පැයක්..
පැය දෙකක්..
පැය දොලහක්..
පැය විසි හතරක්..
අන්තිම පැය වෙනකම්ම ජියා බලාපොරොත්තු තියාගෙන හිටියත් ජියාගේ තාත්තගේ ඇස් දිගටම තිබුනෙ පියවිලා.තාත්තාට වුන දේට හේතුව තමන් කියලා හිතන නිසා ජියා දිගටම අඬලා අඬලා හෙම්බත් වෙලා හිටියේ. තවත් අඬන්න කදුලු නැති තැන ජියා හොල්මනක් වගේ බලාගත්ත අත බලාගෙන හිටියා.ජිමින්, යුන්ගි,හේජින්, ටේ වගේම ජන්කුකත් ජියාගෙ මූනට හිනාවක් ගේන්න කොච්චර හැදුවත් ඒක හරි ගියේ නෑ.
සති තුනක් විතර ජියාගේ ජීවිතෙ දිගටම ගෙවුනේ තාත්තා ලගට වෙලා.ඇකඩමි එකවත් කම්පැනි එකවත් අඩුම ගානෙ එයාගෙම ෆැශන් ලයින් එකවත් ජියාට ගානක් වුනේ නෑ. ඒ වුනත් ඒ වගකීම ජියා එහෙමම අමතක කරලා දැම්මේ නෑ. මොකද තාත්තගේ head manager වගේම කොරියාවේ බ්‍රාන්ච් එක මෙච්චර කල් හැන්ඩ්ල් කරපු සොක් ජින් මැනේජර්නිම් නිසා ජියාට ඒ ගැන වදවෙන්න දෙයක් නෑ කියලා ජියා දැනගෙන හිටියා. ජින් ඒ හැම වගකීමක්ම භාර අරගෙන කම්පැනි එකේ හැමවැඩක්ම හරිම ලස්සනට පාලනේ කරපු නිසා ජියාගේ තාත්තා හිටියේ නැති වුනත් Kwan Group එකේ හැමදේම ගානට වුනා.
ඒත් ලොකුම ප්‍රශ්නෙ වුනේ ජියාගේ තත්වෙ.ජියා හිටියෙ හුස්ම ගත්තත් මැරුන කෙනෙක් ගානට.ජිමින් ලගින්ම හිටපු නිසා ජියා කෑම බීම ටික හරි වෙලාවට ගත්තේ ජිමින්ගෙ බලකිරීම නිසාමයි.
මේ සිද්ධි නිසා කොච්චර නරක දේවල් ගොඩක් වුනත් එතන එක හොඳ දේකුත් තිබුනා. ඒ ජියාගෙයි ජිමින්ගෙයි ආදර කතාව දවසින් දවස තවත් ලස්සනට ලියවුන එක. කොච්චර දුක් ගොඩක් අතරේ හිරවෙලා හිටියත් ඒ ආදරණීය කටහඬට වගේම ඒ සෙනෙහස පිරුනු බැල්මට ජියාගෙ මුළු ආත්මෙම සුවපත් කරන්න පුළුවන්කමක් තිබුනා. දවසින් දවස ඒ ආදරේට තව තවත් බැඳෙන එක නවත්තන්න ජියා දැනගෙන හිටියෙ නෑ. අම්මා වගේම දැන් තාත්තගෙ සෙනෙහසත් ලඟ නැති වුන ජියාගේ හැමදේම වුනේ ජිමින්ගේ ආදරේ..
"ආදරේ කියන වචනෙ මගෙ හිතේ තියෙන මේ හැඟීම් ගැන විස්තර කරන්න මදියි ජියා.. ඒත් මන් දන්න එකම දේ ඒක විතරයි... ඉතින් මන් ඔයාට ආදරෙයි... හැමදාටම.. හුඟාක් ආදරෙයි..මන් හැමදාටම ඔයාගෙ..ඔයාගෙම විතරයි..ඒ වගේම ඔයාගෙ සතුට විතරක් නෙවෙ හැම දුකක්ම හැම කරදරයක්මත් මගෙ.. ඒ නිසා මන් වෙනුවෙන්වත් සතුටින් ඉන්න ජියා..ඔයාගේ හිනාව මට ගොඩක් වටිනවා." හැමදාම වගේ හොස්පිටල් එකේ දවස ගෙවලා නිදාගන්න විතරක් ගෙදර එන ජියාගේ ඇද ලග බිම ඉඳගෙන ජියාගේ ඔලුව අතගාන ගමන් ජිමින් හෙමින් මිමිනුවේ ජියාගේ ඇස් හෙමින් පියවෙන අතරේ.
YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්‍රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්‍රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්‍රේමයක්ම කදුලින් අව...