Chapter 36

75 8 3
                                    

#puppy
#chapter36

සතියකට ආසන්නයි...අදත් යුඉන් වැඩට ආපු නැති දවසක්...call එකක්වත් නැතුව එක සැරේට යුඉන්ගෙ නිහඩ බව සුමීට ගෙනාවෙ අමුත්තක්..ජන්කුක්ගෙන් යුඉන් ගැන අහන්න ඕන උනත් වෙනද වගේ ජන්කුක් සුමී එක්ක වචනයක්වත් කතා කලේ නැති නිසා..හිතාමතාම මග ඇරපු නිසාත්..ජන්කුක්ගෙන් යුඉන් ගැන අහන අදහස කෙල්ල හිතින් අත්හැර ගත්තා...සුමී කොච්චර හුරුබුහුටි කෙනෙක් උනත් staff එකෙන් කෙල්ලට ලැබුනෙ හොද පිළිගැනීමක් නෙමෙයි ..සමහර විට PDගෙ හිතවත් කමට මේ රැකියාවට ඇතුලත් උන නිසා වෙන්න ඇති..ඒ නිසා සුමී ගොඩක් දුරට හිටියෙ තනිවෙලා...සුමීට හිටිය එකම හිතවතා උනේ යුඉන්..ඒත් දැන් එයත් නෑ...විශාල ගොඩනැගිල්ලෙ ඉහල මහලෙ වීදුරු බිත්තියෙන් එහා පේන සෝල් නගරය දිහා කෙල්ල බලන් හිටියෙ හිස් හැගීමෙන්...ජිවිතේම හිස් බවක් දැනුනා...බරට සුසුමක් හෙලපු කෙල්ල මේසෙ මතින් හිස තිබ්බෙ ඈත පේන දසුනෙන් ඇස් ඉවතට ගන්නෙ නැතුවමයි...මදකට ඇස් පියාගත්තෙ දැනෙන කාන්සියෙන් මිදෙන්න...ඇස් වහන් අතීතෙට ගිය කෙල්ල මතක් කලෙ යුඉන් එක්ක සතුටින් හිටිය දවස්..බුම්මගෙන ඉන්න ඒ මුනෙ හිනාවක් දකින්න කෙල්ල කියවපු තරම්..කාර්නිවල් එකෙ ඇවිදින්න ගිය හැටි..ජන්කුක් තමන් ඇඩෙව්වම සුමී ජන්කුක් එක්ක රන්ඩු උන හැටි...ඒ මතක පාලු හිතට සතුටක් එක්කලා...ජන්කුක් ,සුමී,යුඉන්..එකට හිටිය කිසිම වෙලාවක්..අලස ඒකාකාරී  මොහොතවල් උනෙ නැ...එක්කො තරහින්..සතුටින්..නැත්ත දුකිකකින් හරි ඒ හැම මොහොතක්ම පිරිල තිබුනා..ඒත් යුඉන් නැතුව ,ජන්කුක්ගෙ නපුරුකම් නැතුව ගෙවුණු මේ හැම දවසක්ම කිසිම හැගීමක් නැති හිස් දවස් උනා.....ඒ මතක පියවුන නෙතගට කදුලක් උනන්න සැලැස්සුවෙ...කෙල්ලටත් නොදැනීමයි..ඇයි මේ තරම් හිස් කමක්..ඒ යුඉන් නැති නිසාද..එහෙම නැත්තන්..එහෙමත් නැත්තන් ..ජන්කුක්ගෙ වෙනස් වීමද..ජන්කුක් කොහොමත් තමන්ට හොදින සැලකුවෙ නෑ..එහෙනම් හිත මෙච්චර කල් පිරිල තිබුනෙ යුඉන් නිසාද...

"Hello sumi"

මෙච්චර වෙලා මතක එක්ක තනිවෙලා හිටිය කෙල්ල ගැස්සිලා ඇහරුනෙ...අසලින් ඇසුන ඇමතුම නිසා..

"Yuin"

කතාකල පුද්ගලයා සුමී දිහා බැලුවෙ සුමීව තේරුම ගන්න බැරිබව මුහුනෙ ඉරියවු වලින් පෙන්නමින්..

PUPPY 🐻🌷Where stories live. Discover now