Chapter 09

1K 263 15
                                    

අපේ විඩියෝ එක අද හවසට රෙකෝඩ් කරන්න නියමිතව තියෙන නිසා කට්ටියම උදේ හුඟක් ප්‍රැක්ටිස් වුනා.. ප්‍රැක්ටිස් ඉවර වෙලා කට්ටිය යද්දි ජින් හියුං මාව නවත්ත ගත්තා..

"ජන්ගුගා.. මට කතා කරන්න ඔයා එක්ක ටිකක්"

"😐හියුං"

"හ්ම්ම්ම්.. මෙතනින් ඉදගන්න"
කට්ටියම ස්ටූඩියෝ එකෙන් එලියට ගියහම ජින් හියුං මාව එයා ලඟින් ඉන්දව ගත්‍තා..

"ඔයා තේට ආදරෙයි ද? ඔයාට කෙලින් උත්තරයක් දෙන්න පුලුවන් නම් දෙන්න..නැත්තනම් අපි ඒ ගැන කතා නොකර ඉමු"

ඒ ප්‍රශ්නෙ මං බලාපොරොත්තු වුන දෙයක් නෙවේ ඒත් උත්තර දෙන්න ඕනි වුන නිසා මං කල්පනාවට වැටුනා.

"හියුං මං කවදාවත් කාටවත් ආදරේ කරල නෑ .. මං දන් නෑ මගේ හිතේ තියෙන්නෙ ආදරයක්ද නැද්ද කියන්න.. මං එයා ගැන හුඟක් හිතනවා.. ඒත් යාලුවෙක් විදියට නම් නෙවේ.. ඊට වඩා බැඳීමක් මට එයා ගැන දැනෙනවා"

මං කියව ගෙන කියව ගෙන ගියා.. ඇත්තම මගෙ හිතේ තියෙන්නෙ මොන වගේ හැඟීමක් ද කියන දේ මටවත් තේරුම් ගන්න පුලුවන් කමක් තිබුන් නෑ ..

"හ්ම්ම්.. ඔයා එදා රෑ තේ ගැන හුඟක් කියෙව්වා.. තේ ඔක්කොම බලාගෙන හිටියෙ.. අන්තිමට අපි කිව්ව එදා රෑ ඔයත් එක්ක තේට ඉන්න කියල.."

" ඒ කියන්නෙ තේ ඔක්කොම අහං හිටියද 😐.. මං කොහොමද දැන් හියුංගෙ මූන බලන්නෙ"

"ජියොං.. ඔයා එයා එක්ක ම මේ ගැන කතා කරොත් හොඳයි 😊.. මං හිතන්නෙ නෑ තේ ඔයාට අකමැති වෙයි කියල"

"හම්ම්ම්.. මං යන්නද හියුං ඔලුවත් රිදෙනවා මගෙ.."

"ඕකේ.. හවස් වෙද්දි ලෑස්ති වෙලා ඉන්න.."

මං එහෙම්ම හැරිල එන්න ආවෙ මං මොනවද තේට කියන්නෙ කියල කල්පනා කර කර.. කොහොමත් හියුං කවදාවත් මට කැමති වෙන්නෙ නෑ .. එයාට කවදහරි ලස්සන ගර්ල් කෙනෙක් හම්බෙයි.. ආදරේ කරයි.. මට ආදරේ කරා කියල ඇත්තටම එයාට ලැබෙන දෙයක් නෑ නේහ්...

දිග පටු කොරිඩෝවෙ ඇතුලෙ මං ඔහේ ඇවිදගෙන එද්දි කවුරුහරි මාව පිටිපස්සෙන් ඇවිත් බදාගත්තා..

"ම්හ්ම්"

"ඔහොම්ම ඉන්න ඈත් වෙන්න එපා"

ඒ තේ.. ඔව් ඒ තේගෙ කටහඬ ම තමයි.

"හියුං"

"ඇත්තටම මට ආදරෙයිද?"

ටේ හියුං ඇත්තටම මගෙන් ඒක ඇහුවද? නැත්තනම් මට ඒ ඇහුන විදියද?? මට හිතා ගන්න බැරි වුනා..

"ම්ම්..🤨 මට ඇත්තටම ආදරෙයි ද?"

මට ඒ මූන බලන්න ඕනි වුනත් හියුං මාව තව ටිකක් තුරුල් කරගත්තා මිසක් හැරෙන්න දුන්නෙ නෑ ..

"ඔව්"

"ඇයි?"

"දන්නෙ නෑ"

"මට සමාවෙන්න ජියොන්"

"වේයෝ 😐"

ටේ මාව ස.මාවෙන්න කියල අත් ඇරියා..

"වේ හියුං? හියුං වරදක් කරල නෑ නේ...ඇයි සමාව?"

"මට ඔයාට බොරුවට බලාපොරොත්තු දෙන්න බෑ .. මං ගර්ල් කෙනෙක්ට ආදරේ කරනව ජියොන්.. මට සමාවෙන්න ඒත් මං ඔයා ගැන හිතුවා.."😔❤️

මං හිටි තැනම ගල් ගැහුනෙ කිසි දෙයක් හිතා ගන්න බැරුවයි... මං එහෙම්ම දුවගෙන ආවෙ ඩෝම් එකට...

කෑ ගහල අඬන්න ඕනි වුනත් හුස්ම අල්ල ගෙන ම මං හිටියා..

ඇයි මට ම.. ඇයි මටම මෙහෙම වෙන්නෙ...

මගෙ පලමු ආදරය ඒ විදියට රිජෙක්ට් වුනා කියල මගෙ හිතට බලෙන් හරි තේරුම් කරල දෙන්න මට සිද්ද වුනා..

________________________________________

ETERNAL LOVE Donde viven las historias. Descúbrelo ahora