-[9]War-

859 227 33
                                    

තාත්තා දැක්ක ජියා යුන්ගිගෙන් ඈත් වෙලා තාත්තා දිහා බැලුවා.යුන්ගි ඒ වෙලාවේ ජියාගේ බැල්ම තේරුම් අරන් තාත්තට ඉඩ දීලා එතනින් එහාට වුනා. ඇදේ ජියා ලගින් ඉදගත්ත තාත්තා ජියාගේ අත අල්ලගත්තා.

"ඇහැරුනාද පුතේ? වේදනාව අඩුයිද?" තාත්තගේ ආදරනීය කටහඩ කෙල්ලව සැනසුවා. ඒකට උත්තරයක් විදිහට කෙල්ල ඔලුව වැනුවේ වේදනාව අඩුයි කියලා තාත්තට කියන්න.

"බයවෙන්න දෙයක් නෑ Mr.Kwan, ජියාට තව සති දෙකකින් විතර හොදටම හොද වෙයි. එතකම් ඇදට වෙලා කකුල හොලවන්නැතුව rest කරන්න තියෙන්නේ. හෙට හවසට හෝ අනිද්දා උදේ discharge වෙන්න පුලුවන් වෙයි." ජියාගේ report එකේ මොනවදෝ ලියපු ඩොක්ටර් එතනින් ගියේ එහෙම කියලා. ඩොක්ටර් එතනින් ගිය ගමන් ජියා ජිමින්ට කතාකලා.

"ජිමින්,මන් නිසා කරදර ගොඩක් වුනා. ඒ මදිවට දැන් මගේ කකුල නිසා තරගේ.."

"මන් ඒ ගැන බලාගන්නම් ජියා.ඔයා කීයටවත් කරදරයක් වුනේ නෑ.මගෙයි වැරැද්ද. මට සමාවෙන්න." ජියා කියාගෙන යන එක නවත්තපු ජිමින් එහෙම කියලා ඔලුව බිමට නවාගත්තා.

"මෙතන සමාව ඉල්ලන්න දෙයක් නෑ පුතා. වැරැද්ද ඔයාගේ නෙවෙයිනේ." ජියා ලගින් නැගිට්ට ජියාගේ තාත්තා ජිමින් ලගට ගිහින් එයාගේ උරහිසට තට්ටු කරන ගමන් එහෙම කිවුවා."මම යුන්ගි එක්ක ගිහින් මෙතනට අඩුපාඩු ටික අරන් එන්නම් ජියා." කියපු තාත්‍තා යුන්ගි එක්ක එලියට ගියා.ජිමින්ව කෙල්ලත් එක්ක තනියම තියන්න කොච්චර අකමැති වුනත් තාත්‍තා කතාකරපු නිසා යුන්ගිට අකමැත්තෙන් වුනත් යන්න වුනා.

එයාලා එලියට ජියාට පස්සේ ජිමින් ජියාගේ ඇද ලග තිබුන පුටුවෙන් ඉදගෙන ඇදේ හේත්තු වෙලා ඉන්න ජියා දිහා බැලුවා.ජියාත් ඇදේ හේත්තු වෙලා ජිමින් දිහා බලාගෙන හිටියා.ජිමින්ගේ ඇස් දෙකේ තාමත් කදුලු පිරිලා කියලා කෙල්ලට තේරුනා.ඒ ලස්සන ඇස් ඒ තරම්ම රතුවෙලා තිබුනේ.ජිමින් ඇදන් හිටියේ තාම accident එක වෙලාවේ ඇදපු ඇදුමමයි. කෙල්ලගේ ලේ පාරවලුත් ඒකේ තැනින් තැන තිබුනා.ජිමින්ට ඕනේවුනේ නෑ කෙල්ලට සිහිය එනකම් එයා ලගින් යන්න. ඒ නිසා ජිමින් දිගටම කෙල්ල ලගටවෙලායි හිටියේ.ජිමින්ඒ වෙලාවේ ඉදන්ම තාම මූනවත් හෝදලා නෑ කියලා කෙල්ලට තේරුනේ ඒ මූනේ දාඩියයි කදුලු පාරවලුයි දූවිලියි තියෙනහැටි දැක්ක නිසයි.මහන්සිය නිසාද දුක නිසාමද මන්දා ජිමින්ගේ මූන මැලවිලා තියෙනවා දැක්ක ජියාට ගොඩක් දුක හිතුනා.

I Belong To You | PJM | ✔Donde viven las historias. Descúbrelo ahora