ජිමිනුයි ජියායි පොඩි කාලේ ඉදන්ම අදුරන්න ලොකුම හේතුව දෙමවුපියෝ වුනත් දෙන්නා එකට දිගටම ඉන්න එක ගැන හැමෝම පුදුම වුනා.මොකද ජියාගෙයි ජිමින්ගෙයි ගතිගුණ අතර අහසයි පොලවයි වගේ වෙනසක් තිබුනා. ජියා පොඩි කාලෙ ඉදන්ම කොච්චර දඩබ්බර කෙල්ලෙක් වුනත් ජිමින් තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කොල්ලෙක් වුනා.ඒ නිසා මේ දෙන්නාගෙ රන්ඩු නම් පොඩිකාලේ ඉදන්ම අඩුවක් වුනේ නෑ.කොච්චර රන්ඩු වුනත් දෙන්නගෙන් එක්කෙනෙක් සමාව අරගෙන හැමදාම රන්ඩුව ඉවර කලේ එහෙම තරහ වෙලා වැඩිවෙලාවක් ඉන්න බැරි නිසාමයි. ගොඩාක් වෙලාවට රන්ඩුව පටන් ගන්නේ ජියා වුනත් සමාවගන්න කෙනා වුනේ ජිමින්.
ජියා කොච්චර ජිමින්ට විහිලු කර කර රන්ඩුකර ගත්තත් අනික් ළමයින්ට ජිමින් ගැන වැරදි විදිහට වචනයක්වත් කියන්න ඉඩ දුන්නෑ. ඒ මොකද ජියා ඒ හැම වදයක්ම ජිමින්ට අඩුනැතුව දෙන නිසාමත් නෙවෙයි.ඒකට හේතුව වුනේ ඒ දෙන්නගේ යාලුකම ඒ දෙන්නට හුගක් වටින නිසයි. පොඩි කාලේ ඉදන්ම තාත්තලගේ ආදරේ ලැබුනත් අම්මලගේ ආදරේ වැඩි කාලයක් විදින්න දෙන්නටම වාසනාව තිබුනේ නෑ. ජියාගේ අම්මානම් එයා පොඩි කාලෙම මේලෝකේ අතෑරලා ගියත් ජිමින්ගේ අම්මා හිටියේ තාත්තගෙන් වෙන් වෙලා වෙන රටක.ජිමින්ගේ අම්මා එයාව දාලා රට යනකොට එයාට අවුරුද්දක්වත් නැතුව ඇති. ඒ දවස් වල වුන දේවල් ගැන හරියට තේරුමක් නොතිබ්බට පස්සේ ජිමින් තේරුම් ගත්තා තාත්තා අම්මව මතක් කරනවට ඒතරම් කැමැත්තක් නැති බව. ඒ නිසා ජිමින්ටත් අම්මා ගැන ඒතරම් මතකයක් තිබුනේ නෑ.
තාත්තලා දෙන්නම business වලට වැඩි අවදානයක් දුන්න නිසා එයාලව වැඩි පුරම බලාගත්තේ servantsලා. තාත්තලා එයාලගේ business වල හිර වෙලා ඉන්න අතරේ ඒ දෙන්නගෙම හදවත් වල තිබුන සෙනෙහස කියන ප්රශ්නේ හිස්තැන් පුරවන්න ඒ දෙන්නා එකටම උත්තර හොයනවා කියලා ඒ දෙන්නවත් දැනගෙන හිටියේ නෑ. ගොඩාක් වෙලාවට ඒ දෙන්නටම ඒකට උදවු කලේ music කියලා කිවුවොත් වැරදි නෑ. ඒ නිසාම Guitar එක play කරන්න වගේම එකට සින්දු කියන්නත් එයාලා පුරුදු වෙලා හිටියා.
ජිමින්ගේ උපන්දිනේට දවස් දහයකට පස්සේ ජියාගේ උපන්දිනේත් තියෙන නිසාම එයාලා හැම උපන්දිනේටම දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ ගෙදර ඇවිත් සති දෙකත් විතර නැවතිලා උපන්දින දෙකම සමරලා තමා යන්නේ. ජිමින්ගේ දොලොස්වෙනි උපන්දිනේත් ජිමින්ගේ ගෙදරදී සතුටින් සමරන්න තිබ්බත් ඒක කරන්න බැරි වුනේ තාත්තා යන්න කලින් ජියාට එයාලා England යන බව කිවුව නිසයි. තාත්තට කොච්චර කිවුවත් තාත්තගේ තීරණේ කිසිම වෙනසක් වුනේ නැති ජියා හිටියේ ගොඩාක් ලොකු තරහකින් වගේම දුකකින්. එයාට කොහෙත්ම ඔනේ වුනේ නෑ දන්න හැම කෙනෙක්ම අතෑරලා දාලා පිටරටක තනිවෙන්න. විශේෂයෙන්ම ජියාට ඕනේ වුනේ නෑ ජිමින්ව දාලා යන්න. ඒ නිසාම එයා ජිමින්ගේ ගෙදර ආවේ අඩාගෙනමයි. ජියා අඩන එක නතර කරගන්න කරන හැම දේකින්ම වුනේ එයාට තව තවත් කේන්ති ගිහින් එයා තව තවත් කලබල කරපු එකයි. මේක නවත්තන්න ඕනේ වුන ජිමින්, ජියාට කිවුවේ අඩන එක නවත්තන්න එයාගේ ඕනේම දෙයක් දෙනවා කියලා.ඒත් ජියා ඉල්ලුවේ ජිමින් කවදාකවත් කාටවත් අල්ලනවත් දෙන්නැති ජිමින්ට වටිනම දේ.

YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්රේමයක්ම කදුලින් අව...