ලග ලගම ඇහුන කටහඩ නිසා ජියයි ජිමිනුයි ඉක්මනට ඈත් වුනා.ඒත් ඒකට දෙන්නගෙම කැමැත්තක් තිබුනේ නෑ.
"ආහ්.. මන් ජියාව හොයන් ආවේ.. ජිමිනුත් මෙතනනේ.."
'අනේ අම්මපා මේ සුන්හීටත් එන්න වෙන වෙලාවක් තිබුනෙම නැත්ද?කොහෙන්හරි හොදම වෙලාවක් අල්ලලා මතුවෙනවනේ.😠😠' ටිකක් මත්වෙලා හිටියත් හිතට ආව දේවල් කියන්න ගියේ නැති ජියා සද්ද නැතුව පැත්තකට වුනා.
"සුන්හී.. ඔයා එනබව මන් දැනන් හිටියේ නෑනේ." එතන වාතාවරනේ ටිකක්හරි සාමාන්‍ය තත්වෙට ගන්න ඕනේ වුන නිසා ජිමින් එහෙම ඇහුවා.ඒත් ඇත්තටම සුන්හී එකපාරටම එතනට කඩන්පාත් වුන එක ගැන ජිමින් පුදුම වුනා.එයා ටීම් එකේ හිටියේ නැති නිසා බස් එකේ ආවේ නෑ.මොකද සුන්හී hotel එකට ආවේ එයාගේ driver එක්ක එයාගේ car එකෙන්.
"වැඩවලට උදවු වුන නිසා ඔයාගේ තාත්තා මටත් මේකට join වෙන්න කිවුවා.මට බස් එක මිස් වුනා උදේ.ඒ නිසයි මන් මගේ car එකේ ආවේ.අනික මේ සැරේ නැතිවුනත් මන් හැමපාරම ටීම් එකේ හිටියනේ ජිමිනා.. මේතරම් ඉක්මනට මාව අයින් කරනවද?" සුන්හි ජිමින් ලගට එන ගමන් කිවුවා.
'මාව නේද හොයන් ආවා කිවුවේ. දැන් මන් එක්ක වෙන්නැති මේ කතා කරනවා ඇත්තේ.හහ්..😒😒😒'
"සුන්හි.. ඇයි ඔයා මාව හෙවුවේ?" ජිමින්ගේ එල්ලෙන හදන සුන්හිව දැක්ක ජියාගේ හිතේ මොකක්දෝ ඉරිසියාකාර හැගීමක් තිබුනා.
"ආ ජියා.. මට ඔයාට විශ් කරන්නවත් බැරිවුනානේ එදා ඔයා ලස්සනට performance එක කරපු එකට. මන් හිටියනම් ඔයතරම් ලස්සනට කරන්නැතිවෙයි.ඔයා ඒක ලස්සනට කලා.😊😊ආව ගමන් මන් ඔයාව හොයාගෙන ඇතුලට ගියා.හේජින් කිවුවා ඔයා එලියට ආවා කියලා.ඒකයි මේ පැත්තේ හෙවුවේ." සුන්හි කිවුවේ ලස්සන හිනාවක් එක්ක ජියාගේ පැත්තට හැරිලා.
මොනාවුනත් සුන්හි ජියාව අගය කරපු එක ගැන ජියාට සතුටු හිතුනා.අද ලස්සන මොහොත සුනුවිසුනු කරපු එක ඇරෙන්න සුන්හිගේ කියන්න තරම් නරක ගතිගුනයක් අද වෙනකම්ම ජියා දැක්කේ නෑ.ඒ නිසා සුන්හී කියන්නේ ඇත්ත වෙන්නැති කියලා ජියා හිතුවා.

YOU ARE READING
I Belong To You | PJM | ✔
Fanfictionගිහින් අහපන් අහසින්, ප්‍රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්‍රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්‍රේමයක්ම කදුලින් අව...