Chapter 04

150 31 4
                                    

ජිවිතේ හරි පුදුමාකාරයි...හරියට වතුර වගේ පාටක් නෑ රහක් නෑ..හැබැයි නැත්තෙමත් නෑ..එතන තියෙන්නෙ නැතිකම නෙමෙයි තියෙන දේ අපිට පේන්නෙ නැති එක.....වතුර වගේ ඔහේ ගලායන ජිවිතේ බාදක ,තැනිතලා, දිය ඇලි වගේම දිය සුලිත් තියෙනවා..සමහර විට වතුරට හිතෙනවා ඇති තමන්ට කිසි පාටක් නෑ තමන්ට කිසි රසයක් නෑ..කරදරයි ,වෙහෙසයි විතරක් විදින ජීවිතේ කිසිම වටිනා කමක් නෑ කියල. ඒත් ඒ වතුරපාර දිහා පිට ඉදල බලන කෙනෙක්ටනම් ජිවිතේට එහෙම හිතෙන්නෙ නෑ එයාට පේන්නෙ ලස්සනට ගල්පර අතරින් කැරකි කැරකි රටා මවමින් ගලාගෙන යන රිදී නිල් දියපාරක්....

ඒය කාගෙහරි පිපාසය නිවාලන ජිවිතයම සනසන ජීවිතයක්ට පණපොවන දියපාරක් වෙන්න පුලුවන් .සාරවත් බුමීයක හරිත වර්ණය පතුරවන්නෙ ඒ දියපාර වෙන්න් පුලුවන් ..ඒ නිසා තමන්ගෙ ජිවිතේ ගැන කිසි වෙලාවක අවතක්සේරු කරන්න එපා...වතුරෙ වටිනාකම වතුරට  පෙන්නෙනෑ වගේ අපිටත් අපේ වටිනාකම තෙරෙන්නෙ නැතිවෙන්න පුලුවන් ඒත් තව කෙනෙක්ට අපි කන්තාරෙක තියෙන දියපොදක් වගේ ජිවිතේම සැනසීම වෙන්න පුලුවන් ..

Yuin wash එකක් දාගෙන ඇදෙට වැටුනෙ අද දවසගැන කල්පනා කරමින්...කිම් ලොයර්ගෙ කීම නිසා pdnim yuinට තනි room එකක් දීල තිබුන වගේ ස්ටාෆ් එකෙ අයවෙනුවෙන් දෙන හොදම රූම් වලින් එකක් උනා..අඩුම තරමෙ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් රූම් එකක් හරි තියෙන එක කෙල්ලගෙ හිතටනම් ඒක ලොකු සහනයක්...තනියම ඉන්න එක කෙල්ලට අලුත් දෙයක් උනෙ නෑ ඒත් ටික කාලයක් උනත් කිම් ලෝයර් එක්ක බොක්ජො මාමත් එක්ක ඉන්න පුරුදු උන යුඉන්ට නුහුරු පාලුවක් දැනෙමින් තිබුනා....
______________________________________

Yuin pov

සෝල් වල හද 🌙 එළිය ..ලංකාවෙ තරම් ලස්සන නෑනෙ..කිම් ලෝයර් මොනව කරනව ඇත්ද...ම්ම්ම්..අනිවාර්යයෙන් මොකක්මහරි වැඩකට නැති නඩුවක් ගැන,නිවිච්ච කෝපි කොප්ප ටිකක් පොලිමට තියාගෙන,.ලෝකෙම වතුර කෝපි උනොත් බොන්නෙ කෝප්පෙකින්ද පනිට්ටුවකින්ද කියල කල්පනා කරන කෙනෙක් වගේ බලාගත්ත අත බලාගෙන ඇති😂🙊...එතකොට බොක්ජො ..ලෝබ බොක්ජොනම් සතුටින් ඇත්තෙ එයාගෙ සෝජු බෝතල් හොරකම් කරන්න කෙනෙක් නැති නිසා..😏..මොනා උනත් මට ඒ දෙන්නම නැතුව පාලුයි..💔

PUPPY 🐻🌷Where stories live. Discover now