පහුවෙනිදම ජියා Academy එකට ආවේ ඒක එයාගේ ප්‍රැක්ටිස් දවස නිසා නෙවෙයි.එයාට කලින් දවසේ රෑ ආව call එකක් නිසයි. ජිමින් කලබල වෙලා ගිය දවසේ රෑ ගෙදර ගිය ජියාට මහ රෑ අදුරන්නැති number එකකින් call එකක් ආවා.කෙල්ලගේ නින්ද කඩපු කෙනාට සාප කරන ගමන් කෙල්ල ෆෝන් එක answer කලේ නිදිමතේ.
"යොබුසේයෝ.."
එහා පැත්තෙන් ඇහුන කටහඩට කෙල්ලගේ නිදිමතත් ගියා."ජියා.. මන් ජිමින්.හෙට උදේට වෙනදා වෙලාවට academy එකට එන්න පුලුවන්ද? ඉස්සරහට වෙලා මන් එනකම් ඉන්න."
"ආහ්.. හා.. හා.."
"හරි එහෙනම්. මන් තියෙනවා.හෙට හම්බෙමූ."
Academy එක ඇතුලට ආව කෙල්ල කල්පනා කලේ කොහේට යන්නද කියලා.
"ජියා... යමු මාත් එක්ක." ජිමින් academy එක ඇතුලට එන ගමන් කිවුවා. එයාලා දෙවෙනි තට්ටුවේ තියෙන ප්‍රැක්ටිස් රූම් එකකට ගියා. ඒක කෙල්ල කලින් දැක්ක එකටත් වඩා ලොකු ප්‍රැක්ටිස් රූම් එකක්. ඒක ඇතුලේ විස්සක් විතර හිටියා. එයාලා ඔක්කොම එකම dance එකක් ප්‍රැක්ටිස් කර කර හිටියේ. එයාලට උගන්නපු කෙනා ලස්සන වුනත් ටිකක් නපුරු පාටයි කියලා කෙල්ලට හිතුනා. ජිමින්ව දැකපු එයා කට්ටියට ප්‍රැක්ටිස් වෙන්න කියලා ජිමින් දිහාවට ආවා."ජිමිනා.. කවුද මේ?"
"හෝසොක් හ්යොන්ග්, මට කට්ටියටම කතා කරන්න ඕනේ" කියලා ජිමින් ප්‍රශ්නෙට උත්තර දෙන එක මගාරිනගමන් කිවුවා.
"කට්ටිය.. මෙහෙට එන්න.." එයා කිවුවම කට්ටියම එක තැනකට ආවා.
"ම්ම්ම්ම් මේකයි..ඔයාලා ඔක්කොම දන්නවා ඇතිනේ සුන්හීගේ කකුලට වුන දේ නිසා එයාට මේ පාර තරගෙට එන්න බෑ කියලා. අනික ඒකෙන් මට පාට්නර් කෙනෙක් නැති වෙනවා. මන් දිගටම සුන්හී එක්ක ප්‍රැක්ටිස් වුන නිසා මට එයා එක්ක dance කරන එක තමයි ගොඩක් හුරු. ඒත් දැන් එයා නැති නිසා මන් කැමතී ජියාව එයා වෙනුවට ගන්න."
එතන හිටපු හැමෝම ජිමින්ගේ කතාවට පුදුමවුනා. ඔක්කොටම වඩා පුදුම වුනේ ජියා.'මොකාක්!!!😱 මන් ගැනද මේ කියන්නේ..?? මන්... තරගෙට.. මොකක්!! ජිමින් ඔයා විහිලු කරනවද😳😳' කෙල්ල ජිමින් දිහා බලන් ගමන් හිතුවා.

YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්‍රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්‍රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්‍රේමයක්ම කදුලින් අව...