Chapter 04

1.1K 272 10
                                    

සුගා හියුං හිටියෙ ජිමින්ගෙ ඉන වටේ අත් යවල ජිමින්ව ලංකරගෙන.. සුගා හියුං ජිමින් හියුංව තදින් වැළඳගෙන සිප ගන්න විදිය දකින්න වුනේ මං එතනට එනකොටමයි..

"ජිමින්" 😐

මං ඒ දැක්කෙත් හීනයක්ද..😐 මං පුදුමයෙන් වගෙ බලන් ඉන්නව දැකපු ජි-මින්, යුන්-කි හියුංගෙන් ඈත් වුනා..

"ජන්ග්-ගුකි"

ජිමින් පුදුමය පිරුණු බය වුන ඇස්වලින් මං දිහා බලාගෙන මට කතා කරත මට දැනුනෙ හිටගෙන ඉන්නත් අපහසු ගතියක්. මං වරදක් කරාදෝ කියන හැඟීමක් මගෙ ඔලුවට වදයක් දෙන්න වුනා..

යුන්-කි හියුං මං දිහා බලලා එතනින් එලියට ගියේ වචනයක්වත් කතා නොකර.

"ජිමින් මං හිතුවෙ නෑ ___"

"🙂 වැරදියට තේරුම් ගන්න එපා ගුකී.. මං සුගා හියුංට ආදරෙ කරනවා..මට හංගන්න ඕනි වුන් නෑ ඒක.. ඒත්.."

ජිමින් අත්දෙකින් මූන වහගෙන අඬන්න ගත්තෙ මට මූණ දෙන්න බැරි නිසා කියන දේ මට දැනුන නිසා මං ජිමින් බදා ගත්තේ එයාව තවත් අපහසුතාවයට පත් කරන්න බැරිම නිසයි..

"හියුං.. මං හිතුවෙ නෑ ඔයාල මෙතන ඇති කියල.. අනික මට ඔයාල ගැන කිසිම වැරදි තේරුම් ගැනීමකුත් නෑ .. අනික මං ඔයාගෙ මල්ලි වගේ කියල එදා ඔයාම කියල ඇයි දැන් අඬන්නෙ.."

මං එහෙම කියල හියුංගෙ ඇස් දිහා බැලුව.. හියුං කදුලු පිහින ගමන් හිනා වුනාත් හිතේ දුක තියනව කියන එක මට තේරුනා..

"කුමාවෝ ගුකී චින්චා කුමාවෝ අපි ගැන නම්ජුන් ,ජින් හියුංලා දන්නවා ඒත් වෙන කවුරුත් දන්නෙ නෑ .. ඒ නිසා දන්න බව අඟවන්න එපා"
ජිමින් මගෙ අතකින් එහෙම අල්ලගෙන කි‍යද්දි ම මං හියුංව බදාගෙන පිටට තට්ටු කරේ මං පිට කෙනෙක් කියල නොදැනෙන්න..

ඒත් අපි දෙන්න දිහා තව කෙනෙක් බලාගෙන් ඉන්නවා කියල දැනුන නිසා ම බැල්කනියට විවෘත වෙන දොර දිහා මට බැලුනා..
!! ටේ හියුං කිසිම හඟීමක් නැතුව අපි දිහා බලාගෙන හිටියා.. මං හියුංට කතා කරන්න හදද්දිම හියුං අනික් පැත්ත හැරිල යන්න ගියා..!!

මං ජිමින් එක්කම පැය බාගයක් විතර කතා කර කර බැල්කනියට වෙලා හිටියා..

'හියුං කෝමද යුන්කි හියුං හම්බුනේ"

ජිමින්ට ඒක අහද්දිම මූණ රතු වෙලා ලැජ්ජශීලි හිනාවක් මූනට ආව.. 😄

"ඕ ... හියුං 😆😆😆 ඔය මොකෝ රතු වෙන්නෙ.. මං දැක්කා හියුං එක්ක ඔයා හිටිය හැටි.. සුගා හියුංගෙ ටී ශර්ට් එක ඇතුලෙ එක අතක් තියනව දැක්කා..තව..." 😋

"යා.. යා... ගුකී.." 😡

ජිමින් බොරු තරහක් අරන් මට ගහන්න ගත්තා 😋😋

"ඉතිං කියන්නකො කෝමද හියුංව හම්බුනේ කියලා" 😄

"හියුංගෙ ස්ටූඩියෝ එකේදි.." ජිමින් බිම බලාගෙන කිව්වා..

"යා..හියුං.. මට විස්තර ඕනි.." 😒

"ම්ම්. 😄.. අපි මාස දෙකක් විතර ස්ටූඩියෝ එකේ වැඩ කරා.. හියුං මට වැඩ දෙනව කරන්න ඉතිං මං සමහර දාට රෑ වෙනකම් හරි ඉදල ඒවා කරල යන්නෙ.. දවසක් එහෙම රෑ වෙනකම් හිටිය දවසක හියුං මං ලඟ හිටියා මං දිහා බලාගෙන ම.. මං එහා දිහා බලනවත් එක්කම මාව කිස් කරා.. ☺️ මං බය වුනා. එදාම එයා මගෙන් ඇහුව එයාට ආදරේ කරන්න පුලුවන් ද කියලා.. මං එයාට තාම මං ආදරේ කරනව කියල නෑ.. ඒත් එයාට තරම් කාටවත් මට ආදරේ කරන්න බෑ.. ඒක එයත් දන්නවා.. 😄😄 ඕක තමයි ඉතිං කතාව..

"හියුං එතකොට ඔයා රෑත් එයා එක්ක ___ "

"යා...."😡

මට වචන ටික සම්පූර්ණ කරන්න කලින් ජිමින් හියුං මට ගහන්න පැන්නුවා.. මටත් ගුටි කන්න ආසවක් නැති නිසා කකුල් දෙකට පිං දිදි මාත් ස්ටෙයා කේස් එක දිහාට දුවන්න ගත්තෙ පහල ඩෝම් එකටවත් දුවාගන්න..😅😅

එකපාරට ස්ටෙයා කේස් එකෙන් උඩට නැගගෙන ආවෙ ටේ හියුං.. මට ආපු වේගේ පාලනයක් තිබුන් නැති නිසා එකපාරට හියුංගෙ ඇඟේ වැදිලා විසි වුනා" 😐

"කොහෙ බලන්ද යන්නෙ.." ටේ හියුං එහෙම ඇහුවෙ තරහෙන්..

"මියානේ හියුං" මං එහෙම කිව්වත් මාව ගනන්  ගන් නැතුව ටේ යන්න ගියා..

දැන් දවස් දෙකක් තිස්සෙ එයා මාව ගනන් ගන් නෑ .. මට කතා කරන්න වුනෙත් නෑ .. ජිමින් දිහා බලන ගමන් ටේ හියුං උඩට නැගල යන්න ගියා..

"ජිමින් හියුං මං උඩට ගිහින් එන්නම්" කියල ජිමින් හියුංගෙ ගුටියෙනුත් බේරිලා මං උඩට නැග්ගෙ ටේ හියුං එක්ක කතා කරන්නමයි..

ETERNAL LOVE Where stories live. Discover now