The End

2.1K 323 90
                                    

කාලය ගෙවිල ගියේ හරි අපූරු විදියට..
වැටිම් නැගිටීම්..කඳුලු.. මහන්සිය.. හිත් රිදීම් හැමදෙයක් එක්කම බන්ග්ටන්සොනන්දාන් අවුරුදු 13ක් ආමිල එක්ක ලොකු දුරක් ඇවිල්ලා..
මේ ගෙවෙන්නෙ 2026 වෙනි අවුරුද්දෙ අග බාගයයි..
අවුරුදු 13ක් එකට හිටිය අපි මේ අවුරුද්දෙ මුල්ම කාලයෙ ඩිස්බෑන්ඩ් වුනා..
ඒක ලොකු දුකක්.. අවසාන කම්බැක් එක.. අවසාන ස්ටේජ් පර්ෆෝමනස් එක.. අවසාන 2! 3! එක.. මේ හැම දේකම අවසානයක් තිබ්බත් ආමි බන්ග්ටාන් බැඳීමෙ අවසානයක් වුනේ නෑ ..

ඒත් අපේ කලබලකාරි ජීවිතය බොහොම හිමින් අඩු වෙලා ගියා.. දැන් තියන නිදහස සැහැල්ලුව අපි සතුටින් විදිනවා..
නම්ජුන් හියුං.. සුගා හියුං බිග් හිට් එකේම ප්‍රොඩියුසස්ලා විදියට වැඩ කරනවා.. ජේහෝප් හියුං එයාගෙම ක්ලෝතිං බ්‍රැන්ඩ් එකක් කරනවා.. ජිමින් හියුං කොරියග්‍රැෆ කෙනෙක් විදියට බිග්හිට් එකේ අලුත් ගෘප්වලවලට උදව් වෙනව.. ටේ හියුං ජින් හියුං ඇක්ටර්ස්ලා විදියට කේ වර්ල්ඩ් එකේ දැන් හුඟක් ජනප්‍රිය චරිත වෙලා..
මං ඉගෙන ගන්නවා.. එකක් කියල නෑ හුඟක් දේවල්..

අපේ ජීවිතවලට වුන වෙනස කියාගන්න අමාරුයි.. සමහර විට වාසනාව.. මං හිතන්නෙ වාසනාව තමයි.. ඒක තමයි අපිට තියෙන්නෙ.. අද ලෝකේ අපිව නොදන්න කෙනෙක් ඉන්නව කියල මං හිතන් නෑ .. ඒ තරමට අපි ජනප්‍රියත්වයට පත් වුනා..

ඒ හා සමානව.. මගෙයි වී හියුංගෙයි ආදරෙත් ලෝකෙන්ම හංගන්න වුනා.. ඒත් අපි දෙන්නා බැදෙනව දකින්නත් ආස පිරිසක් මේ ලෝකේ ඉන්නව.. හිටියා.. අදටත් ඇති..

____________________________________

අද ඉතාම විශේෂ දවසක්.. 😍
ආයිමත් හත් දෙනාම එකතු වුනේ හැමෝගෙම පෙරැත්ත නිසාමයි..
ජපානයේ අපිට වෙන්කරපු හොටේල් එකක් අපේ නිදහස වෙනුවෙන්ම වෙන් කරල තිබුනා..
සිසිකඩව විසිරලා හිටිය අපි හත් දෙනා මේ දවසේ එකතුවෙන්නම යි අද දවසෙ ඔක්කොම වැඩ පැත්තකින් තියල ආවෙ...

මුලින්ම ඇවිත් හිටියෙ ජින් හියුං.. ඉන්පස්සෙ ජිමිනුත් ජේ හෝපුත්.. ටේ.. සුගා.. මම... හැමදාම වගේ පැයකට පස්සෙ නම්ජුන් හියුංනුත් සම්ප්‍රාප්ත වුනා 😑

මාස 8ක් ඔව් මාස 8කට පස්සෙ අපි ඔක්කොම තේ ඇතුලුව අපි හම්බෙන්නෙ අද.. වෙනස් විදියට කපල තිබුන කොන්ඩෙ.. අහිංසක කියුට් ගතිය වෙනුවට හොට් ස්ටයිල්ස්..

ETERNAL LOVE Where stories live. Discover now