- [22]Umbrella -

749 189 83
                                    

"ඔයාගෙ අම්මා ඒ කාලෙ දේවල් ගැන මට වැඩිය කිවුවෙ නෑ. මොකද එයා මගෙන් ඉල්ලුව එකම දේ වුනෙ එයාගෙ අඳුරු අතීතෙට ආයෙ පණ දෙන්න එපා කියලා විතරයි.ඒ නිසා මන් අතීතෙ ගැන වැඩි විස්තර අහන්න ගියෙ නෑ.
ඒත් බිස්නස් වැඩ නිසා මට ජන්ග්වොන්ව අහම්බෙන් හම්බුනා.මුලදි අකමැති වුනත් පාර්ටි වලදි ජන්ග්වොන්ගෙ වයිෆ් සූ යොන්ව හම්බුනාට පස්සෙ ඔයාගෙ අම්මා එයා ගැන හරියට පැහැදුනා. හරියටම කියනවනම්, ජන්ග්වොන්ට වඩා සූයොන් ඔයාගෙ අම්මා ගැන දන්න තරමට එයාලා යාලුවො වුනා.ටික කාලෙකට පස්සෙ චෝහිට වගේම සූයොන්ටත් ඔයාවයි ජිමින්වයි ලැබුනම මන් හිතුවෙ අපෙ පවුල් ගොඩක් සතුටින් එකට ඉඳී කියලා. මොකද මගේ වගේම ජන්ග්වොන්ගෙ බිස්නසුත් ඒ දවස් වල හෙමීට ඔලුව උස්සන් ආවා.

අපි සතුටු වුනාට අපේ සතුට ගොඩක් දවස් තිබුනෙ නෑ මගෙ දරුවෝ.

මට ඒ මූසල රෑ කවදාක්වත් අමතක වෙන්නෑ.එදා උදේ ඉදන්ම ලොකු වැස්සක් තිබුනා.ඒ වගේම මට ලොකු බිස්නස් මීටින්ග් එකකට යන්න තිබුනා.මට නොයා ඉන්න ඕනිවුනත් ඒක ලොකු චාන්ස් එකක් නිසා මට යන්නම ඕනෙ වුනා.ඒ නිසා මාස තුනක්වත් නැති ඔයාව, අම්මා එක්ක බාගෙට හදපු ගෙදර තනියම දාලා මම උදෙන්ම පිටත් වුනේ ඉක්මනට එන්න හිතාගෙන. ඒත් අකුණු ගගහා වහින මහ වැස්සේ කාර් එකේ මන් ගෙදර එනකොට ඉස්සරහ ගේට්ටුත් ඇරලා දාලා තිබුනා. ඒ වගේම මිදුලෙ තව කාර් එකක් ආපු පාරකුත් තිබුනා. ගෙදර ඉස්සරහ දොරත් බාගෙට ඇරලා දාලා තිබ්බ නිසා මන් චෝහිගේ නම කිය කියා කෑගගෙනම උඩ තට්ටුවට දිවුවා. මන් උඩට ගිහින් බලද්දි ඔයාලා හිටපු කාමරේම අවුල් ජාලයක් වෙලා තිබුනේ.ඒ වගේම ඔයාත් තොටිල්ලෙ මහ සද්දෙන් කෑගගහා හිටියේ. ඒත් මට කොහෙවත් ඔයාගෙ අම්මව හොයාගන්න බැරි වුනා....ඒ වෙලාවෙ බාගෙට හදපු බැල්කනි එකේ දොරත් ඇරලා දාලා තිබුන නිසා ඇතුලට වතුර එනවා දැක්ක මන් ඒක වහන්න ගියාමයි දැක්කේ එතන තිබුන මල්පෝච්චි පෙරලිලා කියලා.සැක හිතුන නිසා..බැල්කනි එකෙන්... පහල බලද්දි...මම දැක්කේ.. දැක්කෙ.." තාත්තගෙ කටහඬ එන්න එන්නම බිඳෙන නිසා ජියා තාත්තගෙ අත් දෙක අල්ලගත්තා.

"අප්පා ඔය ඇති..ඔයාට රිදෙනවනම් අපි මේක නතර කරලා දාමු. එන්න අපි යමු ආයෙ රූම් එකට.." ජියා කිවුවෙ යන්න නැගිටින්න හදන ගමන්.

I Belong To You | PJM | ✔Donde viven las historias. Descúbrelo ahora