කට්ටියම කෑම කාලා ඉවර වෙල එයාලගෙ වැඩ කරන පටන් ගත්තා.. හියුංලා හැමවෙලේම බෙදාගෙන වැඩ කලේ.. ජින් හියුං නම් හැම වෙලේම කෑම හදන වැඩ බාර ගත්තා ශ්‍යූගා හියුං එකතු කරගෙන එයා ඒ වැඩ කරා.. ක්ලීනිං හොප් හියුං එක්ක නම්ජුන් හියුං බාර ගත්තා.. මග්නෙ ලයින් එක වුන අපිට තිබුනෙ එ වැඩවලට උදව් වෙන එක.. ඒත් එදා ලොකු වැඩක් නොතිබුන නිසා ම නිදහසේ ඉන්න හිතාගෙන මං එලියට ආවා.
කලුවර අහසෙ චූටි චූටි තරු දිහා බලාගෙනම මං එලියට බැස්සෙ ඉමක් පේන් නැති ඒතරම් තරු ගොඩක් අහසට බර වැඩි නැද්ද කියල හිතන ගමන්.. සීතල හුලගක් ගෑවි නොගෑවි ගියත් එදා ඒතරම්ම සීතල රාත්‍රියක් වුනෙ නෑ .. මේ ලෝකෙම අපිව දැන ගන්න දවසක් ඒවිද? මේ වගේ තරු ගොඩක් හඳවටේ ඉන්නව වගේ අපේ වටෙත් ඉදීද? මම තනියම කල්පනා කලා..
"ජන්ග්ගුකා"
ඒ සද්දෙත් එක්ක මං හිටිය තැන ඉදන් පිටිපස්ස හැරිලා බැලුවා..දොර ගාවම ඉදන් ටේ හියුං අතවනනවා.. මාත් පෙරලා අත වැනුවෙ හිනාවකුත් එක්කමයි.. බ්ලැක් ටීශර්ට් එකකට බ්ලැක් ශෝට් එකක් ඇදල හිටිය හියුංට තියෙන්නෙ හරි අමුතුම ලස්සනක් කියල මට හිතුනා..
"මොනවද මේ රෑ මේ පිණි බබා ඉන්න ගමන් කල්පනා කරන්නෙ?.. ම්ම්ම්.."
මගෙ කොන්ඩෙන් අදින ගමන් ටේ හියුං එහෙම ඇහුවෙ මගෙ ඇස් දෙකට එබෙන ගමන්..🤨
"ආව්.. හියුං රිදෙනවා" 😣
"මොකො ලෙඩ වෙන්න ආසවක් තියෙද මේ හීතලේ එලියට බැස්සෙ" 🤨
මට හිනා ගියේ ඒක අහපු විදියට.. මං ඉක්මන්ට හියුංගෙන් දුවන් ගිහින් ලග තිබුන සිමෙන්ති බෙන්ච් එකේ වාඩි වුනා..
"පණ්ඩිතයි නේද 😏 කියන දේ අහන් නැතුව එකට එක කරන්නෙ.. " එහෙම කියාගෙනම හියුං මං ලගින් වාඩි වෙලා අහස දිහා බැලුවා..
"මට ආසයි හියුං මේ අහස දිහා බලන් ඉන්න.. කවදහරි මේ වගේ තරු ගොඩක් වට කරන් ඉන්න" 🙂
මං හියුං දිහා බලන ගමන් කිව්වා..
"හ්ම්ම්හ්..ලොකුවට හීන දකින්න ඒත් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා" 🙂
හියුං කියන හුඟක් දේවල් ඇත්තටමයි කියන්නෙ.. ඊටත් වඩා හිතේ හුගක් දේවල් පුරවගෙන වචනවලට පෙරලන්නෙත් කිපයයි..
"හියුං" 😐
"මොකෝ තව මේ සීතලේ එලියට වෙලා ඉන්නද ඕනි.. යමු ඇතුලට.. හෙට ප්‍රැක්ටිස් උදේ ඉදන් ඔයාටත් ස්කෝලෙත් යන්න තියනව නෙහ්...🤨"
හෙට දවස නිසාම මං එතනින් එන්න නැගිට්ටා ඒත් එක්කම හියුං මාව ආයි ඇදලෙයාගෙ ලඟට ගත්තා. ඒ ඇදපු පාරට මං වැටුනෙ හියුංගෙම ඇඟට.
😐😐😐😐😐😐😐😐😐
"හියුං වේ??"
😐😐😐😐😐😐😐😐😐
"අනියෝ..අමුගෙස්දෝ" '😓'
" (nothing)හියුං එහෙම්ම මාව නැගිට්ටවල යන්න ගියා.. මට ඒ මොකක්ද වුනේ කියල තේරුම් ගන්න බැරි වුනා.. මොනව වුනත් මං ඩෝම් එකට යන්න තීරණේ කලා..
_________________________________
නිදාගන්න හැදුවත් නින්ද යන් නෑ ..
හියුං ඒ කරපු දේම ආපහු ආපහු මතක් වෙනවා.. ඒ ඇස්.. ඒ බලපු විදිය.. ඒ සුවද..
අයිශ් චින්ච මොනාද මං මේ හිතන්නෙ..😖😖"ගුකී නින්ද යන් නැද්ද"
නින්දෙන් වගේ ජිමින් එහා ඇදේ ඉදන් අහුව..
"අනේ මන්දා හියුං නින්ද යන් නෑ"
ඩෝම් එකේ තට්ටු ඇදවල් කට්ටියට තිබුනට මට තිබුනෙ තනි ඇඳක්..
මොකුත් නොකියම ජීමින් එයාගෙන් ඇදෙන් බැහැලා කොට්ටෙකුත් අරන් මගේ ඇඳට ආවා.."මං ඔයා එක්ක ඉන්නම් ගුක්කී... ඔයාට නින්ද යයි එතකොට.."
මං අයිනට වෙලා ජීමින්ට ඉඩ දුන්නා ජිමිනා ආවට පස්සෙ නම් නැති වෙලා තිබුන ලඟට ආවා.. පවුල ඇතුලෙ තියන උණුසුම දැන් තමා දැනෙන්නෙ ගත්තෙ..
"මගෙ මල්ලිත් ඔයාගෙ වයසෙ.. 🙂 මට දැනෙන්නෙ ඔයා මගෙම මල්ලි වගේ" ජිමින් හිනා වෙලා මගෙ ඔලුව අතගානගමන් එහෙම කිව්වම මට දැනුන මං විතරක් නෙවෙ පවුලෙ ආදරය මේ හැමෝම හොයනවා කියලා..
"දැන් කල්පනා නොකර නිදා ගන්න.. හරි ද...
එහෙම කියල ජිමින් මගෙ පපුවට උඩින් අතකුත් දාන් ආයිමත් නින්දට වැටුනා.
මටත් නොදැනිමි ඒ උණුසුම එක්ක මාත් නින්දට වැටුණා..
ESTÁS LEYENDO
ETERNAL LOVE
FanficThe First Taekook / BL Fiction in Sri Lanka Started : 2019 July 26 Finished : 2019 Oct 15