කල්පනා කරේ මං ඇත්තට ම මොනවද කිව්වෙ කියල... 🤔
"ඔය කල්පනා කරා ඇති යමු කන්න.. 😄 පස්සෙ ඕවා ගැන හිතන්න බැරියැ"
එහෙම කියපු ජිමින් මගෙ අතින් අදින්න ගත්තා..
"අද ප්රැක්ටිස් කරන අන්තිම දවස වැඩ ගොඩක් තියනව කරන්න...යමු කන්න ...😑"
ජිමින්ගෙ කටට කට කලියාවක් දාන්න ඕනි කියල හිතන ගමන් මේ මළවදෙන් බේරන්න ඩයිනිං රූම් එකට ආවා..
"ගුඩ් මෝනිං ජියොං"
කෑම කටේ පුරෝගෙනම මාව දැකපු නම්ජුන් හියුං කිව්ව..
"මෝනිං හියුං"
"ආං ජන්ගුගා.. මෙහෙන් වාඩි වෙන්න.. මේ තේ හියුං ලග ඉඩ තියනව 😃"
අනෙ දෙයියනෙ මේ ජින් හියුංට මොන යකා වැහිලද මන්දා 😑😑😑 මොනව කරන්නද මං ඉඩ තිබුන තැනින් වාඩි වුනා..
තේ මගෙ මුන දිහා බැලුවෙත් මං තේගෙ මූණ දිහා බැලුවෙත් එකටමයි.. ඒ බැල්මට එක පාර විදුලියක් කෙටුව වගේ හැඟීමක් දැනෙද්දි වෙනසක් නොපෙන් වන්න ඕනි නිසා එතන තිබුන සැන්ඩ්විච් එකක් අරන් මං කටේ ඔබා ගත්තා.. ☺️
"අපි අදින් ප්රැක්ටිස් ඉවර කරනවා.. හැමෝම උපරිමෙන් ප්රැක්ටිස් කරන්න ඕනි.. හෙට හවස අපෙ විඩියෝ එක ගන්නවා .. හොදට උදේට කාලා වර්ම් අප් කරන්න යමු"
හෝබි හියුංට තියන වගකීම ගැන නොකියම හෝබි කරන්න ඕනි දේ විතරක් කියල ආයිත් කන්න පටන් ගත්තා..
ඩාන්සිං ප්රැක්ටිසස් ඔක්කොම බලන්නෙ හෝබි නිසා හැම වෙලේම අපේ ස්ටෙප්ස් ගැන ලොකු අවධානයක් දෙන්න වුනේ හෝබි හියුංටයි..
"අනිවාරෙන් අපි හොද තැනක් හදාගන්න ඕනි.. අපි මෙච්චර දුක් වින්දෙ අයිඩල්ස්ල වෙලා නතර වෙන්න නෙවේනෙ.. අපි වෙනස් කියල අපේ සිංදු අහන අයට දැනෙන්න ඕනි 😎"
ඇෆ්රිකන් - ඇමරිකන් රැප කෙනෙක්ටම හරියන විදියට කොන්ඩෙ හදාගෙන හිටිය නම්ජුන් හියුං නම් අපිට වඩා දුරක් යයි කියල දකින කොටම හිතෙනවා.. තව සැන්ඩ්විච් එකක් අතට ගන්න ගමන් මං හිතුවෙ නම්ජුන් හියුං නිසා නේද මං මට මේ හැමදේම ලැබුනෙ කියලයි..
පොඩි දේටවත් සැලෙන් නැතුව හිටියට හියුංට තියෙන්නෙ පොඩි දේටත් උණු වෙන හිතක් කියල ඒ වෙද්දි අපිට තේරිලා තිබුනා...කට්ටියම කෑම කාල ඉවර වෙද්දි යුන්කි හියුං එක්ක ජිමින් නැගිටල ගියෙ මටත් ඇහෙන් ඉඟියක් දීගෙනමයි...
"ජිමින් පරිස්සමින් යන්න කකුල් එහෙම තුවාල කරගන්න එපා.. ප්රැක්ටිස් කරන්න ඕනි 😌"
ජින් හියුංගෙ කට නම් 😑😑😑 මං ජින් දිහා බලාගෙන එහෙම කල්පනා කරද්දිම ජින් ආයිමත් බැලුවෙ මං දිහා..
"😐😐😐"
"මොකද බලන්නෙ 🤔"
"😐😐😐"
"යා.. ඊයෙ රෑ 😌"
"😐😐😐හියුං"
ඔක්කොමල හයියෙන් හිනා වෙන්න ගත්තෙත් ඒ එක්කමයි...
තේ හියුං නැගිටල යන්න ගියෙත් ඒ එක්කමයි.. නම්ජුන් හෝබි හියුං මාවයි ජින් හියුංවයි විතරක් එතන තියල යන්න නැගිට්ටෙත් මේ වෙන දේවල් එක්ක මෙතන උෂ්නත්වය සෙල්සියස් අංශක 100කට නගින්න ආසන්න බව දැනුන නිසා ම තමයි ✋😄
"යා.. මාව දාලා යන්නෙ කොහෙද"
ජින් හියුංගෙ හයි පිච් වොයිස් එකත් එක්ක කට්ටිය හිනා වෙලා හියුංගෙ පිටට තට්ටුවක් දාලා යන්න ගියා..
"😐😐"
"මොකෝ"
"😐හියුං ඊයෙ මොකෝ වුනේ"
"මොනව වෙන්නද ඔයා අඬන්න ගත්තනෙ"
"😐 එච්චර ද වුනේ"
"ම්ම්ම්.. ඔයා තේ ගැන කියෙව්වා"
"මොකක්😐"
"ඇයි මතක නැද්ද.. අඬ අඬ තේගෙන් සමාවත් ඉල්ලුවේ🤨"
"මේ මං?"
"කට්ටිය ලෑස්ති වෙන්න ප්රැක්ටිස්වලට" හෝබි හියුංගෙ සද්දෙ නිසා ම මට තව මොකුත් අහන්නවත් වුනේ නෑ ..
YOU ARE READING
ETERNAL LOVE
FanfictionThe First Taekook / BL Fiction in Sri Lanka Started : 2019 July 26 Finished : 2019 Oct 15