ටික වෙලාවකින් ජියා ඉකිබිදින සද්දෙ ටික ටික අඩුවුනා.ඒත් ජිමින්ගේ හිතේ තිබුන වේදනාව නම් තාම එහෙමමයි.ඒ වෙලාවේ කොරිඩෝ එක ඈතින් ඇහුන අඩි සද්දෙන් ජිමින් තේරුම් ගත්තා ජියාගේ තාත්තා ඩොක්ටර් එක්ක එන බව.ඒ නිසා ජිමින් එයාගේ කදුලු ටික ඉක්මනට පිහිදගත්තා. ඒත් රතු වුන ඇස් දෙකේ තාම ඒ දුක ලියවිලා තිබුනා.
ජියාගේ තාත්තා එන ගමන් ජිමින් දිහා බලලා එයාගේ සුපුරුදු ආදරනීය හිනාව දැම්මත් ජිමින්ට හිතුනා ඒ බැල්ම ඇතුලේ පොඩි අමනාපයක හැගීමක් තියෙනවා කියලා.මොකද ජියාට හැමකරදරේම වුනේ ජිමින් එක්ක ඉන්නකොටයි.ඒ නිසා තාත්තගේ හිතේ ඒ ගැන මොනාමහරි තියෙනබව ජිමින්ට තේරුනා.
ටිකකින් එතනට ආපු ඩොක්ටයි තාත්තයි එක්ක ජිමින් ඇතුලට ගියා.ඇතුලට යනකොට යුන්ගි තාම ඇදේ ඉදගෙන හිටියත් ජියා හිටියේ යුන්ගිගේ තුරුලේ නෙවෙයි.ඒක ජිමින්ට පොඩි සහනයක් දුන්නත් ඇදට හේත්තු වෙලා හිටිය ජියාගේ මූනේ ලියවිලා තිබුනු ඒ හැගීම් වල මොකක් හරි ලොකු අවුලක් තියෙන බව දැනුන නිසා ජිමින්ගේ හිත තව රිදුනා.
ජියාව පරීක්ශා කරපු ඩොක්ටර් කිවුවේ අත ටිකක් පිච්චිලා තියෙන එක ඇරෙන්න ජියාට කිසිම ගැටලුවක් නැති නිසා තව ටිකකින් reports ආව ගමන් ජියාව discharge කරන්න පුලුවන් කියලා. ඩොක්ටර් එලියට ගියාට පස්සේ තාත්තා ජියාට කතා කලා.
"ඔයා හොදින් නේද දරුවෝ?😞 මන් හොදටම බයවුනා යුන්ගි කතාකරපු වෙලාවේ..ඇයි හදිස්සියේ පරන ගෙදරට ගියේ?" ඇද ලග තිබුන පුටුවේ වාඩිවුන ජියාගේ තාත්තා එහෙම අහද්දී ජිමින්ට වගේම යුන්ගිටත් ජියාගේ ඒ උත්තරේ දැනගන්න ඕනේ වුනා.
පොඩිකාලේ ඉදන්ම ජියාව තනියම බලාගත්ත නිසා තාත්තා ජියාට වෙන පොඩි දේ පවා ලොකුවට හිතන්න ගත්තා.
Business නිසා කොච්චර busy වුනත් තාත්තගේ ආදරේ අඩුවුනේ නෑ. මොකද මේ ලෝකේ පවුලකට කියලා ඒ දෙන්නට හිටියේ ඒ දෙන්නා විතරයි.ඒ නිසා දැන් තාත්තත් හිටියේ ලොකු අවුලකින්.පරන ගෙදර කොහොමද ගිනිගත්තේ? ඇයි ඒ වෙලාවේ ජියා එතන හිටියේ? තාත්තටත් මේ ප්රශ්න වලට උත්තර ඕනේ වුනා.ඒත් ඒ ඔක්කොටම වඩා තාත්තට ඕනේ වුනේ ජියාගේ ආරක්ශාව.

YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්රේමයක්ම කදුලින් අව...