනි වෙලා නෑ කියලා..

ඒත් එක්කම එලියට ගිය අනික් හියුංලා එනව ඇහුන නිසා මං නැගිට්ටා..

"ගුකී දැන් අඬන්න එපා.. මූන හොදගෙන එලියට එන්න තේරුනාද.. අඬන්න එපා..කෝ දැන් යන්න කිව්වම අහලා"

ටේ හියුං එහෙම කියාගෙන සාක්කුවට අත් දෙකත් දාගෙන එලියට ගියා.. රෑට කන්න වුවමනාවක් නොතිබ්බත් හියුංලා එලියෙ ඉන්න නිසාම මූන හෝදගෙන එලියට යන්න මං තීරණය කලා.
මූන හෝදන ගමනුත් මං කල්පනා කරේ මං ගත්තු තීරණේ හරිද කියන එක.. මට ගායකයෙක් විදියට සාර්තක වෙන්න පුලුවන් ද කියන එක.

"ජන්ග්-ගුකා ඉක්මනට එන්න අපි චිකන් ගෙනාවා"

ඒ ජින් හියුං.. හැමදේම ඔම්මා වගේ හොයල බලල කරන්නෙ හියුං තමයි.. මං ඒ සද්දෙත් එක්ක එලියට ආවෙ ඇදුමත් අඳින ගමන්.

"අපිට ඊලග අවුරුද්දෙ මුල් මාස තුන ඇතුලත ඩෙබියුට් කරන්න පුලුවන් වේවි කියල මැනේජ-නිම් කිව්ව. අපි හුගක් හොදට තව ප්‍රැක්ටිස් කරන්න ඕනි.. සෝන්ග් එකේ ප්‍රොඩියුසිංවල වැඩ ටිකක් තව ඉතුරුයි ඒක ශ්‍යුගා හියුං එක්ක මට ඉවර කරගන්න පුලුවන් වේවි ඉක්මනින්"

චොප්ස් ටික් දෙක අතට ගන්න ගමන් නම්ජුන් හියුං කියපු දේට හැමෝගෙම අවධානෙ යොමු වුනා.. මාත් ජේහෝප් හියුං ලගට ගිහින් වාඩි වුනෙ හැමදේම හොදට අහගන්න... කන්න පිරියක් නොතිබුනත් පොඩ්ඩක් හරි කන්න ඕනි කියල මට හිතුනා කට්ටියම කෑම ගන්න ලෑස්ති වෙද්දි..

"ගුකී අයිගෝ ප්‍රැක්‍ටිස් වගේම හොදට කන්නත් ඕනි..ඔහොම නම් චුට්ටක් කාලා බෑ"
එහෙම කියපු ජේහෝප් හියුං මට තවත් චිකන් බෙදන්න පටන් ගත්තා..

"ඔක්කොම කාල මිසක් නැගිටින්නෙ එහෙම නෑ "

කට්ටියම මං දිහා බලන් ඉන්න විදියට ඔක්කොම කන්න වෙනව කියල මට තේරුනා..

"අයිගෝ උරි මග්නේ"

කට්ටියගෙම සතුටු හිනා එක්ක මට දැනුන තනිකමත් නැති වුනා.. මේ පවුල මගෙ ජීවිතේ අලුත් පවුල විදියට ඉස්සරහට මගෙ ජීවිතේ කොටසක් වෙනව කියන එක මට තේරුම් ගියා..

පවුල.. ඇත්තම මේක තමයි මගෙ පවුල.🌼

ETERNAL LOVE Where stories live. Discover now