හැමදේම ඒ විදියට වෙද්දි මං ඩෝම් එකටම වෙලා හිටියා.. මගෙයි වරද.. මමයි තේ හියුං ගැන හිතන්න ගත්තෙ.. ඉතිං හියුංට වරදක් කියන්න තරම් මගෙ හිතේ තරහක් තිබුනේ නෑ..
මං ශටර් එක ඇරියෙ එලියෙන් එන වැහි හීතලට මගෙ කදුලු බොඳවෙලා යාවි කියන සිතුවිල්ලෙන්..
වැස්ස එන්න එන්නම තද කරද්දි එන හීතලට දුකත් හිත ඇතුලටම තැන්පත් වුනා වගේ හැඟිමක් මට දැනෙන්න ගත්තා..තිබුන වැඩ ඔක්කොම ඉවර කරල මං ලෑස්ති වෙන්න ගත්තා රෙකෝඩිං එකට යන්න.. බ්ලැක් කිට් එක.. වයිට් කිට් එක.. බුලට් පෘෆ් ස්කවුට් අවුට්ෆිට් එක... ඔක්කොම බෑග් එකට දාගත්තා.. මේකප් කරන්න යන්න ඕනි නිසා මං කලින් ම එතනට ගියා..
"ඔහ්!! ජන්ගුගා ඉක්මනින් කොන්ඩෙ හදාගන්න.."
සුගා මේකප් එක දාන තැන ඉන්න ගමන් ම මාව දැකල කෑගැහුවා..."මූනට වැටෙන්න තියන කොන්ඩෙ උඩට කරල හැදුවා.. 😋 මං ලස්සනයිනෙහ් හිතුවට වඩා"
එහෙම්ම මේකප් කරන තැනට මං යද්දි ජින් හියොන්ග් එතන.. එයාගෙ ස්කින් එක ගැන පම්පෝරිය දිගෑරගෙන එතන 😌
"ජන්ගුගා.. එන්න එන්න මගෙ ඉවරයි..."
ජින් හියුං ගියාට පස්සෙ මං එතනින් ඉදගත්තා..
"ඔයාගෙ ඇස් ඉදිමිලානේහ්.. ඔයා ඇඬුවද?"
මේකප් ආටිස්ට් එහෙම අහද්දි මට දෙන්න උත්තරයක් තිබුන් නෑ ...
"ගෙදර මතක් වුනා නූනා..අඬල කියල හුඟක් පේනවද?"
"පේනවා මං ෆවුන්ඩේශන් එකෙන්ම ඒක හදන්නම්"
තේ හියුං මං දිහා මිරර් එකෙන් බලාගෙන ඉන්නව මං දැක්ක එවෙලාවෙ.. මං එයාව දැක්ක කියල දැනුන නිසා එයා එතනින් අයින් වුනා..
ඔයා කොහොම බැලුවත් මගෙ හිත හැදෙන් නෑ හියුං.. හදන්නත් බෑ ..
මේකප් වැඩ ඉවර වුනාම අපි ඔක්කොම ගියේ විඩියෝව රෙකෝඩ් කරන තැනටයි..
"අද අපි ඔෆීශියලි අපේ විඩියෝ එක රෙකෝඩ් කරනවා.. ඉක්මනින් අපිව කේපොප් ක්ෂේත්‍රයට අයිඩ්ල්ස්ලා වශයෙන් පිලිගනීවී... හැමෝම මේ වැඩේ හොඳට උද්‍යෝගයෙන් කරන්න ඕනි..!! බන්ග්...ටන්... ෆයිතීං..
BINABASA MO ANG
ETERNAL LOVE
FanfictionThe First Taekook / BL Fiction in Sri Lanka Started : 2019 July 26 Finished : 2019 Oct 15