Episode 26

101 33 3
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 26

නෑ... මේක වෙන්න බෑ... මේක වෙන්න දෙන්න බෑ... මං දස දහස් වතාවක් මිමිණුවා.

වේදිකාව හරහා වේගෙන් මං දුවගෙන ගියා.

"බෙලිස්සා එපා..."

ඒඩ්න් කෑගහනවා මට ඇහුණා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"ඒකිව අල්ලගනින්..."

ඇග්‍රගෝන් කෑගැහුවා. තත්පරේකින් මගෙ සිරුර වටේට යදම් බැදුණෙ මං එහෙම්මම වේදිකාවෙ ඇබිගෙල්ට මීටර් කීපයක් පිටිපස්සෙන් වැටෙද්දි.

ස්තෝත්‍ර ගායනාව දිගටම ගිහින් අවසානය උදා වුණා. ඇඩුම් පාලනය කරගන්න බැරුව මං ඇස් පියන් අඩද්දි ඒ මූසල කාලකණ්නි ආයුධ පොළොව වදින සද්දෙ ඇහුණා.

සීතල සුළං රැළි හමද්දි මං ප්‍රාර්ථනා කරේ අනේ මට කවදාවත් ආපහු ඇස් අරින්න බැරි වේවා කියලා. ඇබිගෙල්... අනේ ඇබිගෙල්... කොච්චර ද්‍රෝහි වුණත් මට බෑ එයා යක්ෂයෙක් වෙනවා දකින්න. එයාගෙ මනුස්ස ජීවිතේ විනාස වෙලා යනවා දකින්න මට බෑ දෙයියනේ.

ඝන්ඨාරය දිගින් දිගටම නාද වුණා. මළසිරුරු ඇදිලා යන සද්දෙ ඇහුණට පස්සෙ මං ඇස් ඇරියා. ඒ එක්කම ශක්තිමත් දෑතක් මාව අල්ලගත්තා. අපි අතුරුදහන් වුණේ තත්පරෙන්.

"ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ?"

ජේසන් මාව බිත්තියකට තද කරේ මං පණුවෙක් වගේ දගලන හින්දා.

"ඇස්මෝඩීයක් පූජාව ඉවර වෙනකොට ඔයාව එතනදි දැක්කොත් මරලා දායි. මෝඩ වැඩ කරන්නෙ ඇයි?"

"මට යන්න දෙන්නහ්... ඇයි මාව නැවැත්තුවෙ... මට ඇබිගෙල්ව බේරගන්න ඕනි එයාට යක්ෂයෙක් වෙන්න දෙන්න බෑ"

මං පයින් ගගහා දැගලුවා. මගෙ උරහිස් වලින් අල්ලන් ජේ ජේ බලන් හිටියෙ ගල් පිළිමයක් වගේ.

"එයා කැමැත්තෙන් ඒක කරන්නෙ. ඔයාට අයිතියක් නෑ ඒකට මැදිහත් වෙන්න"

"ඔයා කොහොමද එහෙම කියන්නෙ? ඔයාලගෙ විකාර වැඩ වලට එයාගෙ ඔළුව අවුල් වෙලා. එයාගෙ හරි සිහිය ආවම යක්ෂයෙක් වෙන එක ඔළුවෙන් අයින් වෙයි"

මං කෑගැහුවෙ කොරිඩෝවම දෙවනත් වෙන්න. බෙල්ල මිරිකලා මරලා දාන්න තරම් මට කේන්තියි.

The Devil of the DevilsWhere stories live. Discover now