ඒ හීන් දිග ඇඟිලි මගෙ කොන්ඩෙ පුරා යවන ගමන් එක පාරට ම මගෙ ඇස්වලට එබුනා..
"මොනවද බලන්නෙ ම්ම්ම්.." 🤨😄
හැඟීම් විරහිතව තිබුන ඒ ඇස් මගේ ඇස් දිහා බලාගෙන මොනවාදෝ හෙව්වා..ඒත් මට උත්තරයක් හොයාගන්න බැරි වුනේ ඒ වෙද්දිත් ඒ ඇස් මාව වශී කරගෙන තිබුන නිසයි.. හිතන්නත් කලින් ඒ දෙතොල් මගෙ දෙතොල්වලට බර වුනේ තවත් මාව තදින් වැළදගන්න ගමන්..
"ජොන්-ජන්ග්-ගුක් දැන් කීයෙ ඉදන් ද කතා කරන්නෙ ඇහෙරෙන්න ඉක්මන්ට...තව පරක්කු වුනොත් ස්කෝලෙ යනව බොරු.." 🧐🧐
උදේ ම ජීමින් කෑ ගැහිල්ලට තමයි ස්කෝලෙ යන්න තියනව නේද කියල මතක් වෙලා මට ඇහැරුනේ.. අයිශ් මං මොනවද මේ හීනෙන් දකින්නෙ.. මගෙ ඔලුවත් හෝන්දු මාන්දු වුනා..😐 මං තොල් අතගාල බැලුවෙත් ඒක හීනයක්මද කියල සැක හැර දැනගන්න.
"ගුකී දැන් ඇහැරෙන්න.. අයිගෝ මෙයා නම් අද යන් නෑ "
ඊලඟ පාර කෑ ගහනව ඇහුනෙ ශ්‍යුගා හියුං.. මෙච්චර නින්දට ආදරේ කරන හියුංම ඇයි දෙයියනෙ මගෙ අහිංසක නින්දට බාධා කරන්නෙ..😕
ස්කෝලේ යන්න ඕනි නිසාම මං ඉක්මනින් ලෑස්ති වුනා.සෝල් හයිස්කූල් එකට වැඩි දුරක් නොතිබුනත් මැනේජර්-නිම් මාව ඇරලවන්න එයාගෙ වෑන් එකේ එනව.. (අපේ ඒජන්සි එක පොඩි නිසා ප්‍රයිවට් වෙහිකල්ස් අපිට තිබුනෙ නෑ ..)ෆස්ට් පිරීයඩ් තුන ඉවර වෙන්කනුත් මගෙ සිහිය තිබුනෙ මං ලඟ නෙවෙයි..පන්තියේ කොනක ශටර් එක අයිනෙ හිටිය මට පෙනුනෙම හුලඟත් එක්ක එහෙට මෙහෙට වෙන ගස්වක කොළ විතරයි. පුංචි සිදුවීමක් නිසා මුලු හිතම දැන් හොයන්නෙ ටේ හියුං (මොනාද මන්ද මං මේ හිතන්නෙ මටත් පිස්සු)
හවස ප්‍රැක්ටිස් නිසා මං ස්කෝලෙන් කලින් ආවා.. මං ඩෝම් එකට එද්දි හියුංල කවුරුත් ඇවිත් හිටියෙ නෑ .. එයාල එනකම් වොශ් එකක් දාගන්න ඕනි කියල මට හිතුනා.. යුනිෆෝම් එක ගලවල තියල වොශ් රූම් එකේ දොර අරින්න හැදුව විතරයි වොශ් රූම් එකේ දොර ඇරුනා..
"ජන්ග්-ගුක්" 😐
බේබි ටවල් එකකින් ඔලුව පිහිදාන ගමන් මං දිහා බලාගෙන පුරුදු ඩීප් වොයිස් එකෙන් එහෙම ඇහුවෙ ටේ. මං නොහිතපු වෙලාවක ඒ විදියට හියුංව දකිද්දි මං ගැස්සුනා.
"අද කලින් ආව හියුං හවස ප්‍රැක්ටිස් තියන නිසා" 😐
මම එහෙම කිව්වත් හියුං මාව ගනන් නොගෙන එලියට යන්න ගියා..💔
මං එහෙම්ම වොශ් රූම් එකට ගිහින් දොර වහගත්තේ මටම මාව පාලනය වෙන් නෑ කියල දැනුන නිසයි.. මට ගර්ල් කෙනෙක් ගැන නැතුව ඇයි ටේ හියුං ගැන ම මෙහෙම හිතුනෙ.. මං ඔලුව කෙස් හයියෙන් අදින ගමන් ශවර් එක යටට වෙලා හිතුවෙ ඒකයි.. ඒ ඇස් .. ඒ දෙතොල්.. ඒ ඇඟිලි ..කෙටියෙන්ම කිව්වොත් ටේගෙ කටහඬ පවා මාව පිස්සෙක් කරන තත්වෙකට මාව පත් වෙලා තිබුනේ.. ඒත් මං කොහොමද එයාට කියන්නෙ මං එයාට ආදරේ කරනව කියල..මං නාගෙන එලියට ආවත් ටේ හිටියෙ නෑ පේන්න.. මට එයා එක්ක කතා කරන්න ලොකු වුවමනාවක් ඇති වෙලා තිබුනත් ආදරේ ගැන කියන්න නම් මට හයියක් තිබුනෙ නෑ ..කොහොම වුනත් කවුරුත් තාම ඇවිත් නොහිටිය නිසා මං ඩෝම් එකෙන් එලියට විහිදිලා තිබුන බැල්කනිය පැත්තට ගියේ නිදහසේ අහස දිහා බලන්න.. ඒත් .. ඒත්.. මං ඒ දැකපු දෙයින් මාව ගැස්සුනා.. මගෙ පපුව ගැහෙන්නත් අත් සීතල වෙන්නත් ගත්තෙ දැකපු දෙයින් ඇස් අදහා ගන්න බැරිව හිටිය නිසාමයි..
"ජී-මින්" 😐
(සුගා මැනේජ -නිම්ගේ වෑන් එකේදි.)
(ජන්ග්ගුක් එයාලගෙ ඩෝම් එකේ )
YOU ARE READING
ETERNAL LOVE
FanfictionThe First Taekook / BL Fiction in Sri Lanka Started : 2019 July 26 Finished : 2019 Oct 15