-[18]Regret-

770 189 68
                                    

ඒ සුපුරුදු ආදරණීය බව පිරුනු ගැඹුරු කටහඩ ඇහුන ජියාගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්. මේ ලෝකේ එකම එක කෙනෙක් හරි කිසිම හේතුවකින් තොරව එයාට විශ්වාස කරන්න පුලුවන් බව දැනුන ජියාගේ ඇස් වල මෙච්චර වෙලා හිර වෙලා තිබුන කදුලු ඔක්කොම කඩාහැලෙන්න ගත්තා.ඒ උනුහුමට ගුලි වෙලා අඩන ගමන් ජියා හෙවුවේ මෙච්චර වෙලා එයාට අහිමි වෙලා කියලා හිතපු දේ..

විශ්වාසය..
ජියාට ඕනේ වුනේ විශ්වාස කරන්න.. කාවමහරි.. කවුරුමහරි...

ජියාට ඒ විශ්වාසය දුන්නා ඒ ආදරනීය මනුස්සයා කරපු එකම දේ, හැමදාම වගේ ජියාට අඩන්න දීලා එයාගේ ඔලුව අතගාපු එක විතරයි.

"යු..න්..ගි..යා.. මන්.. මන්.."

"එලියට යමු. මෙතන ඉන්න ඕන නෑ තව. එන්න."

ටික වෙලාවකින් ඔලුව උස්සපු ජියා ඉකිගහන අතරේ කතා කරන්න හැදුවත් ඒක නතර කරපු යුන්ගි ජියාව එයාට හේත්තු කරගෙන එතනින් එලියට එක්කන් ඇවිත් එලියේ තිබුන බංකුවකින් ඉන්දෙවුවා.

"ඔයා... කොහොමද දන්නේ මන් මෙතන කියලා?" යුන්ගි එයාගේ ලේන්සුවෙන් ජියාගේ කදුලු පිහිදන අතරේ ජියා ඇහුවා.

"මන් ඔයාලගෙ ගෙදරට එනකොටම තමා කාර් එකක් වේගෙන් පාරට දැම්මේ.මන් හිතුවේ නෑ ඒ ඔයා කියලා. ඒත් මන් ගේ ඇතුලට ගියපු ගමන් ඔයාගේ රූම් එකට ගියේ.ඔයා නැති නිසා අහල බලනකොට තමා ඔයාගෙ අප්පා කිවුවේ ඔයා තමා ඒ වෙලාවෙ ගියේ කියලා.එයා ඔයාව හොයන්න යන්න හැදුවත් මන් එයාව නතර කරලා ඔයාව හොයන් ආවා."

"ඒත්.. මන්.. මෙතනට එයි කියලා දන්නේ කොහොමද?" තාමත් ජියාට ඒ ගැන තිබුනේ පුදුමයක්.

"ඔයාගේ රූම් එකට ගියපු වෙලාවේ මට.. මේක හම්බුනා..." යුන්ගි එයාගේ කෝට් එකේ සාක්කුවෙන් එලියට ගත්තේ ජියා පොඩි කරලා විසික් කරපු ඒ ෆොටෝ එක.

ඒක අතට ගත්ත ජියා දෙන්නෙක් අත් අල්ලන් ගහපු ඒ ෆොටෝ එක දිහා බලන් ඉදලා ඒක පිටිපස්ස හැරෙවුවේ හිත රිද්දපු ඒ වචන ටික ආයේ බලාගන්න.

'චෝ හී + ජන්ග් වොන්
♡සදාකාලික ආදරයේ සිහිවටන♡'

"මේ ෆොටෝ එකේ ඉන්නේ ඔයාගේ ඔම්මා නේද ජියා?එතකොට මේ අනිත් කෙනා..." යුන්ගි කුතුහලේ නිසා ඇහුවත් ජියාගේ ඇස් ආයෙමත් ලාවට රතු වෙනවා දැක්ක නිසා යුන්ගි එයා ගැනම පසුතැවුනා.

I Belong To You | PJM | ✔Onde histórias criam vida. Descubra agora