ඔලුව රිදෙන එක දරා ගන්නම බැරි නිසා මං නැගිට්ටා.. ඒත් මං හිටියෙ කලුවරෙ..කවුරු හරි මගෙ ඔලුව අත ගානවා වගෙ දැනුන නිසා මං ඒ අතින් අල්ල ගත්තා..
"ජියොන්"
ඒ තේයුංගෙ කටහඬ.. ඔව් ඒ කටහඬම තමයි..
"තේයුං"😐
මං ඒ පැත්තට හැරෙන්න හදද්දිම ඒ අත් දෙකින් මගෙ මූන අල්ලලා ඒ පැත්තට හරෝගත්තා..
"තේයුං" 😐
"දැන් මොකො ඔයාට?? අඩුයි වගේද.. ඔයාට ලයිම් ජූස් එකක් පෙව්වා ඔලුවෙ කැක්කුම අඩු වෙයි හෙට උදේ වෙද්දි.. ටිකක් නිදා ගන්න. දැන් රෑ 11ත් පහු වෙලා.."
මගෙ මූනට එබිලා එහෙම කියපු ටේ ආයි අනික් පැත්තට වැටිල නිදා ගත්තා.. අපි ඉන්නෙ ඩෝම් එකේ බිම මෙට්ටයක් උඩ කියල මං වටෙ අතගාලා බලද්දි තේරුනා..
මං ටිකක් ඔලුවෙ ඉස්සුවෙ නැගිටින්න.. නැගිට්ටත් ඔලුව බරයි වගෙ එක පාරට දැනුනා.. මාව ආයි වැටුනා.. ඒත් වැටෙන්න කලින් තේ මාව අල්ල ගත්තා.."යා.. කොහෙද යන්න හදන්නෙ.. 😡
කලුවරට හුරු වෙලා තිබුන නිසා ඇස් මගෙ මූනට එබිල කතා කරන තේගෙ ඇස් මට හොදට පේන්න ගත්තා..
"හියුං 😐"
මං එහෙම්ම ආයි නැගිටින්න හදනකොටම මගෙ පපුව උඩට ආපු ටේ අත් දෙක මෙට්ටෙටම තියල තද කරගත්තා..
"යා.. තමුන්ට මතකද කියවපු දේවල් හවස?"
"😐😐😐.."
"මූන දිහා බලන් ඉන්න නෙවෙ කිව්වෙ.. මතකද කියල ඇහුවෙ"
මගෙ අත් දෙක තවත් මෙට්ටෙට තද කරනගමන් හියුං එහෙම ඇහුව.."
"හියුං රිදෙනව..😔 මාව අතාරින්න. මගෙ ඔලුවත් රිදෙනව.. මට මතක නෑ මං මොනවද කිව්වෙ කියල.. ඒත් මං වරදක් කරා නම් මට සමාවෙන්න.. මට දුක හිතුන හුගක්... ඒකයි මං ඇඬුවෙ.. ඒත් කියපු කිසි දෙයක් මතක නෑ හියුං මට සමාවෙන්න"
මට එයා ගැන හිතේ තියන දේවල් කියන්න තරම් හයියක් ඇති වුනෙ නෑ ..මට ආයිත් ඇඩෙන්න ගත්තා.. ඇයි මෙච්චර මාව අසරණ වෙන්නෙ.. 😔
මං දිහා හියුං ටික වෙලාවක් එහෙම්ම බලන් හිටියා..
"හොදම දේ දැන් නිදා ගන්න එක.. තව ඇහැරල ඉදලා අඬල ඔලුවෙ කැක්කුම වැඩි කරගන්න ඕනි නෑ නෙ"
"හියුං😐"
"දැන් කතා නොකර නිදාගන්න"
"ඇයි මාව මගාරින්නෙ"
"දැන් නිදා ගන්නවද.. මටත් නිදිමතයි"
ඒවෙලෙත් තේ තවත් මාව මගාරිනව කියල මට දැනුන.. අඬන්න ඕනි වුනෙ නෑ.. මූන පුරා කදුලු මටත් හොරෙන්ම ගලාගෙන යනව මට දැනුනා..
පිටිඅල්ලෙන්ම කදුලු පිහ ගෙන මං එහා පැත්ත හැරුනෙ නිදා ගන්න..තේ මං එහා පැත්ත හැරෙනවත් එක්කම මාව තුරුල් කරගත්තා.. මට හියුංගෙ මූණ නොපෙනුනාට මගෙ පිටට එයාගෙ හදවතේ ගැස්ම නම් හොදටම දැනුනා..මට වචනයක්වත් කතා කරන්න හිතුනෙ නෑ.. එයා තව මගෙන් ඈත් වෙයි කියල හිතුන නිසා.. ඒ වුනත් ඇයි දැන් එයා මාව මේ විදියට ලගට ගත්තෙ..
"ඔහොම්ම නිදාගන්න ජියොං.. කල්පනා කර කර ඉන් නැතුව"
මාව එහෙම්ම තව ටිකක් තුරුල් කරගත්තු තේ මගෙ උරහිස උඩින් ඔලුව තියාගත්තා..
අනේ හැමදාම මෙහෙම ඉන්න තියනව නම් කියල මට හිතුනා.. ඒත් මං කොහොමද හියුංගෙන් අහන්නෙ මට ආදරේද කියල..
මේ ඔක්කොම අදහස් අස්සෙ මට නින්ද ගිහින් තිබුනා..උදේ නැගිට්ටේ අද නිවාඩු දවසක් කියල මතක් කරගෙනමයි..
YOU ARE READING
ETERNAL LOVE
FanfictionThe First Taekook / BL Fiction in Sri Lanka Started : 2019 July 26 Finished : 2019 Oct 15