වර්තමානය
ජියා එයාගෙ ඇස් දෙක හෙමින් හෙමින් ඇරියෙ කාලෙකින් දැනුන සනීප නින්දෙන් ඇහැරෙන්න තියෙන අකමැත්ත නිසයි.ඇස් වලට ඉර එලිය ආගන්තුක වුන නිසා කෙල්ලට හරියට වටපිට දකින්න තව ටික වෙලාවක් ගියා.
තමන් ඉන්නෙ කොහෙදවත් කියලා දන්නැති ජියා කලබලෙන් වගෙ කෙලින් වුනා.
'මේ කොහෙද? මන් කොහොමද මෙතනට ආවෙ?මේ තැනත් අර මිනිස්සුන්ගෙද? නෑ වෙන්න බෑ... මේ ජනෙල් ඔක්කොම ඇරලා දාලා.. ඒ වගේම මේ තැන හුඟක් පිලිවෙලයිනෙ. මේක හිර ගෙයක් නෙවෙ.. කාගෙහරි ගෙයක්.. ඔව් කාගෙහරි ගෙයක්.. ඒත් කාගෙද?!'
ඇදෙන් බිමට බැහැපු ජියා ඉස්සරහ තිබුන ජනේලෙ ලගට ගිහින් එලිය බැලුවා. ඒ වෙලාවෙයි ජියා දැනගත්තෙ එයා ඉන්නෙ ලොකු බිල්ඩින් එකක උඩ තට්ටුවක තියෙන එපාර්මන්ට් එකක කියලා.පහල බලපු ජියාගෙ හිනාව තප්පරෙන් තප්පරෙ අලුත් වුනා.
'සෝල්!!දෙවියනෙ!!! මන් ඉන්නෙ සෝල් වලද එහෙනම්!!!' කෙල්ලගෙ ඇස් වල කදුළු පිරුනෙ හිතේ තිබුන සතුට වැඩි කමට. හුඟ කාලෙකට පස්සෙ හුරු පුරුදු පරිසරෙන් එන හුළඟ විදින ගමන් කෙල්ල ජනේලෙ ලඟට වෙලා හිටියා.ආයෙ කාමරෙ පැත්තට හැරෙන අතරෙ කෙල්ලට එතන තිබුන උස කණ්ණාඩිය දකින්න ලැබුනා.ජියා කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලන් හිටියා. කොටට තිබුන කොන්ඩෙ ඉන ගාවට විතර දික් වෙලා තිබුනත් වෙනදටත් වඩා තමන්ගෙ මූනෙ ලෙඩ පාටක් තියෙන බව කෙල්ලට හිතුනා.
'මූන සුදුමැලි පාටයි..කොන්ඩෙනම් හුගක් දික් වෙලා.මන් මේ තරම් කෙට්ටු වුනේ කොහොමද.. සමහරවිට මේ ඇඳුම් ටිකක් ලොකු නිසා වෙන්නැති...
මොකාක්?!!!!!!!😱
ඇඳුම්!!!!!!!😟
කෝ මගෙ ඇඳුම්?!මේ කාගෙ ඇඳුම්ද!! මම කොහොමද මේවා ඇදගෙන ඉන්නෙ!! කවුද මට මේවා ඇන්දුවේ!!'ජියා තමන් ඇදන් ඉන්න ලොකු වුනත් හරිම සුවපහසු කලිසමයි ලොකු ශර්ට් එකයි දිහා බලාගෙන හිතන ගමන් කාමරෙ දොර ලගට අඩිය තිබ්බා. දෙගිඩියාවක් එක්ක ජියා දොර අගුල කැරකෙවුවෙ ඒක ලොක් කරලා තියෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන්.ඒත් ජියාගෙ පුදුමෙකට දොර ලොක් කරලා තිබුනෙ නෑ.ජියා හෙමීට දොර ඇරලා එලියට ආවා.
YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්රේමයක්ම කදුලින් අව...