chapter 15

105 30 3
                                    

Tea pov

එදා..අදුරු දවසක් ..ඒ දවස වගේම ඒ දවස මගේ ජිවිතේටත් අදුරක් එක්කරයි කියලනම් මම හිතුවෙ නෑ...tranee කෙනෙක් උනාට පස්සෙම මගේ ජිවිතේ කාර්යබහුලම කාලෙ උනා..academy යන්න..practice වෙන්න..ඒ දේවල් වලට මට පැය 24ත් මදි උනා..ඒත් ජූන් හියුන්ට වැදල වැදල එවුන්ව meet වෙන්න යන්න පොඩි chance එකක් ඉල්ල ගත්තෙ හරි අමාරුවෙන් ...එවුන් නැති පාලුව මට මහ ගොඩක් දැනුනා..එවුන්ටත් එහෙම වෙන්න ඇති .මොකද මගේ වගේම එයාගෙත් frist love එක මම...school එකෙන් අයින් වෙලා academy යන්න පටන් ගත්තම මට එවුන්ව දකින්න ලැබුනෙම නැති තරම්...

සෝල් වලින් පොඩ්ඩක් මෙහාට වෙන්න තියෙන පොඩි කදු මුදුන බ්ලූවෝල් හිල් එක, රෑටනම් මෙතන කාර්යබහුල තැනක් උනත් දවල් වෙලාවට මෙතන  කට්ටිය හිටියෙ අඩුවෙන්..සමහර දවසට ඇත්තෙම නැති තරම්...ඉතින් එවුන් වගේම මමත් නිදහසෙ ඉන්න ඕන දවසට මෙතනට ආව...මුලු සෝල් වගේම සෝල් මැදින් ගලන් යන හන් ගගත් හරි ලස්සනට මෙතනට පේනවා...රෑටනම් මෙතන ගොඩක් ලස්සන තැනක්ලු කවදහරි එවුන් එක මෙතනට ඇවිත් තරු බලන්න ලස්සනට එලිය වැටිල තියෙන සෝල් දිහා බලන් ඉන්න එක මම දැකපු හීන වල උඩින්ම තිබුන හීනයක්....

එවුන් එනකන් මම කදු මුදුනට ඇවිත් බෙන්ච් එකකින් වාඩි උනේ අඩන්න ඕන්න මෙන්න බලන් ඉන්න සෝල් අහස දිහා අමනාපෙන් බලනගමන්..අපි ඉදල ඉදල meet වෙන්න හදන දවසෙම ඔයාට වහින්න ඕන උනානේ....කදු අයිනට වෙන්න තිබුන බෙන්ච් එකක වාඩි වෙලා හිටියෙ  පුංචි ගෑනු ලමයෙක්.. එයත් මම වගේම කවුරු හරි එනකන් බලන් ඉන්නවා වගේ...

එවුන් එනවා කිව්ව වෙලාවත් පහුවෙලා නිසා මම phone එක අතට ගත්තෙ එවුන්ට call එකක් ගන්න...phone එකත් කනේ තියාගෙන නිකමට බැලුවෙ අර පුංචි කෙල්ල දිහා..දෙයියනේ ඒ ලමයා අච්චර කදු අයිනට ගිහින් ඉන්නෙ ඇයි..අනේ මම හිතන දේනම් වෙන්න එපා.....තව තප්පරයක්වත් පරක්කු නොකර එතනට දිව්වෙ මම හිතපු දේනම් වෙන්න එපා කියල දෙයියන්ගෙන් ඉල්ලන ගමන්...ඒත් මට වඩා කෙල්ල ඉක්මන් උනා...ඒත් ඒ ළමයගෙ වාසනාවට මගෙ අත් එයාට වඩා වේගවත් උනා...කොච්චර වේගෙන් ඒ ළමයා මගේ පැත්තට ඇදල ගත්ද කියනවනම් දෙන්නම විසිවෙලා බිමට වැටිල වට දෙකක් පෙරලිල ගියේ දෙන්නටම තුවාල එකතු කරමින්...

PUPPY 🐻🌷Tempat cerita menjadi hidup. Temukan sekarang