Chapter 11

1.2K 259 3
                                    

කට්ටියට පුංචි සාදයක් ලෑස්ති වෙලා තිබුනෙ අද වුන සිදුවීම් නිසාමයි.. ඒ ඔක්කොම නිමා වුනාම මං කෙලින්ම ආවෙ ඩෝම් එකට.. ටේ හියුංනුත් මා එක්ක ආව.. 😅
දැන් ටිකක් අමුතුයි වගෙ.. බලන්නත් ලැජ්ජයි වගෙ එයා දිහා..
මට හිතා ගන්නම බැරි වුනේ එයා මගෙ වුනාද කියන එකමයි..

"ඉක්මනින් වොශ් එකක් දාන් එන්න.."

"හියුං යන්න මං පස්සෙ යන්නම්"

තිබුන නිහඬ බව බිදපු තේ හියුං මං ලඟට ආවා..

"ඇයි මා එක්ක ඔයාටත් එන්න ඕනිද 😁😁😁"

"යා හියුං"

මං බොරුවට සැර වුනා.. හියුං ඒ එක්කම හිනා වොශ් එකක් දාගන්න ගියා.. මං එයා එනකම් අද ෆෑන්ස්ලගෙන් අපිට ආපු මැසේජස් බලන්න ගත්තා.. ෆෑන්ස්ල කිව්වට හුගක් අපිට අපේ ෆෑන්ස්ලා උනේ අපේ යාලුවො..යාලුවොන්ගෙ යාලුවො තමයි.. මොකද අපෙ ඒජන්සි එක අලුත්  ඒ වගේම පොඩි නිසා අපිට ලොකු ජනප්‍රියත්වයක් නෑ ..

"ඉක්මන්ට යන්න.." ඔලුව පිහිදන ගමන් එලියට ආපු හියුං ඇස් වලින් මට යන්න කිව්වා..

මං ඉක්මනින් ඇතුලට ගියේ තවත් හියුං දිහා බලාගෙන ඉන්න බෑ කියල දැනුන නිසාමයි.. 😅

වොශ් දාගෙන ඉවර වුනාට පස්සෙ තමයි මතක් වුනේ ටවල් එක අරගෙන නෙවෙයි නේද ආවෙ කියල.. 😑

"හියුං.."

"හියුං"

😐😐😐

ඩෝම් එකෙ හියුං නෑ වගේ.. මං හිමීට දොර ඇරල බැලුව.. හියුං හිටියෙ නෑ ..

ඉතිම් මං ටවල් එක ගන්න ගියා...

එතකොටමයි දොරත් ඇරුනෙ..

"ඔම්මොහ් ජියොන්"

😑😑😑 මං ඉක්මනින් ටවල් එක ඇදගත්තා... තේ හියුංගෙ මූණ කොහොම බලන්නද කියල මට තේරෙන් නෑ.. දැක්කද දන්නෙත් නෑ 😑😑😑

ඒ එක්කම මට දැනුනා හියුං පිටිපස්සෙන් ඇවිත් මාව  තුරුල් කරගන්නවා

"මං මොකුත් දැක්කෙ නෑ 🙂 "

එහෙම කියන ගමන්ම හියුං සීරුවට මගෙ කොලර්බෝන්ස් ලග ඉදන් කිස් කරන්න ගත්තා.. ඒකෙන් හියුංට කෑගහන්න ගිය මගෙ කට නිකම්ම වැහුනා..

"හ්ම්ම්.. ඔයා ඇදුමක් ඇදගන්න මං එලියෙ ඉන්නම්.."🙂

"එපා හියුං අනෙ මා එක්ක ඉන්න" 😦

"ඇයි මාව ඕනි වගේද දැන්? 😌

එක පාරට මාව ආයි ලගට අරගෙන එහෙම ඇහුවම දෙන්න උත්තරයක් මට නැති වුනා..

"එහෙනම් අද ඔහොම ඉන්න මටත් ලේසියි ඒක 😌"

"යා හියුං"

එයා නම් ගානක් නැතුව හිතේ තියන දේ කියල දානවා..😕

"මොකද කල්පනා කරන්නෙ"

මට උත්තරයක් දෙන්න වුනේ නෑ .. ඊට කලින් හියුං මාව කිස් කරන්න ගත්තා.. දැනෙන නොදැන හිරිවැටීමක් එක්ක මගෙ ඇඟ ම හීට් වෙන්න ගත්ත..

මං ඒ කිස් එක සතුටින් ගත්තෙ මගෙ පලමු ආදරේ අද මගේ වුන සතුටත් එක්කමයි..

හියුං මං දිහා බැලුවෙ මගෙ කඳුලු හියුංට දැනුන නිසයි..

"ජියොන් 😐 ඇයි මේ"

"හියුං මාව දාලා යන්න එපා" මං අඬාගෙනම  එහෙම කිව්වා

"අනේ ඔයා දාලා කොහෙ යන්නද..ඔයා නොදන්නව වුනාට මං ඔයාට ඔයා හිතනවටත් වැඩිය ආදරෙයි"

මගෙ ඇස්වල කදුලු පිහින ගමන් මගෙ ඇස් දිහාම බලාගෙන තේ හියුං කිව්වා.. ඇත්තටම ඒ ඇස්වල ආදරේ පිරිලා.. මං දිහා බලන පොඩි බැල්ම වුනත් ඒ ආදරේ පිරිලා තියනව නේද කියල මට හිතුනා..

මං එහෙම්ම ඒ මූන මගේ පපුවට තුරුල් කරගත්තෙ.. තව මට ඒ ඇස්වල බැල්ම දරා ගන්න බැරිම තැනයි...

"දැන් නිද ගමු මහන්සියිනෙහ්.."

"හියුංට නිදිමතද..."

"ම්ම්..🙂"

මගෙ ඔලුව අත ගාන ගමන් මං දිහා බලාගෙනම හියුං නින්දට වැටුනා..

හඳ එලිය ශටර් එකෙන් කාමරේට වැටුනෙ හියුංගෙ මූනත් හද වගේමයි කියල මතක් කරමින්මයි..
ශටර් එකෙන් එන හීතල හුලඟත් .. සෝල් නගරයෙ මදකට නතර වුන කලබලයත් මට හියුංව ඕනිමයි කියන හැඟීම දනවන්නට වුනා..
මං හියුංට තුරුල් වුනේ.. අද දවස හැමදාටම මතකයේ තියෙන්න කියල ප්‍රාර්ථනා කරමිනුයි...
ඒ පපුවෙන් එන ගැස්මට කන් යොමාගෙනම මං නින්දට වැටුනා..

________________________________

ETERNAL LOVE Where stories live. Discover now