Episode 03

282 56 6
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 03

"මොකද්ද.. ඔයාට.. ඕනි.. උදව්ව?"

වචන කීපයක් ගැටගහත්ත දක්ස මං!

"මේකයි..."

"යක්ෂයොත් දේවදූතයොත් අතරින්... යක්ෂයන්ගෙත් යක්ෂයා, දේවදූතයන්ගෙත් දේවදූතයා කරන්න ඔයා මට උදව් කරන්න ඕනි...!"

Previous episode :-

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌  

"මොකක් පිස්සුද?"

"ඇයි පිස්සුද අහන්නෙ?"

"ඒ මොන අපබ්‍රංසයක්ද කියෙව්වෙ?"

"ඒක ඔයාට තේරුම් ගන්න අමාරු බව මං දන්නවා.."

"බලන්න... මට කල් ගිහිල්ලවත් ඒක දැනගන්න උවමනාවක් නෑ. මං කැමති නෑ අමාරුවෙ වැටෙන්න. ඔයා කියන මේ විකාර මට තේරෙන්නෙත් නෑ.."

ජේ ජේගෙ මූණෙ මතු වුණේ කරදරකාරී පෙනුමක්. මටත් දැනුණෙ එහෙම හැගීමක්. මං ආස නෑ කරදර වලට. ඒ නිසාමද මංදා මං ජීවිතේ එන ප්‍රශ්න,මිනිස්සු හැමදේම ගැන බැලුවෙ අවිනිශ්චිත හැගීමෙන්. මං දෙයක් විශ්වාස කරන්න යද්දි ඔළුවෙ ඇතුළෙ ඉදන් මගෙ මොළේ,

'අහවල් තැන අහවල් කෙනාටත් ඔහොම වෙලා මතක නැද්ද කෙළ වුණා? ගොනෙක් වෙන්නද යන්නෙ?"

කියලා මුමුණනවා. සිය සැරයක් හිතලා හිතලා විශ්වාසෙ හැමදේම නැති වුණාම මං තීරණයක් ගන්නවා. රැවටීමකට ඇද වැටීමකට ලක් වෙන්න මට ඕනි වුණේ නෑ. එහෙම වුණ වෙලාවට මං විශ්වාස කලේ නෑ ඇද වැටුණෙ නෑ කියලා හිතන්න මට ඕනි වුණා. ඒත් හැමදේකදිම වගේ එතනදිත් උනේ අනික් පැත්ත. මට මං ගැනම නැති විශ්වාසය හිංදා හුගක් දේවල් අහිමි වුණා.

සාමන්‍ය පෙනුමක් තිබ්බ සාමාන්‍ය ළමයෙක් වුණ මට හැමදාම ලැබුණෙ සාමාන්‍ය ලකුණු. කොලේජ් එකේදිත් මං දීප්තිමක් ශිෂ්‍යාවක් වුණේ නෑ.

"මං ඔයාට කතා කරන්නෙ.. අහන් ඉන්න..."

එයා දැන් මට ටිකක් ළං වෙලා පහසුවෙන් ඉදගෙන හිටියා..

"යක්ෂයින්ගෙත් යක්ෂයා? සාතන්?"

මං ඇහුවා..

"නෑ.. මේක ඊට වඩා සංකීර්ණයි..."

"දෙවියන්ගෙත් දෙවියා වෙන්න ඕනි දෙවියෙක් මිසක් යක්ෂයෙක් නෙවේ..."

The Devil of the DevilsWhere stories live. Discover now